25/02/2026
🔥STOP FEEDING THE PARASITES (පරපෝෂිතයන්ට කෑම දීම නතර කරපන්)
1. උඹේ අවංකකම උන්ට ආයුධයක් (Honesty is their Weapon)
උඹ හිතන්නේ උඹේ හිතේ තියෙන හැම කුණුකන්දලක්ම, ප්ලෑන් එකක්ම තව එකෙක් එක්ක බෙදාගත්තම උඹ "විවෘත" මනුස්සයෙක් කියලාද? නැහැ, උඹ නිකන්ම "ගොදුරක්" විතරයි. උඹ කියන හැම රහසක්ම, උඹ දෙන හැම තොරතුරක්ම උන් ලකුණු කරගන්නේ දවසක උඹේ බෙල්ල කපන්න පාවිච්චි කරන පිහිය මුවහත් කරගන්නයි.
ප්‍රායෝගික උදාහරණය: ඔෆිස් එකේ උඹේ ලොක්කා ගැන උඹේ "හොඳම යාළුවා" ට කියන ඕපදූපය, ඌ උගේ ප්‍රමෝෂන් එක ගන්න දවසට ලොක්කාගේ කනට දාන 'investment' එකක් විතරයි.
2. උන් එන්නේ "උදව්වට" නෙවෙයි, "උරාබොන්න" (Extraction, Not Reciprocity)
සමහර මිනිස්සු උඹේ ජීවිතේට එන්නේ උඹට ආදරේටවත්, උඹට උදව් කරන්නවත් නෙවෙයි. උන්ට ඕනේ උඹ සතු දේ (සල්ලි, දැනුම, contacts) ටික උරාගෙන උඹව හිස් ලෙල්ලක් කරලා විසිකරන්න. උඹ හිනාවෙලා දෙන හැම "අවස්ථාවක්ම" උන් දකින්නේ උඹේ දුර්වලකමක් විදියට.
ප්‍රායෝගික උදාහරණය: උඹ ගාව තියෙන දැනුම පාවිච්චි කරලා ගොඩයන්න හදන එකා, උඹ අමාරුවේ වැටුණු දවසට උඹව අඳුරන්නේවත් නැහැ. ඌට ඕන වුණේ උඹේ මොළය මිසක් උඹව නෙවෙයි.
3. "Long Spoon" එක පාවිච්චි කරපන් (The Strategy of Distance)
යක්ෂයා එක්ක කෑම කන්න වුණොත් දිග හැන්දක් පාවිච්චි කරපන්. ඒ කියන්නේ, වැඩේ කරගනින්, හැබැයි ඇඟේ ගාගන්න එපා. උඹේ පෞද්ගලික අවකාශයට (Personal Space) උන්ට එන්න දෙන්න එපා. උඹේ වෘත්තීය ජීවිතය සහ පෞද්ගලික ජීවිතය අතර තියෙන්න ඕනේ "මහා ප්‍රාකාරයක්".
ප්‍රායෝගික උදාහරණය: ව්‍යාපාරික ගනුදෙනුවකදී ඌ මහා තක්කඩියෙක් කියලා උඹ දන්නවා නම්, ඌත් එක්ක බිස්නස් කරපන්, හැබැයි ඌට උඹේ ගෙදර දොරවල් අරින්න එපා.
4. සැකය ප්‍රකාශ කරන්න එපා, නිරීක්ෂණය කරපන් (Silence is Stealth)
උඹ එකෙක්ව සැක කරනවා කියලා ඌට දැනෙන්න ඇරියොත්, ඌ තවත් පරෙස්සම් වෙනවා. ඌව තවත් සූක්ෂම වෙනවා. කරන්න ඕනේ දේ තමයි - කට පියන් ඉඳපන්, හැබැයි උගේ හැසිරීම් රටා (Patterns) බලපන්. වචන වලට වඩා උගේ ක්‍රියාවන් කොච්චර වෙනස්ද කියලා ගණන් හදපන්.
ප්‍රායෝගික උදාහරණය: එකෙක් උඹට දෙන පොරොන්දු කඩ කරනවා නම්, ඌට බනින්න යන්න එපා. නිකන්ම උගේ "Access" එක කපලා දාපන්. ඌට හේතුව කියන්නවත් උඹ බැඳිලා නැහැ.
සාරාංශය:
👑ලෝකය උඹට ණය නැහැ. උඹේ ආරක්ෂාව උඹේ වගකීමක්. අනුකම්පාව කියන්නේ උතුම් ගුණාංගයක් තමයි, හැබැයි ඒක "මෝඩකම" එක්ක පටලවගන්න එපා.
උඹේ වටිනාකම රැකගන්න ඕනේ නම්, නීති ටික වෙනස් කරපන්.
⚜️අන්ධයෙක් වගේ හැමෝම විශ්වාස කරන එක නවත්තලා, ඇස් ඇරලා බලපන් කවුද ඇත්තටම උඹේ පැත්තේ ඉන්නේ කියලා.. ඒක සෙල්ලම් බඩු කඩයක් නෙවෙයි, සටන් බිමක සිතියමක්.
Wake up or get crushed.
#සුචරිත