හෙළ ඔසු පියස - Hela Osu Piyasa

හෙළ ඔසු පියස - Hela Osu Piyasa නිවැරදි ඔසු ශාක හා අභාවයට යන පාරම්පරික සිංහල ඖෂධ නැවත මතක් කර දී ප්‍රයෝජනයට ගැනීමට හඳුන්වාදීම අරමුණයි

“යෝ පූර්ව වෛද්‍යාය නමොස්තු තස්මෛ!”

ශ්‍රී ලංකාව සතු මහාර්ඝ වස්තු 2 ක් ඇත. එනම් ථෙරවාදී බුදුදහමත්, දේශීය වෙදකමත්ය. මුළුමහත් ලෝක ප්‍රජාවගේ හිත සුව පිණිස, දීර්ඝායුෂ පිණිස, සුඛායු පිණිස මේ දර්ශන 2 ලොවටම බෙදාදීම අප සතු යුතුකමකි.

දේශීය වෙදකමේ එක් විශේෂ අංගයක් නම් පැළෑටි පිලිබඳ පැරණි දැනුම් සම්භාරයයි. අද විද්‍යාව තුලින් දුටු දේ මීට වසර දහස් ගණනකට පෙර ජීවත් වූ ඍෂිවරුන් ධ්‍යානවලට සම වැදී දැක ඇත. අද පරිසරය

ගැන කව්රු කතා කළත් ඒ පිළිබද තොරතුරු රැස්ව ඇත්තේ බුදු දහමේත් දේශීය වෙදකමේත්ය.

නිවැරදි ඔසු ශාක හා අභාවයට යන පාරම්පරික සිංහල ඖෂධ නැවත නැවත මතක් කර දී ප්‍රයෝජනයට ගැනීමට හඳුන්වා දීම අපගේ අරමුණ වේ.

07/09/2025

ඔබ කෙට්ටුද ?

කෘෂ බව සදහා හේතු බොහොමයක් බලපානවා. එකී හේතුවට පිලියම් යෙදීමෙන් හා ශරීරය පුෂ්ටිමත් කරන ආහාර, පාන, විහරණ, ඖෂධ ම්ගින් කෘෂ බවින් මිදිය හැකියි. කෙසේ වෙතත් ඔබ පලමුවෙන් ඔබේ ශරීරයේ ස්කන්ධ දර්ශකය මැන ගත යුතුයි. එනම් උසට සරිලන බරයි. උසට සරිලන මනා බරක් තිබේ නම් ඔබේ කෙට්ටුව ගැන වදවෙන්නට අවශ්‍ය නැහැ. නමුත් ක්‍රමක්‍රමයෙන් කෘෂත්වයට යාම නම් එතරම් හොද නැහැ. බලමු කෙට්ටු වීමට හේතු මොනවාදැයි කියා.

- ආරය අනුව කෙට්ටු වීම.
- පණු රෝග පැවතීම.
- රක්තය වහනයෙන්, අතිවමනයෙන්, අතීසාරයෙන්, ධාතු පහවීමෙන් ශරීරය ලංඝනය වීම.
- දියවැඩියාව පැවතීම.
- ප්‍රදර රෝග පැවතීම.
- සෝම රෝගය පැවතීම.
- ග්‍රහණි ආදී ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග පැවතීම.
- මානසික ව්‍යාධි පැවතීම.
- අග්නි මද බව.
- ආහාර පානයන්හි හිග බව.
- ගන්නා ආහාර වල පෝෂණ ඌණතාවය.
- නිතර වියලි, රලු, සැහැල්ලු ආහාර ගැනීම.
- උෂ්ණාධික ශරීරයක් පැවතීම.
- අති මෛථූනය.
- අති ව්‍යායාම.
- නිදි වැරීම

මෙවන් රෝගී තත්වයන් පවතී නම් ප්‍රතිකාර ගත යුතුයි. එවිට අදාල රෝගය සුව වන අතරේම කෙට්ටු බවද අතුරුදන් වේවි. ඊට අමතරව පහත දෑ එදිනෙදා අනුගමනය කරන්න.

