31/07/2026
Doctor හසිතට ඕන වුණා ජීවිතයට වෙනසක්. 🌿
ඒ හින්දම තමයි Doctor නුවරඑළියට Transfer එකක් ඉල්ලුවේ.
Doctor හසිත ඉල්ලන පරක්කුවට රජය ඒ ලියුම අනුමත කළේ, ඇත්තටම පස්ගම්මන රජයේ රෝහලට කාලෙක ඉඳන් VOG Doctor කෙනෙක් හොය හොය හිටපු හින්දමයි. 🏥
නුවරඑළියට කිලෝමීටර් විස්සක් විතර දුරින් තිබ්බ මේ පස්ගම්මන ගම්මානයේ පවුල් පනහක් විතර ජීවත් වුණා. 🏡 බොරු කියන්න ඕනේ නෑ, ලංකාවේ අනිත් ගම් වගේ නෙවෙයි, පස්ගම්මන මිනිස්සු හරිම එකතුයි. ඔක්කොම එකා වගේ එකිනෙකාට උදව් කරගෙන තමයි ජීවත් වුණේ. ❤️
පස්ගම්මන කියන්නේ හරිම ලස්සන ගමක්. 🍃
දෙමළ ලයිම්වලින් වටවෙච්ච සුන්දර සිංහල ගමක්. මහා යෝධ ෆයිනස් ගස් පහු කරගෙන, 🌲 මීදුම පිරුණු පාරවල් දිගේ, තේවතු මැදින් ගිහින් 🍃 පොඩි පොඩි දියඇලි පහු කරගෙන තමයි පස්ගම්මන මූලික රෝහලට යන පාර වැටිලා තිබ්බේ. 🌊
"Doctor... අනේ Doctor ඉක්මන් කරන්න! දහඅටේ ඇඳේ ඉන්න අම්මාට පොඩ්ඩක් අමාරුයි." 🚨
ඒ නයනා...
නර්ස් කෙනෙක්... 🩺
නුවරඑළියේ මීදුම එකතු කරලා වාත්තු කරපු ඉටිරූපයක් වගේ. ❄️
නයනා පස්ගම්මනමයි. ඉස්කෝලේ කාලේ හිටපු කොල්ලවමයි කසාද බැන්දේ. 💑
පස්ගම්මන කොච්චර ලස්සන ගමක් වුණත්, මේ ගමේ අවලස්සන කතා ගොඩක් වෙලා තිබුණා. 💔
Doctor හසිත එන්න කලින් පස්ගම්මන රෝහලේ ප්‍රසූතිකාගාර කටයුතු කළේ නෑ. මොකද Doctor කෙනෙක් හිටියේ නැති හින්දා. 👨⚕️ තව දෙයක් තමයි, පස්ගම්මන ගමේ රෝහලට දරුවෙක් හම්බවෙන්න ඉන්න අම්මා කෙනෙකුට දෙන්න පුලුවන් පහසුකම් මුල ඉඳලම තිබ්බේ නෑ. මේ සිදුවීම නිසා දරුවෝ ලැබෙන්න හිටපු අම්මලා කීපදෙනෙක්ම ජීවිතයෙන් පවා වන්දි ගෙවලා තිබුණා. 😔
මොකද විළිරුදාව හැදුණු අම්මා කෙනෙක්ව, කඳු ගොඩැලි පාරවල් දිගේ පියාජියෝ ත්‍රීවීල් එකෙන් නුවරඑළිය රජයේ රෝහලට අරගෙන යනවා කියන්නේ හරිම අමාරු කටයුත්තක්. 🛺💨
ඒ තරමටම පාර දුෂ්කරයි... ⛰️
Doctor හසිත උණුවතුර බෝතලයෙන් හලාගත්ත එළකිරි ටික, මීදුම පිරුණු සීතලේ බොන්න පටන් ගත්තා. 🥛❄️ එක උගුරෙන් සීතල අඩුවෙන්නේ නෑ, තව උගුරක් බිව්වා. උකුවට උකුවේ තියෙන ඒ එළකිරි ටික Doctor හසිතට හැමදාම හදාගෙන එන්නේ නයනා. ☕
නයනා..Doctor හසිතට ගොඩක් ගෞරව කළා. ගමේ ගර්භණී අම්මලා බේරගන්න ආපු දෙවි කෙනෙක් කියලා තමයි Doctor ගැන හැමෝටම කිව්වේ. 🙏 මොකද ඒ කාලකණ්ණි අත්දැකීම නයනත් විඳලා තිබුණු නිසා. අවුරුදු පහකට කලින් නයනාගේ බඩේ හිටපු දරුවත් ඔය පස්ගම්මන ගොඩැලි පාරේ නුවරඑළිය රජයේ රෝහලට යද්දී තමයි නයනාව දාලා ගිහින් තිබ්බේ... 💔 තමන්ට වුණු අපරාධය තව කෙනෙකුට නොවෙන්න ඇය එදා ඉඳන් ඇපකැප වෙලා හිටියා. 🕯️
