Regional Directorate of Health Services Kegalle

Regional Directorate of Health Services Kegalle Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Regional Directorate of Health Services Kegalle, Health & Wellness Website, Bulathkohupitiya Road, Kegalle.

The Office of the Regional Director of Health Services, Kegalle comes under the Health Ministry of Sabaragamuwa Provincial Council and headed by the Regional Director of Health Services.

☸️කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුමිය ඇතුලු කාර්‍ය මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ සව් දන්සල ඊයේ දිනයේ සාර්ථකව...
02/06/2026

☸️කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුමිය ඇතුලු කාර්‍ය මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ සව් දන්සල ඊයේ දිනයේ සාර්ථකව නිම විය.☸️

🪔2026 වෙසක් පොහොය නිමිත්තෙන්🪔කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්‍යාලීය මගින්7වන වරටත් පවත්වන "මහා සව් දන්සල"🗓️20...
27/05/2026

🪔2026 වෙසක් පොහොය නිමිත්තෙන්🪔

කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්‍යාලීය මගින්
7වන වරටත් පවත්වන

"මහා සව් දන්සල"
🗓️2026/06/01
🏥කාර්‍යාලය අසලදී
ඔබට බැතිසිතින් ආරාධනා 🙏

22/05/2026
රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සංවිධානය කරන ලද පිලිකාවට එරෙහිව ප්‍රජාව දැනුවත් කරන පාගමන කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍...
26/02/2026

රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සංවිධානය කරන ලද පිලිකාවට එරෙහිව ප්‍රජාව දැනුවත් කරන පාගමන කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වි.වෛ.නිදර්ශනී මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැත්වීය.අධ්‍යක්ෂ තුමිය සඳහන් කර සිටියේ අපගේ තෝරාගැනීම් තුලින් බොහෝ පිලිකාවන්ගෙන් ආරක්ෂිතව සිටීමට හැකිබවයි . මේ සඳහා රඹුක්කන ප්‍රාදේශීය සභා සභාපති ,ප්‍රාදේශීය ලේකම් ,පොලිස් ස්ථානාධිපති ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන රැසකගේ දායකත්වය ලැබීම විශේෂ වූ අතර මුඛ පිලිකා හදුනාගැනීමේ සායනයක්ද රඹුක්කන නගරයේදී පැවැත්වීය. මෙහිදී ත්‍රීරෝද රථ රියදුරන් ,බස් රථ රියදුරන් විශාල ප්‍රමාණයක් සේවය ලබාගැණින.

කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ කාර්‍යමණ්ඩලය විසින් 2026.02.19 දින සංවිධානය කරන ලද "ලේ දන්දීමේ වැඩසටහන"...
19/02/2026

කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ කාර්‍යමණ්ඩලය විසින් 2026.02.19 දින සංවිධානය කරන ලද "ලේ දන්දීමේ වැඩසටහන" සදහා රුධිරය පරිත්‍යාගකරමින්,සංග්‍රහ සත්කාරයන් සහ විවිධාකාරයෙන් සහයෝගය දක්වමින් වැඩසටහන සාර්ථකව පැවැත්වීමට දායකත්වය සැපයූ සැමට ප්‍රණාමය පුදකරමු .
🙏

🌾☀️හිරු දෙවියන්ට තුති පිදෙන තෛපොංගල් මංගල්‍යය සැමරේ. 🌾☀️                                                                ...
16/01/2026

🌾☀️හිරු දෙවියන්ට තුති පිදෙන තෛපොංගල් මංගල්‍යය සැමරේ. 🌾☀️ -----------------------------------------------------------------------හින්දු දින දර්ශනයට අනුව නව අවුරුද්දක උදාව සනිටුහන් කරමින් ආරම්භ වූ හින්දු බැතිමතුන්ගේ අස්වනු මංගල්‍යය හෙවත් තෛපොංගල් උත්සවය සැමරීම නිමිත්තෙන් අද (16) දින කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුමියගේ හා කාර්‍යාලීය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු විය.