- ජලය හොදින් පානය කරන්න.
- දිනපතා ස්නානය කරන්න.
- පෝෂණීය ආහාර වේලක් ලබාගන්න.
- හොද නින්දක්ලබා ගන්න.
- මනස සන්සුන්ව තබාගන්න.

පුහුල් බශ්මය ඒ වගේම කුරහන් තලපය සකසා උඳු ඇට , මුං ඇට , මෑ ඇට , කව්පි ඇට , අමු ඇට , කොල්ලු ඇට ,බාර්ලි, වඳුරු මෑ, බින්තල් අල, තල සමඟ ගිතෙල් උඳු වලින් නිපද වූ ආහාර, ගිතෙල්, එළකිරි, ඉඳුනු බෙලි මද , මී පැණි, අරලු , බුලු , නෙල්ලි , අමුක්කරා , වැල්මී , රසකිඳ , කිරිබදු අල, බින්තල් අල,රට ඉඳි, හාතාවාරිය, මුරුංගා මල්, සුදුලුනු, කෝමාරිකා , බෙරලිය.පුහුල් යන ආහාර ගුණයි... ඉස්සෝ, දැල්ලෝ, බලයා කෙලවල්ලා ආදීන්ගේ මාලු සහ කරවල, කකුලුවෝ, පොකිරිස්සෝ, ලුනුදෙහි, විනාකිරි, බොහෝ මස් වර්ග, ජාඩි, පිසූ තක්කාලි, අන්නාසි, සෝස් වර්ග, චට්නි වර්ග, අච්චාරු, දෙල්, මුරුංගා, සැමන් හා වෙනත් එවැනි ටින් කල ආහාර වලින් වලකින්න තේ වෙනුවට ඉරමුසු, බෙලි මල්, රණවරා, පොල්පලා. නීරමුල්ලිය නෙල්ලි+රසකිඳ,කොත්තමල්ලි කබලේ බැදලා වගේ දේවල් බොන්න

ඕවා කාලයක් කරනකොට ඇගේ තියන දොස් සමනය වෙලා ශරීරය පෘෂ්ටිමත් වෙලා කාය බලය වැඩෙයි.

https://www.facebook.com/groups/paramparikaosu/permalink/574663725944445/
ගෲප් එකට සම්බන්ධ වෙල් මේ පෝස්ට් එකේ කොමන්ට් එහෙමත් කියවන්න. අදහසක් ගන්න බැරි නැහැ.

ඔයාටත් මොනවා කරත් නොවිසඳෙන ඉස්සොරි හෙවත් ඩැන්ඩ්‍රෆ් ප්‍රශ්නෙ තියෙනවද?  🥺ඉස්සොරි ඇත්තටම ගොඩක් අයට තියන හොඳ නොවන ප්‍රශ්නයක...
12/08/2023

ඔයාටත් මොනවා කරත් නොවිසඳෙන ඉස්සොරි හෙවත් ඩැන්ඩ්‍රෆ් ප්‍රශ්නෙ තියෙනවද? 🥺

ඉස්සොරි ඇත්තටම ගොඩක් අයට තියන හොඳ නොවන ප්‍රශ්නයක්. මාත් අවුරුදු දහයක් විතර මේ ප්‍රශ්නේ හින්දා පුදුමාකාර විදිහට පීඩා වින්දා. අරගෙන ගාපු නැති ෂැම්පු එකක් නැති තරම්. හැමෝම හොඳයි හොඳයි කියලා කියන හැම ෂැම්පු එකක්ම අරගෙන මම ගාලා බැලුවා. ඒත් ඉස්සොරි නම් කවදාවත් අඩු වුණේ නැහැ. සමහර ඒවායෙන් පුංචි පාලනයක් වුණා විතරයි. ☹️

