Dr.Iresha Gunathilake - Ayurdha Ayurveda Medical Centre

Call Directions

Dr.Iresha Gunathilake - Ayurdha Ayurveda Medical Centre Ayurdha Ayurveda – Ayurveda wellness, treatments & health education by Dr. Iresha Gunathilake.

18/09/2026

💻 පැය ගණන් Laptop එක දිහා බලාගෙන වැඩ කරනවද? බෙල්ලේ සහ පිටේ තද වේදනාවක් දැනෙනවා නේද?

දිගු වේලාවක් Screen එකක් දිහා බලාගෙන එකම ඉරියව්වෙන් ඉද්දී අපේ බෙල්ල අවට සහ උරහිස් පේශි තද වෙලා (Muscle stiffness & poor blood circulation) දරාගන්න බැරි වේදනාවක් ඇතිවෙන්න පුළුවන්.

මේ වගේ වේදනාවන්ට හොඳම සහ සාර්ථකම ස්වභාවික විසඳුමක් තමයි Cupping Therapy (කපිං ප්‍රතිකාරය).

🔹 මාංශ පේශි ලිහිල් කරයි (Relieves muscle tension)

🔹 රුධිර සංසරණය වේගවත් කරයි (Improves blood flow)

🔹 වේදනාවට ක්ෂණික සහනයක් ලබාදෙයි

ඔබේ කාර්යබහුල දවසට පෙර තිබූ සැහැල්ලුව නැවත ලබාගන්න! ✨

📍 වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න 078 8 888268
Ayurdha Ayurveda
Panadura,Moratuwa

17/09/2026

🦶 පාදයේ “ගල් තැළුම්” ඇතිවෙන්නේ ඇයි?

පාදයේ හෝ ඇඟිලි අතර සම තද වී, ඝන වී, කුඩා ගැටිත්තක් වගේ ඇතිවීම බොහෝවිට Corns ලෙස හඳුන්වයි.
හේතු👇👇
🔹 තද සපත්තු පැළඳීම
🔹 පාදයට නැවත නැවත ඇතිවන පීඩනය හා ඝර්ෂණය
🔹 දිගු වේලාවක් සිටගෙන සිටීම
🔹 පාදයේ හැඩයේ වෙනස්කම්
🔹දිය්වැඩියාව වැනි රෝග තත්ව

මේවා නිසා එම ස්ථානයේ සම ආරක්ෂා වීමට ඝන වීමක් ඇතිවිය හැක.මෙය දිගින් දිගටම තිබීමෙන් corn එකක් ලෙස වර්ධනය වෙනවා.

⚠️ ගල් තැළුමක් කියලා හඳුනාගෙන තනිවම කපා ඉවත් කිරීම හෝ තදින් ගැලවීම corn plaster යෙදීම සුදුසු නැහැ. විශේෂයෙන් දියවැඩියාව ඇති අය පාදයේ මෙවැනි ගැටලු ඇතිවූ විට වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත්.

🌿අපගේ ආයුර්වේද ප්‍රතිකාර මඟින් මෙම තත්වය සුව කරගෙන නැවත ඇති නොවීමට උපදෙස් ලබා ගන්න පුළුවන්

Ayurdha Ayurveda
ආයුර්වේද ප්‍රතිකාර | Wellness

#ගල්තැලුම්

📞 078 8 888268
Panadura,Moratuwa

😂😂😂😂
17/09/2026

😂😂😂😂

අර්ශස් රෝගයෙන් පීඩා විඳිනවාද? ඔබ නොදැනුවත්වම කරන පුරුදු මේ තත්ත්වයට හේතු විය හැකියි! 🌿නූතන කාර්යබහුල ජීවන රටාවත් සමඟ බොහ...
16/09/2026

අර්ශස් රෝගයෙන් පීඩා විඳිනවාද?

ඔබ නොදැනුවත්වම කරන පුරුදු මේ තත්ත්වයට හේතු විය හැකියි! 🌿

නූතන කාර්යබහුල ජීවන රටාවත් සමඟ බොහෝ දෙනෙක් මුහුණ දෙන, නමුත් කතා කිරීමට මැලිවන ගැටලුවක් තමයි අර්ශස් (Hemorrhoids / Piles).

නියමිත වේලාවට මූලික හේතු හඳුනාගෙන නිසි ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීමෙන් ශල්‍යකර්මවලින් තොරව මෙය නිට්ටාවටම සුව කර ගැනීමට පුළුවන්.

