සිතුවිලි අරණ Sithuvili Arana

සිතුවිලි අරණ Sithuvili Arana නිදහස් සිතුවිල්ලකට ඉඩහසර ලබාදී...
ගොන

L
11/07/2020

L

02/06/2020
28/05/2020

මාස කිහිපයක දිගු නිහැඬියාවක්න් පස්සෙදැන් ටික ටික ජන ජීවිතය යථා තත්වයට පත් වෙනව. අපි ජීවිතේ කවදාකවත් අත්විඳපු නැති දේවල් ගොඩක් මේ කාලය තුලදි අත්වින්ද. ජීවිතේ පලවෙනි වතාවට අහපු ලෙඩක් වසංගතයක් වෙලා අපේ ජීවිතවලට අැවිල්ල ජීවිතේ ගොඩක් වෙනස් කලා. අපිට දීර්ඝ නිවාඩුවක් හිමිකර දුන්න. අපිට අපේ සංස්කෘතියෙ ගොඩක් දේවල් මතක් කරල දෙන්නත් මේ වසංගතයට හැකිවුණා. අායුර්වේද ඔෟෙෂධ පාවිච්චි කරන්නත් ගොඩක් දෙනෙක් හුරුවුණා. ජීවිතෙන් භාගයකටත් වැඩිය නැත්නම් මුළු ජීවිතේම නමින් ශ්‍රී ලාංකික වුණු ගොඩක් දෙනා නැවත මව් රටට පයගස්සවන්නත් මේ කොරෝනාවට පුළුවන වුණා. ඔය සියලුම දේවල්වල වලට අමතරව අපේ කාන්තාවන් ගොඩක් දෙනෙක් ජීවිතේ පලවෙනි වතාවට කෑම උයල තියෙන්නෙත් මේ කාලය අැතුලත තමයි.

කොහොම හරි එ් හැම දේකටම පස්සෙ දැන් අපි ටික ටික පරණ ජීවිතේට අායෙත් එනව. එහෙම එනකොට අපි අපේ ජීවිත වල වෙනසක් එක්ක එනවනම් අපේ රට එදාට වඩා හොඳ තත්වයකට ගෙන එන්න පුළුවන් බව මට විශ්වාසයි. හැබැයි එ්කට අපි පොඩි පහේ කැපකිරීම් ටිකක් කරන්න වෙනව. අපි හැමෝම. කොහොම උනත් අපි පටන් ගන්න ජීවතේ ටිකක් පරිස්සම් වෙලා ඉදිරියටත් ගත කලොත් තමයි හොඳ.

අපි හැමෝම එ් විදියට එකතුවෙලා අපේ මේ පුංචි දිවයින ලෝකෙන්ම සුන්දරම සහ ශක්තිමත්ම රට කරන්න කැපවෙමු....

27/05/2020

උත්සාහ දැරීම සැමවිටම අපහසුතාවයකි...
එය විටෙක සතුරෙකු මෙන් පෙනී සිටියි...
තවත් වටෙක ත්‍රස්ථවාදියෙකි...
නමුත් සැබැවින්ම කල්‍යාණ මිතුරෙකි...
නමුත්,
කම්මැලිකම සහ ප්‍රමාදය
අත්වැල් බැඳගත් මිතුරන්මෙන්
පෙනී සිටනා
රම හතුරෙකි...

27/05/2020

හිරි පොද වැස්සෙන් පිරුණු
අහස් ගැබ හිරු කිරණ
වළාකුළු අතර හංගලා...
කළුවර පිරුණු
මළානික උදෑසනක
කම්මැලිකම ගත පුරෝගෙන
නිදන්නට අවැසි වුවත්...
ජීව්ත සටනින් එයට නෑ
කිසි ඉඩක්...

26/05/2020

අවියෙන් සැමවිටම ත්‍රස්ථවාදය පෝෂනය කරයි...
නමුත්,
අධ්‍යාපනයෙන් ත්‍රස්ථවාදය ඉවත් කල හැකිවෙයි...

26/05/2020

අළුතින් යමක් කරන්නට උත්සාහ නොදරනා තාක් කල් ඔබ අතින් කිසිදු වරදක් සිදු නොවෙයි...

Address

Kalagedihena

Telephone

+94775932949

Website

Alerts

Be the first to know and let us send you an email when සිතුවිලි අරණ Sithuvili Arana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සිතුවිලි අරණ Sithuvili Arana:

Share