පස්ගම්මන ගමේ මේ අඩුපාඩුව ගැන කනින් කොණින් ඉව වැටුණු Doctor හසිත, පළවෙනි මාස හයේම කළේ අදාළ තැන්වලට ලියුම් ලියලියා බලධාරීන්ගෙන් පස්ගම්මන රජයේ රෝහලට අවශ්‍ය උපකරණ ඉල්ලපු එක. 📝 බබාලා හම්බවෙන්න ඉන්න අම්මලාට ඕන පහසුකම් තියෙන වාට්ටුවක්, ප්‍රසූතිකාගාරයක් එයා හදලා දුන්නා. 🏥✨
එහෙම හදලා මාස හයකින් Doctor හසිත කරපු මේ මැජික් එක හින්දා, අද වටේ ගම්වල ගර්භණී අම්මලා පවා දරු ප්‍රසූතියට පස්ගම්මන රජයේ රෝහලට එනවා තමන්ගේ පැටියට Doctor හසිත ලවා උපතක් ලබාදෙන්න. 👶💖 දැනට අම්මලා විසිදෙදෙනෙක්වම(22) නිරුපද්‍රිතව සිඟිති පැටව් එක්ක ගෙදර යවන්න Doctor හසිතට පුලුවන් වෙලා තියෙනවා. 💐
"Doctor... මොනවද ඔය කල්පනා කරන්නේ?Doctor අපි යමු, අර අම්මාට අමාරුයි වගේ!" 👩⚕️
හසිත ගැස්සිලා නයනා දිහා බැලුවා. එයා ඩිලිවරි එකට ලෑස්ති කරන්න, ඇඳුම් ඔක්කොම මාරු කරන්න, ඇනස්තීසියා (Anesthesia) දෙන මට්ටමකද ඉන්නේ කියලා බලන්න හසිත කල්පනාවෙන් මිදිලා නයනාට එකදිගටම උපදෙස් කියාගෙන ගියා. නයනා දුවගෙන ගියා. 🏃♀️
හසිත මෙච්චර වෙලා කල්පනා කළේ නයනා ගැන... තමන් ගැන වගේම නයනා ඉස්පිරිතාලේ ඉන්න හැම ලෙඩෙක් ගැනම හොයලා බලනවා, හැම වැඩක් ගැනම හොයලා බලනවා. 🩺 ඇත්තටම නයනාට නයනාගේ මහත්තයත් පුදුම ආදරෙයි, නයනාත් ඒ වගේමයි. 💗 නර්ස් කෙනෙක් කියන්නේ තවත් 'මදර් තෙරේසා' කෙනෙක් නම්, නයනා ළඟ ඒ හැම ගුණාංගයක්ම තිබුණා. බබෙක් හම්බවෙන්න ඉන්න අම්මා කෙනෙක් ආවොත්, සමහර වෙලාවට දවස් දෙක තුන වුණත් එකදිගට වැඩ කරන්න පුලුවන් පුදුම හයියක් නයනාට තිබුණා. 💪 ප්‍රසූතිකාගාරයේ වැඩ කරන්න කොච්චර සුදුසුකම් තිබුන නර්ස්ලා හිටියත්, හසිත හරි කැමති වුණා නයනත් එක්ක ප්‍රසූතිකාගාරයේ වැඩ කටයුතු කරන්න. මොකද නයනාගෙන් අතපසුවීම් වෙන්නෙම නෑ! 💯
එළකිරි කෝප්පය බීලා ඉවර වුණු හසිත, තියටර් ඇඳුම ඇඳගෙන ඇතුළට යනකොට නයනා හැමදේම ලෑස්ති කරලා ඉවරයි. 👨⚕️👌 හසිත ගොඩක් ආසයි ප්‍රසූතිකාගාරය ඇතුළේදී නයනා ගර්භණී අම්මලාට කතා කරන විදිහට. ❤️
"අම්මා... මගේ අම්මා බයවෙන්න එපා, පුංචි මැණික දැන් එන්න ළඟයි. පොඩි තල්ලුවක් දෙන්නකෝ... මගේ හොඳ අම්මනේ..." 👶❤️
ඔහොම කියනකොට ඇඳේ ඉන්න අම්මාට කිරි එරෙන්නේ, අලුත ඉපදෙන බබා ඉපදෙන්නත් කලින්! නයනා ඒ තරමට කරුණාවන්තයි. ❤️
එදත් හසිතගේ අතින් ඉපදුණු පුංචි පැටියාව, හසිත කෙළින්ම නයනාගේ අතට දුන්නා. 👶✨
හැමදාම හිනාවෙලා දරුවාව වාට්ටුවට ගෙනියන නයනා, එදා හිටියේ හරිම හිත් තැවුලෙන්... 😔 සේරම වැඩ ඉවර වෙලා අම්මාවයි බබාවයි දෙන්නවම පරිස්සමෙන් වාට්ටුවට යවලා,Doctor හසිත නයනාට කතා කළා. 💬
"නයනාගේ දරුවා නැති වෙලා දැන් කොච්චර කල්ද?" 🤔
"අවුරුදු පහකට කිට්ටුයි ඩොක්ටර්..." 💔
"ඇයි තව ළමයෙකුට ට්‍රයි කළේ නැත්තේ?"