අද ෂැම්පු ගාලා හොඳට නෑවත් හෙට වෙනකොට ඉන්න බැරි තරම් ඔලුව කහනව. ඇත්තටම මේක අවුරුදු ගාණක් පුරාවට මට මානසික වදයක් උනා. අන්තිමට අන්තිමට දවසක් ගානේ ෂැම්පු ගාන්න වෙන තරමටම ඉස්සොරි හොඳටම වැඩි වුණා. 😔

ඉතින් මං තීරණය කරා තවත් එක එක ෂැම්පු පස්සේ දුවන්නේ නැතිව මේකට මොකක් හරි ස්වභාවික සත්කාරයක් කරලා බලන්න ඕනේ කියල. මොකද කිසිම ෂැම්පු එකකින් මට සාර්ථක ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ.
ඇත්තටම මට මැජික් එකක් වගේ බෙහෙතක් හම්බවුණා. 😍

උළුහාල් කියන්නේ ඔළුවේ තියෙන ගොඩක් ලෙඩ වලට හොඳම විසඳුමක්. මම මහ ලොකු දෙයක් කරේ නැහැ. මම කරේ උළු හාල්, පොල් කිරි,කරපිංචා සහ බිත්තර කහ මදය, මේ සේරම එකට දාලා blender කරල ඔලුව ගාපු එක.
මේකෙදි මම කරේ පැය දෙකක් විතර අමු උලුහාල් වතුරේ පෙඟෙන්න දැම්මා. මොකද අමු උළුහාල් නිකං බ්ලෙන්ඩර් කරන්න බැහැ. ඒ, ඒ ඇටවල තියෙන සෙවල ගතිය හින්ද. ඊට පස්සෙ මම කරේ පොල් කෝප්පයක් විතර අරගෙන, ඒකට උළුහාල් ටිකයි , බිත්තර කහ මදයයි කරපිංචා කොළ කොළ ටිකයි , වතුර චූට්ටම චුට්ටක් දාලා blender කරගත්තා.

ඊටපස්සේ ඒක පෙරලා අරගන්න. කැමතිනම් පෙරන්නේ නැතුව වුනත් ගාන්න පුළුවන්. ඒත් ඊට පස්සේ ඒවා යවාගන්න ටිකක් අමාරුයි.

උලුහල් ගොඩක් ගන්න ඕන නෑ මේස හැඳි දෙකක් තුනක් වගේ ගත්තාම ඇති. පිරිමි කොණ්ඩයකට නම් උළුහාල් මේස හැඳි එකක් හෝ දෙකක් ඇති.
ඊට පස්සෙ මම මේක හොඳට හිස් කබල සහ කෙස් අතර ගාලා පැයක් විතර ඉදල නෑවා. ඉතුරු වෙන ටික කොණ්ඩෙත් ගෑවා. ඇත්තටම මට හිතාගන්න බැරි උනා පළවෙනි පාරෙන්ම පුදුමාකාර විදිහට හොඳ ප්‍රතිඵලයක් ලැබුණ. 🥰
මේ සත්කාරය මම සතියට සැරයක් කරා. ඉතින් මේ සත්කාරය සති දෙකක්, ඒ කියන්නේ දවස් දෙකක් කරනකොට මගේ ඔළුවේ තිබ්බ ඉස්සොරි ප්‍රශ්න කොහෙන් ගියාද නෑ. ඉස්සර දවසක් ඇර දවසක් වගේ හැමදාම ෂැම්පු ගපු මම දැන් ෂැම්පු ගාන්නේ සතියකට සැරයයි.

ඔලුව කහන්නේ නෑ. කෑලි කෑලි ගැලවිලා ඉස්සොරි යන්නේ නෑ පීරන ගානේ.

මේකෙන් මට තව අමතර බෙනිෆිට්ස් ගොඩක් හම්බවුණා. ඒ තමයි අහුරු පිටින් කොන්ඩ යන එක නැවතුනා වගේම කොන්ඩෙ ගොඩක් සිනිඳු උනා.
🔴🔴 මතක තියාගන්න ඔයා ගොඩක් සෙම තියෙන කෙනෙක් නම් , උළු හාල් වලට සෙම ටිකක් ඇවිස්සෙන්න බලනවා. ඒ හින්ද සතියකට හෝ සති එකහමාරකට සැරයක් වගේ මේ උළුහාල් සත්කාර කරන්න.

