NutriDietetics

NutriDietetics Nutrition and good health

18/07/2023

රස ගුණ පිරි කොමඩු🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉
සැකසුම: රජයේ ලියාපදිංචි පෝෂණවේදි සහ ආහාරවේදිනි තිලෝකා සම්මානි හෙට්ටිආරච්චි මහත්මිය
🍉🍉🍉🍉
මේ දවස්වල ටිකක් විතර රස්නෙ ගතියක් පරිසරයේ තියෙනවා කියලා දැනුන නිසාත් නිතර නිතර තිබහ එන නිසාත් මට නිතරම ඕන වෙන මතක් වෙන පළතුරක් ගැන ඔයාලට කියන්න හිතුවා.කොමඩු🍉🍉 නම ඇහුන ගමන්ම මතක් වුනානෙද හොදට ඉදූණ රතුම රතු කොමඩු ගෙඩියක රූපයක්,ඇයි රස...... පැණි කොමඩු කියලත් කියනවා රස වැඩි නිසා, ඉතින් මේ රසම රස කොමඩු ගුණයිද?,ගුණයි කිව්වට හරියටම ඒ ගුණ ගැන දැනගමු එහෙනම්,
🍉කොමඩු(Citrullus lanatus)ජලය සහ පෝෂ්‍ය පදාර්ථ වලින් පිරී ඇත, ඉතා අඩු කැලරි ප්‍රමාණයක් අඩංගු වේ.එහි ප්‍රබල ශාක සංයෝග දෙකක් වන citrulline සහ Lycopene යන ඒවා අනිතර්ගත වේ.
🍉කොමඩු කෝප්පයක(152ග්‍රෑම්) කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 12 ක් අඩංගු වේ.
🍉කාබෝහයිඩ්රේට බොහෝ විට ග්ලූකෝස්, ෆෲක්ටෝස් සහ සුක්රෝස් වැනි සරල සීනි වේ. කොමඩු කුඩා තන්තු ප්‍රමාණයක් ද සපයයි.
කොමඩු වල විටමින් සී හොදින් ඇති අතර තවත් විටමින් සහ ඛනිජ ලවණ කිහිපයක හොඳ ප්‍රභවයකි.
🍉විටමින් C. මෙම ප්‍රතිඔක්සිකාරකය සමේ සෞඛ්‍යය සහ ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය වේ.
🍉පොටෑසියම්.
මෙම ඛනිජය රුධිර පීඩනය පාලනයට සහ හෘද සෞඛ්‍යයට වැදගත් වේ.
🍉විටමින් A
කොමඩු වල බීටා කැරොටින් අඩංගු වන අතර එය ඔබේ ශරීරයහි විටමින් A බවට පත් වේ.
මීට අමතරව විටමින් B5 සහ zinc ද අන්තර්ගත වේ.
🍉Citrulline
කොමඩු යනු citrulline ඇමයිනෝ අම්ලයේ පොහොසත්ම ආහාර ප්‍රභවයයි. වැඩිම ප්‍රමාණය ඇත්තේ මස් වටා ඇති සුදු කබොලෙහි ය.නමුත් මා දන්නා පරිදි බොහෝ දෙනා එම කොටස ආහාරයට නොගනි.මාංශමය කොටස සමග එම කොටසහි තරමක ප්‍රමාණයක් ආහාරයට ගත හැකිය.
ඔබේ ශරීරය තුළ, citrulline අත්යවශ්ය ඇමයිනෝ අම්ල arginine බවට පරිවර්තනය වේ.
🍉citrulline සහ arginine යන දෙකම නයිට්‍රික් ඔක්සයිඩ් සංශ්ලේෂණය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි, එය රුධිර පීඩනය අඩු කිරීමට උපකාරී වේ.
පර්යේෂණ වලට අනුව කොමඩු citrulline වල හොද ප්‍රභවයක් වුවත් එමගින් Arginine සෑදිමට නම් 2.3kg ප්‍රමාණයක් ආහාරයට ගත යුතුය .
🍉කොමඩු යනු ලයිකොපීන් හි වඩාත් ප්‍රචලිත නැවුම් ප්‍රභවය වන අතර එහි රතු පැහැයට හේතුව මෙම ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයයි. නැවුම් කොමඩු වල තක්කාලි වලට වඩා ලයිකොපීන් අන්තර්ගත වන බව පර්යේෂණ මගින් අනාවරණය කර ගෙන ඇත
ඔබේ ශරීරය බීටා කැරොටින් සෑදීමට යම් දුරකට ලයිකොපීන් භාවිතා කරයි, එය විටමින් A බවට පරිවර්තනය වේ.
🍉එමෙන්ම කොමඩු වල glutathione යන ප්‍රති ඔක්සිකාරකය බහුලව පවති.එය ශරිරයහි ඔක්සිකාරක ආතතිය අවම කරගැනීමට හේතු වන අතර සමේ පැහැය රැක ගැනීමට ද උපකාරී වේ.
🍉ඉතින් ඔබට හිතෙන්න පුලුවන් මට අමතක වුනා කියලා, ඇත්තෙන්ම නැහැ, විශේෂම දේ තමයි කොමඩු( 100 g) ක ජලය 91% ක් ඇති බව, ඒ නිසාම රස්නෙ දවස්වලට කොමඩු කියන්නේ වතුර වගේම අපේ තිබහට දිව ඔසුවක්.
🍉තව පොඩි දෙයක්, කොමඩු වල GI අගය ග්ලයිසමික් ​​දර්ශකය (GI) - ආහාර ගැනීමෙන් පසු ආහාර කෙතරම් ඉක්මනින් රුධිරයේ සීනි මට්ටම ඉහළ නංවයිද යන්න පෙන්නුම් කරන දර්ශකය - 72-80 අතර පරාසයක පවතී, එය ඉහළ අගයක්.එම නිසා දියවැඩියාව ඇති අයට ප්‍රධාන ආහාර වේලකට පසුව කොමඩු 1/8 ප්‍රමාණයක් ආහාරයට ගැනීම මඟින් රුධිර සීනි මට්ටම එක වර ඉහල යාම අවම කරයි.
🍉තව දෙයක් ඇතැම් අය ඉන්නවා කොමඩු කෑවම ටිකක් දිරවනවා අඩුයි කියලා කියන,ඒකට හේතුව තමයි මේ කොමඩු වල තියෙන ඇතැම් කාබෝහයිඩ්‍රේට වර්ග ජීර්ණ ක්‍රියාවලිය අපහසු කරවීම.ඒ කාබෝහයිඩ්‍රේට වලට කියන්නේ FODMAP කියලා,ඒ කියන්නේ fermentable oligosaccharides, disaccharides, monosaccharides and polyols.ඉතින් මෙවා තරමක් ජීර්ණ ක්‍රියාවලිය අපහසු කරවනවා වගේම බඩ පිපීම, මළ පහ දියර ලෙස පිටවීම හෝ මළ බද්ධය සිදු වීමට ඉඩ තිබෙනවා.නමුත් එවැනි තත්වයන් ඇති වන්නේ ඉතා අඩු පිරිසකටයි.
🍉එහෙනම් මේ රස්නෙ දවස්වල කොමඩු කෑල්ලක් කන ගමන්, කොමඩු juice වීදුරුවක් බොන ගමන් කොමඩු මොන තරම් ගුණද කියලත් මතක් කර ගන්නකො.🍉

