03/07/2026
ගම්පහ ආයුර්වේද බෙහෙත් ශාලාව ආරම්භ කර වසර තුනක් පිරීම නිමිත්තෙන්, ආණමඩුවේ පිහිටි ශ්‍රී සුගතවාසල විවේකාශ්‍රමයේ ගිලන් වූ භික්ෂූන් වහන්සේලාට ආයුර්වේද ප්‍රතිකාර සහ අවශ්‍ය ඖෂධ ලබාදීමට අපි තීරණය කලා. ❤️
අද මේ ගමන අපිට ප්‍රතිකාරයක් කරන්න ගිය ගමනකට වඩා, ජීවිතය ගැන ගැඹුරු පාඩමක් ඉගෙනගත් ගමනක් වුණා.
අපි මීට පෙර මෙවැනි පන්සලක් දැකලා තිබුණේ නැහැ. චෛත්‍යයක් නැහැ. බෝධියක් නැහැ. පන්සලට ගේට්ටුවක්වත් නැහැ. මූලික පහසුකම් බොහෝමයක් නැහැ. ඒ මදිවට කාෂ්ඨක අව්ව. ගොමෙන් සෑදූ කුටිවල භාවනාවේ යෙදෙන ස්වාමීන් වහන්සේලා... පිටතින් බලන විට අඩුපාඩු ගොඩක් පෙනුණත්, ඒ ස්වාමීන් වහන්සේලාගේ මුහුණුවල තිබුණේ අපිට වඩා උසස් වූ චිත්ත ප්‍රීතියක්.
මෙම ආශ්‍රමයේ වැඩසිටින පූජ්‍ය සුගතවංශ හිමි ඇතුළු ස්වාමීන් වහන්සේලා, බණ භාවනාවට කැපවෙමින් රෝගී භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කරන උතුම් සේවයක නිරතව සිටිනවා. සමහර දිනවල වේලක් පමණක් දානය ලැබුණත්, ඒ ගැන කිසිදු මැසිවිල්ලක් නැහැ. ලද දෙයින් සතුටු වීම, උපේක්ෂාව සහ කරුණාව අපි ඒ ජීවිත තුළින් දැක්කා.
අපි රැගෙන ගිය ඖෂධ සහ තෙල් වර්ග පවා, "අපට මේ ටික ඇති" කියමින් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් තබාගෙන ඉතිරිය ආපසු රැගෙන යන්නැයි උන්වහන්සේලා පැවසූ විට, සැබෑ අල්පේච්ඡතාව කියන්නේ කුමක්දැයි අපට තේරුණා.
ඉන් අනතුරුව ඒ අවට ගම්වාසීන් වෙනුවෙන්ද නොමිලේ ආයුර්වේද වෛද්‍ය සායනයක් පවත්වා ප්‍රතිකාර සහ අවශ්‍ය ඖෂධ ලබාදීමට අපට අවස්ථාව ලැබුණා. ඔවුන්ගේ සිනහව සහ කෘතඥතාව අපට ලැබුණු ලොකුම ත්‍යාගයයි.
මේ සේවයට දායක වූ සියලු දෙනාටම අපගේ හෘදයාංගම ස්තුතිය. ඔබ සැමගේ සහයෝගය නිසාම මේ වගේ පුණ්‍ය කටයුතු තවත් බොහෝ දෙනෙකුගේ ජීවිතවලට සැනසීමක් ගෙන එයි.
මෙවැනි උතුම් ආශ්‍රමයකට සලාක දානයකින්, ඖෂධවලින් හෝ වෙනත් අවශ්‍යතාවයකින් දායක වීමට කැමති අය සිටී නම්, අපට පණිවිඩයක් එවන්න. අවශ්‍ය විස්තර සතුටින් ලබාදෙන්නෙමු.
**සැබෑ පොහොසත්කම ගොඩනැගිලිවලවත්, වත්කම්වලවත් නොවේ. ලද දෙයින් සතුටු වන සිතකයි. ඒ සත්‍යය අද අපි ඇස් දෙකෙන්ම දැක්කා.** 🙏
පසුව ලියමි.
🙏 මෙම උතුම් ආශ්‍රමයේ දෛනික අවශ්‍යතා සහ සලාක දාන සඳහා දායක වීමට කැමති අය පහත ගිණුමට ඔබට හැකි අයුරින් පරිත්‍යාග කළ හැකියි.
කැපකරු දායක ගිනුම් අංක
102 152 101 744
R.S. රූපසිංහ
සම්පත් බැoකුව
අනුරාධපුර සුපර් ශාඛාව
උන්වහන්සේගේ දුරකථන අංකය: 070 490 0542
ඔබගේ කුඩා දායකත්වය පවා මහත් පිනක් වේවා. 🙏