ඉතින් ඔයාලත් ට්‍රයි කරලා බලන්න.

- King & Queen -පිටුවෙන් උපුටා ගෙන සාර්ථක පිළියමක් බැවින් මෙහි පළ කරන ලදී.

ප්‍රතිශක්තීකරණය ඉහල නංවන ඖෂධීය පාන වර්ග.ආදි මානවයාගේ ජීවිතයේ ආයු කාලය වසර සියයක් තරම් දිගු හා ශක්තිමත් එකක් වුවද වර්තමාන...
08/08/2021

ප්‍රතිශක්තීකරණය ඉහල නංවන ඖෂධීය පාන වර්ග.
ආදි මානවයාගේ ජීවිතයේ ආයු කාලය වසර සියයක් තරම් දිගු හා ශක්තිමත් එකක් වුවද වර්තමාන මිනිසාගේ ජීවිතයේ ආයු කාලය වසර හැත්තෑවක් තරම් කෙටි වී ඇත. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ වර්තමාන මිනිසාගේ ජීවන රටාවේ සිදු වී ඇති පෙරලියයි. දිනෙන් දින කාර්‍යබහුලත්වය ඉහල යන ජන සමාජය තුල වැඩි අවධානය යොමුව තිබෙන්නේ වෙළදපොලෙන් ඉක්මනින් ලබාගන්නා ක්ෂණික පාන වලටය. මෙවැනි බීම වර්ග භාවිතය තුලින් මේ වන විටත් සමාජය තුල බොහෝ රෝග රැසක් නිර්මාණය වී අවසන්‍ය. දියවැඩියාව, අධික රුධිර පීඩනය, පිලිකා වැනි රෝග බොහෝමයකට හේතුව වී තිබෙන්නේ විවිධ රසායනික සයෝග අඩංගු මෙවැනි අහාර, පාන වර්ග භාවිතයයි.
තවමත් මෙම ඖෂධීය ශාක වර්ග ගම් බිම්වල ජනතාව එදිනෙදා ජීවිතයේදී පිටි කිරි වෙනුවට භාවිත කරයි.
මෙම ඖෂධීය ශාක සාර කැද වර්ග ආදියට දිලීර, බැක්ටිරියාවන්ට එරෙහිව ක්‍රියා කිරීමේ විශිෂ්ට හැකියාවක් ඇත. ශ්‍රී ලංකාවේ ඇති ඖෂධීය ගුණ පිරි ශාක වල ප්‍රධානම ලක්ෂණය නම් ඒවා නිරන්තරයෙන් අප ජීවත් වන පරිසරයේ දැක ගත හැකි වීමයි. නමුත් කණගාටුවට ඇති කාරණය නම් මේවායේ ඇති ගුණය අප හරිහැටි නොදැන සිටිමයි. විද්‍යාවේ දියුණුවත් සමග සිදු කරන පර්යේෂණ වලදී මෙම ඖෂධීය ශාක හා ඖෂධීය පාන වල ඇති ගුණාත්මක සංඝටක එකින් එක විශ්ලේෂණයත් සමගම මේ ශාක නැවතත් යම්තාක් දුරකට භාවිතයට ගැනීමට මිනිස්න් පුරුදු වී සිටියි. මෙම ඖෂධීය ශාකවල සියලූම කොටස් ප‍්‍රයෝජනයට ගත හැකිය. කොළ, මුල්, කඳ, මල් මේ සියල්ලම පාහේ ප්‍රතිශක්තීකරණ පානයන් සකසාගැනීමට ප‍්‍රයෝජනයට ගත හැකිය.
ඖෂධීය ශාක වලින් සකසන පාන වල ඇති ගුණ මොනවාද?
