Government Ayurveda Medical Officers' Association

Government Ayurveda Medical Officers' Association ඵලදායී රාජ්‍ය සේවයක් තුලින් රටේ ජාතික සෞඛ්‍ය නගාසිටුවීමට අවශ්‍ය පසුබිම සැකසීම.

28/04/2026

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව.

08/03/2026

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ට පමණක් දැරිය හැකි පරිදි රජයේ සහ පළාත් සභාවල උසස් තනතුරු 381කට අධික

ප්‍රමාණයක් වෙන් කරමින් නිකුත් කර තිබූ සේවා ව්‍යවස්ථාවේ අදාළ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති සමානත්වයේ අයිතිය උල්ලංඝනය කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඒ අනුව, 2013 දෙසැම්බර් 23 දිනැති ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබූ ශ්‍රී ලංකා පරිපාලන සේවා ව්‍යවස්ථාවේ "A" උපලේඛනය බලශූන්‍ය (Nullity) බවට අධිකරණය ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවය, ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවය, ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවය සහ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය යන සමස්ත ලංකා සේවාවන් නියෝජනය කරන නිලධාරීන් සහ සංගම් විසිනි. ඔවුන්ගේ ප්‍රධාන විවේචනය වූයේ අතිරේක ලේකම්, කොමසාරිස් ජනරාල් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වැනි "කීර්තිමත්" තනතුරු රාශියක් පරිපාලන සේවයට (SLAS) පමණක් වෙන් කිරීම හරහා අනෙකුත් වෘත්තීය සේවාවන්ට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බවයි.

විනිසුරු යසන්ත කෝදාගොඩ ගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ලබා දුන් මෙම තීන්දුවේ වැදගත් කරුණු කිහිපයක් අවධාරණය කර ඇත.

සේවාවන් අතර උස් පහත් භේදයක් නොමැත. ශ්‍රී ලංකාවේ පවතින සමස්ත ලංකා සේවා 11ම එකම ගණයට (Class) අයත් වන බවත්, පරිපාලන සේවය අනෙක් සේවාවන්ට වඩා උසස් හෝ විශේෂ සේවාවක් ලෙස සැලකීමට සාක්ෂි නොමැති බවත් අධිකරණය පෙන්වා දුන්නේය.

මෙම තනතුරු වෙන් කිරීමේදී කිසිදු විද්‍යාත්මක පදනමක් හෝ විෂය මූලික නිර්ණායකයක් (Objective Criteria) භාවිත කර නොමැති බවත්, එය අත්තනෝමතික ලෙස සිදු කර ඇති බවත් අධිකරණය නිගමනය කළේය.

රජයේ තනතුරුවලට පත් කිරීමේදී පුද්ගලික හෝ සේවා මනාපයන් මත නොව, එම තනතුරට අවශ්‍ය නිපුණතාව (Competency) සහ දක්ෂතාව (Merit) මත පදනම් විය යුතු බව අධිකරණය අවධාරණය කළේය.

මෙම තීන්දුවත් සමඟ 2026 පෙබරවාරි 26 වෙනිදා සිට පරිපාලන සේවයට පමණක් වෙන් කර තිබූ තනතුරු ලේඛනය අවලංගු වේ. කෙසේ වෙතත්, දැනට පත් කර ඇති නිලධාරීන්ගේ නීත්‍යානුකූලභාවයට මෙයින් හානියක් සිදු නොවන බව අධිකරණය පැහැදිලි කළේය.

නඩු තීන්දුව මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පහත නියෝග නිකුත් කරන ලදී.

1. තීන්දුව ලබා දී වසර දෙකක් ඇතුළත, අදාළ සියලු පාර්ශවයන් සමඟ සාකච්ඡා කර නව තනතුරු ලේඛනයක් (Appendix A) සකස් කළ යුතුය.

2. එම ලේඛනය සකස් කිරීමේදී, එක් එක් තනතුරට අවශ්‍ය නිපුණතාවන් හඳුනාගත යුතු අතර, ඒ සඳහා සුදුසු ඕනෑම සමස්ත ලංකා සේවා නිලධාරියෙකුට ඉල්ලුම් කිරීමට අවස්ථාව සැලසිය යුතුය.

මෙම ඓතිහාසික තීන්දුව මගින් මෙතෙක් කල් රාජ්‍ය සේවයේ පැවති එක් සේවාවක ඒකාධිකාරය බිඳ දමමින්, සියලුම වෘත්තීය නිලධාරීන්ට තම දක්ෂතාව මත ඉහළ තනතුරුවලට පිවිසීමට තිබූ බාධාව ඉවත් කර ඇත.

TheLeader.lk

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සම්බන්ධීකරණය කරන ලද රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවන ලද ආයුර්වේද ...
30/01/2026

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සම්බන්ධීකරණය කරන ලද රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවන ලද ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ භාෂා ප්‍රවීණතාවය සඳහා වන පැය 200ක දෙමළ භාෂා පාඨමාලාවේ තුන්වන අදියර සාර්ථකව නිම කරන ලද වෛද්‍ය නිලධාරීන් සිය දෙනාගේ කණ්ඩායමට සහතිකපත් ප්‍රදානය කිරීම 2026.01.30 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතනයේ ශ්‍රවණාගාරයේදී ආයුර්වේද දෙපාර්තමේන්තුවේ, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් සහ රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, ලේකම් ඇතුළු විධායක නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

15/01/2026
2026.01.10 දිනය 60වන උපන්දිනය සමරන සැවොමගේ ආදර ගෞරවයට පාත්‍ර වූ වෛද්‍ය නිලක්ෂි කන්දේගම මැතිනියට නිදුක් නිරෝගී සුවය සපිරු...
11/01/2026

2026.01.10 දිනය 60වන උපන්දිනය සමරන සැවොමගේ ආදර ගෞරවයට පාත්‍ර වූ වෛද්‍ය නිලක්ෂි කන්දේගම මැතිනියට නිදුක් නිරෝගී සුවය සපිරුණු වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා !!! ඒ වගේම 2026.01.09 දින සිට රාජ්‍ය සේවයේ ඉසිඹු ලබන එතුමියට හදපිරි ගෞරවනීය සුභාශිංසන පළ කර සිටිමු 💗❤♥️💐🙏

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමය

Address

Samanala Pedesa, Old Kottawa Road
Maharagama

Alerts

Be the first to know and let us send you an email when Government Ayurveda Medical Officers' Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Government Ayurveda Medical Officers' Association:

Shortcuts

Share