"අපි ට්‍රයි කළා ඩොක්ටර්... ඒත් හරිගියේ නෑ." 😔
"නයනා වගේ කෙනෙක් දරුවෙක් නැතුව ඉන්නවා කියන්නේ අඩුවක් නෙවෙයිද?"
"සමහර වෙලාවට ඒ දුක මට දරාගන්න අමාරුයි Doctor ... 😥 මේ ලෝකෙට එන පුංචි පැටව් ඩොක්ටර්ගේ අතින් මට දුන්නට පස්සේ, මං මගේ අතින් අරගෙන ගිහින් සේරම වැඩ ටික කරලා අම්මාවයි බබාවයි පරිස්සමෙන් වාට්ටුවට ඇඩ්මිට් කරනවා..."
"ඔව්, මම ඒක දන්නවා. වෙනදා නයනා ඒ දේවල් කරන්නේ හරි සතුටින්. 😀 ඒත් මම අද නයනාගේ මූණෙන් කවදාවත් නොදැකපු දුකක් දැක්කා. 🥺 අනික වෙනදත් නයනා ඔය ඩියුටි එකමනේ කරන්නේ? වෙනදට හිනාවෙන්නයි, අද දුක් වෙන්නයි මොකක්ද හේතුව?"
"මීට අවුරුදු පහකට කලින් අද වගේ දවසක තමයි Doctor මගේ පුංචි පැටියා මාව දාලා ගියේ... 😭 අර දරුවා ඉපදෙනකොට 'අනේ මගේ දරුවත් ඉපදුණා නම් මෙහෙම ඉඳියි නේද' කියලා මට හිතුණා. එදා ළඟ ඉස්පිරිතාලයක් තිබ්බා නම්, අදටත් මගේ පැටියා ජීවත් වෙනවා... 💔 මට එදා ඇතිවුණු කම්පනයයි, මගේ ඇඟ ඇතුළේ තියෙන වෙනස්කම් එක්කයි දරුවෙක් මගේ බඩේ හැදෙන්නේ නැතුව ඇති Doctor... ඒකයි හස්බනුයි මමයි කොච්චර උත්සාහ කළත් බබාලා නැත්තේ. කමක් නෑ... මේක මගේ පූරුවේ පවක් වෙන්න ඇති..." 😥
හසිත පොඩ්ඩක් කල්පනා කළා... 🤔
"නයනා... හැමදේම පූරුවේ පවට භාර කරන්න එපා. අපිට ස්වාභාවික ක්‍රමයෙන් දරුවෝ හදන්න බැරිනම්, තව කොච්චර ක්‍රම තියෙනවද දරුවෝ හදාගන්න පුලුවන්!" ✨
"මට තේරුණේ නෑ ඩොක්ටර්...?" 😮
"ඇයි නයනා IVF එකක් Try කරන්නේ නැත්තේ? ඔයා අහලා තියෙනවද මහරගම Wish Fertility Hospital එක ගැන...? 🏥✨"
අන්න... මම හැමදාම දකින නයනාගේ හිනාව මම ආයෙත් දැක්කා!
😊 දරුවෝ නැති අයට මේ ලෝකේ 'බෑ' කියන දේවලුත් කරන්න පුලුවන් තැන් තියෙනවා. ❤️
ඩොක්ටර් හසිත තවත් එළකිරි උගුරක් බිව්වා. 🥛
‘වචනයේ පරිසමාප්තියෙන්ම ඩොක්ටර් හසිත කියන්නේ නියම දොස්තර කෙනෙක්...’ නයනාට හිතුණා. ❤️✨