07/03/2026
🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
සංජානන ආබාධ වලට කැප කළ ජීවිත..
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
🤔 මොකක්ද ඒ සංජානන ආබාධ... උපත් ආබාධ කියලත් කියනවා. 😊 හැබැයි සංජානන ආබාධ කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අර්ථ දක්වන්නේ....
"ගර්භාෂයෙදි ඇතිවන ව්‍යුහාත්මක හෝ ක්‍රියාත්මක තත්වයෙ ගැටළු" කියලා. ඒ කියන්නෙ ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එකතු වෙලා පළමුවැනිවම ඇතිවන සෛලය අවස්ථාවෙ ප්රතිස්ථාපනයවන ගැටළු.
🤗 ඉතිං ඔය ගැන දැනුවත් වීමේ සතියක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය (Health Promotion Bureau) නිවේදනය කළේ මාර්තු 02 වැනිදා ඉඳන් 08 වෙනිදා දක්වාම.
🤗 ඒ "ලෝක සංජානන ආබාධ පිළිබඳ දිනය" (World Birth Defect Day) මාරුතු 03 වෙනිදාට මුළු ලෝකයම අවධානය යොමුකරන දවස සමග සමපාත කරලා.
🤗 මේ කියන ආබාධ ගැන, මේ වනවිට ලෝකයේ අධ්‍යයනයන් රාශියක් කෙරෙමින් පවතිනවා. මුල්ම කාරණය තමයි, උපදින දරුවෙකුට ආබාධයක් සහිත වීම, දෙමාපියන්ට, පවුලකට වගේම පොදුවෙ සමාජයක් විදිහට සැලකුවත්, සමාජීය සහ ආර්ථික ගැටළුවක්. 😔
🤗දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුනාගෙන තියෙන විදිහට සංජානන ආබාධ වලින් 50%ක්ම තවම අභිරහසක්. එහෙම වෙන හේතුවක් දන්නෙ නෑ. 🧐
🟣 5% ක් විතර තමයි අපේ පෝෂණ ඌණතා නිසා සිදුවන සංජානන ආබාධ තියෙන්නෙ. ඉතින් ඒකට තමයි ෆෝලික් ඇසිඩ් 🥗(Folic Acid) ගැන, 🧂අයඩින් ගැන (Iodine) , 💪යකඩ ගැන (Iron) අවධානය දෙන්නේ.
🫄තව 5%ක් විතර ගර්භනී සමයේ විෂබීජ 🦠 ආසාදන නිසා, කළලයට ඇතිවන බලපෑමෙන්, සංජානන ආබාධ ඇතිවෙනවා. රුබෙල්ලා (Rubella) එන්නත් 💉 කරන්නෙත් අන්න ඒ වගේ ආබාධ වළක්වන්න.
🖐️ ඔයාලා දන්නවද ? මේ වෙනකොට ජාතික ප්‍රතිශක්තිකරන වැඩපිළිවෙළ නිසාම, අපේ රටේ වර්තමාන 🧑⚕️ වෛද්‍යවරු බොහොමයක් දෙනාටම පෝලියෝ, ගලපටලය ආසාදිත රෝගීන් දකින්නවත් ලැබෙන්නේ නෑ. 🤷ඒවා තුරන් වෙලා තියෙන්නේ. ඒක බොහොම සතුටට කාරණයක්. 🙋
🤗 සංජානන ආබාධවලින් 10%කට වැඩියෙන් ඇති කරනවා 🚬 දුම්වැටි සහ 🍻 මධ්‍යසාර ආශ්රිත පුරුදුවලින්. දිගු කාලීනව වැඩිහිටියන්ට ඇතිවන 🤕අක්මාව සහ 🫁 පෙනහළු ආශ්රිත රෝග, 🫀හෘදයාබාධ හැරුනාම, මව් කුසේ 🫄 ඉන්න දරුවට 🧬ජාන විකෘතිතා ඇතිවීම පවා, මේ පුරුදු නිසා වැඩි වෙනවා. 📈
🤗 මීට අමතරව 30%ක්ම 🧬 ජානමය වශයෙන් පවතින ව්‍යාකුලතා නිසා ඇතිවන බවත් හඳුනාගෙන තියෙනවා. වැඩි වැඩියෙන් ජාන අධ්‍යයනයට නැඹුරුව වැඩි වීම නිසා මේ තත්වය ඉතා ශීග්‍රයෙන් වෙනස්වෙලා හඳුනා නොගත් ප්‍රතිශතය අඩුවෙමින් පවතිනවා. 📉
🎭 මඳ සරු භාවය, සාඵල්‍යතාවය, නැතිනම් දරුවන් ගැබ්ගැනීමේ අපහසුතා ඇති අය අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් සමතුලිත විතැන්වීම් (Balance translocations), නම් වූ ජාන ව්‍යාකූලතා නිසා සිදුවන බව පෙනෙන්නට තියෙනවා.🙋 නියම සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරන්න බැරි වෙන්නේ පුළුල් මට්ටමේ පර්යේෂණ කිරිලා නැති නිසා. හුදෙකලා සිද්ධිමය වශයෙන් වුනත් සෑහෙන දෙනෙක් අනාවරණය කරගෙන තියෙනවා.