🌼අර්ශස් ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු:🌼

👉 මලබද්ධය සහ වැසිකිළියේදී අධිකව තැටමීම
👉අධික උෂ්ණ හා විදාහි ආහාර නිතර ගැනීම (හරක් මස්, ඉස්සන්, දැල්ලන්, කකුළුවන්)
👉අධික මිරිස්, තුනපහ, විනාකිරි සහ සෝස් වර්ග භාවිතය
👉ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම
👉ආහාරයේ තන්තු (Fiber) අඩුවීම (එළවළු, පලතුරු අඩුවෙන් ගැනීම)
👉එකම ස්ථානයක දිගු වේලාවක් වාඩි වී සිටීම (කාර්යාලීය රැකියා, රිය පැදවීම)
👉ව්‍යායාම මදිකම සහ ශාරීරික ක්‍රියාකාරකම් අඩු දිවිපෙවෙත
👉සුවදායී දිවියකට අදම අනුගමනය කරන්න:
👉දිනපතා ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න.
👉තන්තු බහුල සමබර ආහාර වේලක් ලබාගන්න.
👉මලපහ කිරීමේ අවශ්‍යතාවය කිසිවිටෙකත් මඟනොහරින්න.
👉ක්‍රියාශීලී ජීවන රටාවක් පවත්වා ගන්න.

වේදනාව ඉවසගෙන නිහඬව දුක් විඳින්න එපා. සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකු හමුවී මුල් අවධියේදීම නිවැරදි ස්වාභාවික ප්‍රතිකාර ලබාගන්න.

📞 වැඩිදුර විස්තර සහ උපදේශන සඳහා අමතන්න:
078 8 888268

🌿 Ayurdha Ayurveda Medical Centre
Moratuwa,Panadura

15/09/2026

🔹 උදෑසන අවදි වූ විට සන්ධි තද ගතිය
🔹 සන්ධිවල වේදනාව සහ අපහසුතාව
🔹 සන්ධිය අවට ඉදිමීම හෝ සංවේදී බව
🔹 දෛනික ක්‍රියාකාරකම් කරන විට වේදනාව වැඩිවීම

වැනි ලක්ෂණ තිබේ නම් ඒවා නොසලකා හරින්න එපා. ⚠️

👉 නමුත් සෑම සන්ධි වේදනාවක්ම ආතරයිටිස් නොවේ. නිවැරදි හේතුව හඳුනා ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂාවක් වැදගත්.

🩺 ඔබටත් මෙවැනි සන්ධි වේදනාවක් තිබෙනවාද?

🌿 Ayurdha Ayurveda

Call or Whatsapp 078 8 888268
Panadura ,Moratuwa

#දණහිසේවේදනාව #සන්ධිවේදනාව

🌿ඔයත් උරහිසේ වේදනාවෙන් පීඩා විඳිනවාද? අත ඉහලට එසවීමට අමාරුයිද?උරහිසේ වේදනාවට විවිධ හේතු තිබිය හැකියි. එම නිසා මුලින්ම හේ...
10/09/2026

🌿ඔයත් උරහිසේ වේදනාවෙන් පීඩා විඳිනවාද? අත ඉහලට එසවීමට අමාරුයිද?

උරහිසේ වේදනාවට විවිධ හේතු තිබිය හැකියි. එම නිසා මුලින්ම හේතුව නිවැරදිව හඳුනාගැනීම වැදගත්.

👩‍⚕️ ඔබ සතුව ඇති වෛද්‍ය වාර්තා (Reports) පරීක්ෂා කර, ඔබගේ තත්ත්වය අනුව සුදුසු ප්‍රතිකාර ක්‍රමය තෝරාගැනීමට අපි අවධානය යොමු කරමු.

🌿 බටහිර වෛද්‍ය විද්‍යාවේ නවීන දැනුම හා තාක්ෂණික අවබෝධය සමඟ මුසු වූ ආයුර්වේද ප්‍රතිකාර මගින් ඔබගේ සෞඛ්‍ය තත්ත්වයට ගැළපෙන ප්‍රතිකාර ලබාගැනීමට අප හා සම්බන්ධ වන්න.

📋 X-ray / MRI / Scan / Blood Reports වැනි ඔබගේ වෛද්‍ය වාර්තා තිබේ නම් රැගෙන එන්න.

👩‍⚕️ Dr. Iresha Gunathilake

📞 078 8 888268

Ayurdha Ayurveda 🌿
ස

#ආයුර්වේද #උරහිසේවේදනාව

09/09/2026

🩺 Back Pain නිසා දෛනික ජීවිතය ගෙවාගන්නෙ අමාරුවෙන් ද?

දිගු වේලාවක් වාඩි වී සිටීම, වැරදි posture, muscle strain, හෝ වෙනත් හේතු නිසා Back Pain ඇතිවිය හැකියි.