13/07/2023
ලංකාවේ බහුලවම භාවිතා වන තෙල් වර්ගය මොකක්ද කියලා ඇහුවොත් අපි හැමෝම දන්නවා ඒ පොල් තෙල් බව. ලංකාවේ පමණක් නොවේ, ලොව පුරා බොහ...
17/08/2022

ලංකාවේ බහුලවම භාවිතා වන තෙල් වර්ගය මොකක්ද කියලා ඇහුවොත් අපි හැමෝම දන්නවා ඒ පොල් තෙල් බව. ලංකාවේ පමණක් නොවේ, ලොව පුරා බොහෝ දෙනා එදිනෙදා කටයුතු වලදී පොල්තෙල් බහුලව භාවිතා කරනවා.පොල් තෙල් වල වැඩිපුරම අඩංගු වන්නේ මේදයයි. මීට අමතරව ලෝරික්‌ අම්ලය හා විටමින් E අඩංගු වෙනවා. පොල් තෙල් වල අඩංගු වන සංතෘප්ත මේදය නොයෙකුත් සාකච්චා වලට භාජනයා වූවා පමනක් නොව, බොහෝ දෙනා අතර වැරදි අවබෝධයක් පොල් තෙල් පිලිබදව ඇති කලා.

ලෝරික් අම්ලය මගින් රුධිරයේ කොලෙස්ට්‍රෝල් මට්ටම ඉහල දැමීමක් සිදුවන බව පරීක්ෂණ මගින් සනාත වූ නමුත්, පසු කාලීනව එමගින් වැඩි වන්නේ, HDL නම් අපට හිතකර කොලෙස්ට්‍රෝල් වන බවත් සොයා ගැනුනා. එමගින් ඇත්තටම අපගේ හදවත් රෝග වලට ඇති අවදානම අවම කිරීමක් ද සිදු කරනු ලැබෙනවා.

මීට අමතරව අපගේ මේදය දහනය ක්‍රියාවලියට දායක වීමටත්, සිරුරේ බර අඩු කිරීමටත්, සමස්ත සෞඛ්‍යය මට්ටම ඉහල තබා ගැනීමටත් පොල් තෙල් බෙහෙවින් උපකාරි වේ.

පොල් තෙල් වල ඇති බැක්ටීරියා නාශක ගුණය නිසා, ලොව පුරා පොල් තෙල් මගින් දන්තාලේප හා මුඛ සේදීමේ ද්‍රාවණ සාදා ගැනීමටද පුරුදු වී සිටිනවා. වියලී ගිය හා පළුදු වූ නියපොතු ද, පිරිසිදු කර මැරුණු සෛල සෝදා හැරීමට ද පොල් තෙල් භාවිතා කරන්නට පුලුවන්.

පොල් තෙල් වල ඇති අවාසි

අපට වාසි රැසක් ගෙන දෙන පොල් තෙල් වල වුවද, අපට අහිතකර බලපෑම් එක් කල හැකි දේවල් කීපයකුත් තියෙනවා. අප ආහාරයට ගන්නා අනෙක් තෙල් වර්ග වල මෙන්ම, පොල් තෙල් වලද මේදය අධික වශ්‍යයෙන් අඩංගු වෙනවා. එමනිසා පොල් තෙල් වූවාද, අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා ආහාරයට ගැනීම සුදුසු නෑ. මංද, එමගින් අපගේ සිරුරේ අහිතකර කොලෙස්ට්‍රෝල් ද ඉහල නැංවීමේ හැකියාවක් ඇති බැවින්.

පොල් තෙල් ද අනෙකුත් තෙල් වර්ග මෙන්ම කැලරි බහුල තෙල් වර්ගයක් නිසා, එදිනෙදා ආහාර පාන සමග මුසු කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි.

Address

Liyanagemulla, Seeduwa
Katunayake

Telephone

+94711995049

Website

Alerts

Be the first to know and let us send you an email when NutriDietetics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NutriDietetics:

Share