🤗 අනිත් කාරණය තමයි, නැවත නැවත සිදුවෙන ගබ්සාවීම්, ( Recurrent Pregnancy Loss), වලට හේතුවක් විදිහටත් ජානමය අසමතුලිතතාවයන් හඳුනාගෙන තියෙනවා. සංජානන ආබාධ වළක්වා ගන්නට, යුවළකගෙ ජාන අසමතුලිතතාවන් පවතිනවාද යන්න දැන ගැනීම වැදගත් වන්නෙ මේ නිසායි.
🙋 සංජානන ආබාධ සහිත දරුවෙක් නිවැරදි රෝග විනිශ්චය ලබා ගත්තහම වෛද්‍යවරුනට පහසු වෙනවා ඒ දරුවාගේ ජීවන දර්ශකය ඉහළ නංවන්න. එයින් දෙමාපියන්ටත් පවුලේ අනිත් දරුවන්ටත් පොදුවේ සමාජයටත් රටක් විදිහටත් ඉතාම ප්‍රයෝජනවත් වෙනවා.
🙋 දිගු කාලීනව මෙවන් සංජානන ආබාධ තියෙන කෙනෙක් ජීවත්වීම ඉතාම ත් වෙහෙසකර කාර්යයක්. 🤱විශේෂයෙන්ම දෙමව්පියන්ට. ඊට අමතරව පවුලේ සිටින අනෙක් දරුවන්ට. අපිට හැකිය නම් ඒ වෙහෙසට යම් රුකුලක් දීමෙන් ඒ අයගේ ජීවිත පහසු කරවන්නට, ඒක තමයි මේ දැනුම පුළුල් කිරීමේ වැඩසටහනේ අරමුණ.
🤗 පේරාදෙණිය, සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ අධ්‍යක්ෂතුමාගේ පූර්ණ අනුමැතියෙන්, ඊයේ දවසේ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා.
🤗 ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) ට අනුබද්ධ, සංජානන ආබාධ පිළිබඳ විද්වත් කමිටුව ( Exper Committee of Birth Defects) මේ සතිය තුළ වැඩසටහන් කීපයක් සූදානම් කරලා තිබුණා. මහනුවර වැඩසටහන සංවිධානය කරන්නට සම්පත් දායකත්වයෙන්, ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් මහතා ඉතාම උනන්දුවෙන් මට සහයෝගය දුන්නා.
🧑⚕️ජ්‍යෙෂ්ඨ මාතෘ හා නාරි ප්‍රසව වෛද්‍ය විශේෂඥ වෛද්‍ය නවාස්, ජ්‍යෙෂ්ඨ ළමා රෝග විශේෂඥ වෛද්‍ය කැකුලාවල, ඇතුළු මා හිතවත් විශේෂඥ වෛද්‍යවරු කීප දෙනෙක් මේ වැඩසටහනට සහභාගි වුණා.
🤗 සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලෙන්, පේරාදෙනිය ශික්ෂණ රෝහලෙන්, මහනුවර ජාතික රෝහලෙන්, මාතලේ දිස්ත්‍රික් මහ රෝහලෙන්, ගම්පොළ මූලික රෝහලෙන්, මේ වැඩසටහනට වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් සමඟ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් මහත්මීන්, බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි ප්‍රමාණයක් සහභාගී වීම සතුටට කාරණයක්. 😊
🙋 අලුත් දැනුම ග්‍රහණය කරගෙන, එයින් රෝගී සත්කාරය වඩා ශක්තිමත් කිරීමට, ඒ ඔස්සේ නිරෝගිමත් දරු පරපුරක් බිහිකිරීම සඳහා මේ වැඩසටහන වෙනුවෙන් කටයුතු කළ සියලු දෙනාට, මාගේ සතුට සහ ස්තූතිය පුදකළා.