ඖෂධීය ශාක වල ඇති පයිටොකෙමිකල් නම් ස්වභාවික රසායන ද්‍රව්‍ය ශාක වල ඇති ක‍්‍රියාකාරී සංඝටක වර්ගයකි. ඇල්කලොයිඩ, ග්ලයිකොසයිඩ, පොලිෆීනෝල්, ටර්පීන්ස් යනු එවන් වූ පයිටොකෙමිකල් කිහිපයකට උදාහරණ වේ. ග්ලයිකොසයිඩ හෘදයේ ක්‍රියාකාරිත්වයට උපකාරී වේ. පයිටොඊස්ට‍්‍රජන් නම් පොලිෆීනෝල් විශේෂය අඩංගු ඖෂධීය ශාක, අතීතයේ සිටම පාහේ මද සරු භාවය සහ මාසික ඔසප් චක‍්‍රයේ දුර්වලතා සඳහා ප‍්‍රතිකාර කිරීමට යොදා ගනී. ඖෂධීය ශාක වල ඇති මනා සිත් ඇද ගන්නා සුවඳ ලබා දෙනුයේ ටර්පීන්ස් වලිනි. මෙම ඖෂධීය ශාකයන්ගේ කොටස් වල අභ්‍යන්තරයේ ඇති ක‍්‍රියාකාරී සංඝටකයන් පිටතට ගැනීමේ ඉතා සාර්ථකම ක‍්‍රමයක් ලෙස මේවා යොදාගෙන සාදනු ලබන විවිධාකාර පාන විශේෂයන් හදුන්වා දිය හැකිය. මේ සංයෝග අඩංගු පානයන් තුලින් ශරීරයේ ප්‍රතිශක්තිකරණය ස්වභාවිකව ඉහල නංවාගැනීම් පහසුවෙන් සිදු කල හැකිය.
කොතල හිඹුටු පානය
කොතල හිඹුටු යනු ඖෂධීය පාන සඳහා නිරතුරුවම ගන්නා ශාකයක් නොහොත් වැලකි. මුත්‍රා ආසාදන, වකුගඩු ආසාදන, දියවැඩියාව වැනි රෝග වලට සෘෂිවරයෙකු බඳු ඖෂධයකි. මෙම ඖෂධීය ශාකයේ ගෙඩිය කොතලයක හැඩ ගන්නා නිසා කොතල හිඹුටු ලෙසට නම් කරයි. මෙහි කඳෙහි පොතු මගින් සැකසූ පානය දිනපතා භාවිතයට ගන්නා තේ වෙනුවට පානයට ගත හැකිය. එමගින් රෝග වලට එරෙහිව ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි. තවද මෙම ශාකයේ පොතු මගින් සැකසූ උදෑසන පානය භාවිත කිරීම පුරුද්දක් කරගත් අයෙකුට කිසිදාක වකුගඩු ආසාදන ඇති නොවන බව පැරණි හෙළ වෙදකමේ සඳහන් වේ. කොතල හිඹුටු ශාකයේ පත‍්‍ර පොඩි කර තම්බා ගත් විට රතු පැහැ වන අතර මෙමගින් ද වටිනා ඖෂධීය පාන සකසාගත හැකිය. විශේයෙන්ම වැව් ආශ‍්‍රතව හා ජලාශ ආශ‍්‍රිතව මෙම ශාකය වර්ධනය වේ. විවිධ ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට මෙමගින් සැකසූ පානයන් ඉතා ගුණදායක වේ.

ප්‍රතිශක්තීකරණය ඉහල නංවන ඖෂධීය පාන වර්ග. by helaosupiyasa · August 7, 2021 ආදි මානවයාගේ ජීවිතයේ ආයු කාලය වසර සියයක් තරම් දිගු හා ශක්ත.....

Address

Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when හෙළ ඔසු පියස - Hela Osu Piyasa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to හෙළ ඔසු පියස - Hela Osu Piyasa:

Share