08/05/2026
කොලඹ දිස්ත්‍රික්කයේ මාස 30 -40 අතර දරුවන්ගේ සංවර්ධනය මැන බැලීමේ පලමු වැඩසටහන අද දින දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ආරම්භ විය.
ජනාධිපති කාර්යාංශයේ මූලිකත්වයෙන් , කොළඹ පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ සම්පත් දායකත්වය යටතේ , කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතාගේ පුර්ණ අධීක්ෂණය යටතේ කෙරෙන මෙම වැඩසටහන කොළඹ අනිකුත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලද සිදු කෙරුණු ඇත.