🤗 ඉතාමත්ම ආකර්ෂණීය වූ, සාකච්ඡා, ගැටලු නිරාකරණය කරගැනීම සහ අදහස් හුවමාරු කර ගැනීම් වලින් සුපෝෂිත වූ මේ වැඩසටහන අවසානයේ හරිම ආශ්වාදජනක හැඟීමකින් සිත පිරී ගිය බව හැමෝගෙම මුහුණුවලින් පෙණුනා. 😍
වෛද්‍ය නවාස්, අපේ ජ්‍යෙෂ්ඨ ඇදුරුතුමන්, මෙතැනදී හරි අපූරු කතාවක් කීවා.
ඒ තමයි... "තුෂාර මේ ඔයා කළේ, මෙතනට ආපු අය කළේ, එයාලගේ ජීවිතය කැප කළා. මේක සංවිධානය කරන්නට මේ සඳහා සහභාගී වන්නට තමන්ගේ ජීවිතයෙන් ම පැය ගණනක් වෙන්කරපු හැමෝටම වෙන වැඩක් කරන්න තිබ්බ වෙලාව තමන්ගේ පෞද්ගලික වැඩකට යොදන්න තිබ්බ වෙලාව තමයි මේ රාජකාරිය වඩාත් කාර්යක්ෂමව ඵලදායීව සිදු කරන්නට ආයෝජනය කළේ. හැබැයි ඒ කාලය නැවත ගන්නත් බැහැ. ඒ නිසයි මම කියන්නේ ඒක ඔවුන්ගේ ජීවිතයෙන් වෙන් කළ කාලයක්."
😍 සර්ගේ වචන අප තුළ ඇති කළ ධෛර්යය මෙතෙකැයි කියන්නට බැහැ. හැමදාමත් යහපත් ආකල්ප, සංකල්ප, තමා ඇසුරේ ඉන්නා අය අතර බෙදා හදා ගැනීම එතුමාගේ ස්වභාවය. 🤗
🙋 සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ, 🧬 ජාන රෝග පිළිබඳ සායනය පිහිටුවන්නටත්, ජාන පිළිබඳව 🔬පරීක්ෂණ පැවැත්වීම සඳහා අපහසුකම් සලසන්නටත්, අදාළ පරීක්ෂණ ආයතන හා සම්බන්ධීකරණය කරන්නට අවශ්‍ය විවිධ පහසුකම් සලසන්නටත්, අවශ්‍ය අවස්ථාවන්හිදී 🧪රුධිර සාම්පල සුරක්ෂිතව ගබඩා කර ගන්නටත් පහසුකම් සැලසූ, ඒ පිළිබඳව 🧑💼පරිපාලනමය වගකීම සහ වගවීම දැරූ සහ දරන, රෝහල් අධ්‍යක්ෂකතුමන්ට ඔහු අභිමුවෙහි තබාගෙන ප්‍රශංසා කරන්නට මා කටයුතු කළේ, අප එසේ කළ යුතුම නිසා.
😍 කෙනෙක්ව ප්‍රශංසා කරන්නට, විශේෂයෙන්ම අභිමුවෙහි තබාගෙන ප්‍රශංසා කරන්නට කටයුතු කිරීම ඉතාම වැදගත් වන්නේ, නැති තැන ප්‍රශංසා කිරීමට වඩා, ප්‍රශංසාව ලබන්නා තුළ එයින් අභිමානයක්, ගෞරවයක් සහ තෘප්තියක් ඇතිකරන නිසාවෙන්මයි. 😍
🤗 බොහොමයක් අරමුණු, ඒ හැම අරමුණක්ම යහපත් වූ නිසාමත්, හිතුවාටත් වඩා සාර්ථකව සපුරා ගන්නට හැකිවීමත් නිසාම තෘප්තිමත් කාර්යබහුල වූ සතියක් නිමාකර, සතුටින් සිටින මම....
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
දරුවන්ට ආදරය කරමු...
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