පොංගල් බත ඉවීම හා හිරු දෙවියන් නමස්කාර කිරීම, කෝලම් රටා ඇඳීම ආදී අංගවලින් මෙන්ම ගීත හා නර්තනාංග වලින් මෙම තෛපොංගල් උත්සවය වර්ණවත් විය.
🎆

සුරක්ෂා මධ්‍යස්ථානයේ  තවමත් රැදී සිටීමට සිදුවී සිටින සතුටු ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක (happy estate) හල්ගොල්ල වතුයායේ ආප...
07/01/2026

සුරක්ෂා මධ්‍යස්ථානයේ තවමත් රැදී සිටීමට සිදුවී සිටින සතුටු ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක (happy estate) හල්ගොල්ල වතුයායේ ආපදා නිසා නිවාස අහිමිවූ පවුල්වල දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ මානසික සුවදායීබව සඳහා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වි.වෛ පී නිදර්ශනී මහත්මියගේ මගපෙන්වීමෙන් ක්‍රියාත්මක කරනලද ගීතමය හෝරාවක් සමග සෙල්ලම්බඩු සත්කාරය ...

"නිකසල පුරයක් - සුවබර දිවියක්"Larvivorous Fish: Natural Mosquito Control 🦟🐠🦟🐠🦟🐠🦟🐠🦟🐠🦟🐠🦟Biologically controlling mosquito ...
06/01/2026

"නිකසල පුරයක් - සුවබර දිවියක්"
Larvivorous Fish: Natural Mosquito Control
🦟🐠🦟🐠🦟🐠🦟🐠🦟🐠🦟🐠🦟
Biologically controlling mosquito populations

ඔබේ නිවසේ තිබෙන විසිතුරු පොකුණු, මාළු ටැංකිවලට කීට භක්ෂක මාළු දැමීමෙන් මදුරු කීට පාලනයට සිදු කළ හැකිය. 🚑

🛑2026 නව වසරේ රාජකාරි ඇරඹේ .======================================උදාවූ  2026  නව වසරේ කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්...
01/01/2026

🛑2026 නව වසරේ රාජකාරි ඇරඹේ .
======================================

උදාවූ 2026 නව වසරේ කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ රාජකාරි කටයුතු අද (01) දින පෙරවරුවේදී ආරම්භ කෙරිණි.

ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව මිය ගිය සියලු රණවිරුවන් හා රට වැසියන් සිහි කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පළ කෙරුණු අතර,
සුපිළිපන්න රාජ්‍ය සේවයක් උදෙසා ඇප කැප වන බවට සියලුම නිලධාරීන් රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දීමෙන් අනතුරුව නව වසරට සුබ පැතුම් එක් කළ කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වි.වෛද්‍ය පී. නිදර්ශිනී මහත්මිය විසින් සමස්ත කාර්ය මණ්ඩලය ආමන්ත්‍රණය කරමින් ගෙවුණු වසර අවසානයේ නොයෙක් අභියෝග මධ්‍යයේ නිසි ආකාරයෙන් රාජකාරී කිරීම සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලය අගය කිරීමක් සිදු කළ අතර, නව වසරේ අරමුණු සහ ඉලක්ක සපුරා ගැනීම සඳහා රාජ්‍ය නිලධාරියෙකුගෙන් ඉටු විය යුතු සේවාවන් , නිලධාරීන් සතු වගවීම් හා වගකීම් පිළිබඳව මෙන්ම අභියෝග ජය ගැනීම සඳහා හදුන්වා දී ඇති රාජ්‍ය ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ පිළිබඳව හා එකී අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා රාජ්‍ය නිලධාරියෙකුගේ දායකත්වය පිළිබඳවද සියලුම නිලධාරීන් දැනුවත් කිරීම සිදු කෙරිණ.

Happy New Years Eve 🎉 Tomorrow is the first blank page of a 365 page book, .. Make it the BEST yet!🙌
31/12/2025

Happy New Years Eve 🎉 Tomorrow is the first blank page of a 365 page book, .. Make it the BEST yet!🙌

Address

Bulathkohupitiya Road
Kegalle

Opening Hours

Monday 06:00 - 17:00
Tuesday 06:00 - 17:00
Wednesday 06:00 - 17:00
Thursday 06:00 - 17:00
Friday 06:00 - 17:00
Saturday 06:00 - 17:00

Telephone

+94352222549

Alerts

Be the first to know and let us send you an email when Regional Directorate of Health Services Kegalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Regional Directorate of Health Services Kegalle:

Share