🌿 Ayurdha Ayurveda තුළ, ඔබගේ තත්ත්වය අනුව සුදුසු Ayurvedic treatment සහ therapeutic procedures මඟින් වේදනාව හා stiffness අඩු කර, ශරීරයේ චලනය පහසු කිරීමට සහය වීමට අපි කටයුතු කරමු.

✨ ඔබේ වේදනාව නොසලකා හරින්න එපා.
වෛද්‍ය වාර්තා සලකා බලා නිවැරැදි රෝග විනිශ්චයක් සමඟ සුදුසු ප්‍රතිකාරයක් තෝරාගන්න.

📍 Ayurdha Ayurveda
👩‍⚕️ By Dr. Iresha Gunathilake

078 8 888268
Moratuwa, Panadura

😮 කට ගඳ ගහනවාද? MOUTH SMELL / BAD BREATHඔබට නොදැනුනාට ඔබ සමඟ කතා කරන කෙනාට ඒක දැනෙන්න පුළුවන්! 😬කට ගඳ ගැසීම (Bad Breath)...
09/09/2026

😮 කට ගඳ ගහනවාද?

MOUTH SMELL / BAD BREATH

ඔබට නොදැනුනාට ඔබ සමඟ කතා කරන කෙනාට ඒක දැනෙන්න පුළුවන්! 😬

කට ගඳ ගැසීම (Bad Breath) හැමවිටම දත් අපිරිසිදු නිසාම වෙන්නේ නැහැ.

🦷 ඒකට හේතු විය හැකි දේවල් කිහිපයක්:

👉දිව මත බැක්ටීරියා තැන්පත් වීම
👉දත් අතර ආහාර කොටස් රැඳීම
👉දත් මැලියම් / gum disease
👉 දත් කුහර
👉මුඛය වියළීම (Dry Mouth)
👉දුම්පානය
👉සමහර ආහාර හා පුරුදු
👉ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිත රෝග තත්ව
👉ගැස්ට්‍රයිටිස්
👉අක්මාව ආශ්‍රිත රෝග තත්ව
👉දිගටම පවතින විට වෙනත් සෞඛ්‍ය ගැටලුද සලකා බැලිය යුතුය.

🌿 කට ගඳ අඩු කරගන්න අදම පටන් ගන්න!

✅ දිනකට දෙවරක් දත් හොඳින් මදින්න
✅ දිනකට වරක් දත් අතර floss / interdental cleaning කරන්න
✅ දිව මෘදු ලෙස පිරිසිදු කරන්න 👅
✅ ප්‍රමාණවත් ජලය පානය කරන්න 💧
✅ දුම්පානයෙන් වළකින්න 🚭
✅ අවශ්‍ය නම් සුදුසු mouthwash එකක් භාවිතා කරන්න — නමුත් එය brushing සහ flossing වෙනුවට නොවේ.

💡 වැදගත්ම දේ:
Mouthwash එකෙන් ගඳ තාවකාලිකව වසන් කළ හැකි නමුත්, ගඳට හේතුව සොයා ප්‍රතිකාර කිරීම වැදගත්.

⚠️ මේ දේවල් සිදු කලත් දිගටම කට ගඳ පවතිනවා නම්, විශේෂයෙන් දත්/විදුරුමස් වලින් ලේ ගැලීම, වේදනාව, දත් කුහර හෝ මුඛය අධික ලෙස වියළීම තිබේ නම් වෛද්‍යවරයෙකු හමුවන්න.

🌿 Ayurdha Ayurveda Medical Centre

078 8 888268
ඔබගේ සෞඛ්‍ය ගැටලු ගැන නිවැරදි උපදෙස් ලබාගැනීමට අප සමඟ සම්බන්ධ වන්න.

❤️ මේ post එක save කරගන්න!අපේ page එක follow කරමින් දිගටම වටිනා සෞඛ්‍ය තොරතුරු දැන ගැනීමට අප හා එක්වන්න...

ඔබ දන්න කෙනෙක්ටත් share කරන්න — ඔහුට/ඇයට මේක වැදගත් වෙන්න පුළුවන්.

🦵 දණහිසේ වේදනාව ඔබේ දෛනික ජීවිතයට බාධාවක් වෙලාද?දණහිසේ වේදනාවට හේතු එකිනෙකට වෙනස් විය හැකියි. Osteoarthritis, muscle wea...
08/09/2026

🦵 දණහිසේ වේදනාව ඔබේ දෛනික ජීවිතයට බාධාවක් වෙලාද?

දණහිසේ වේදනාවට හේතු එකිනෙකට වෙනස් විය හැකියි. Osteoarthritis, muscle weakness, අධික බර, අධික සිටගෙන සිටීම,අධිකව ඇවිදීම සහ inflammation වැනි හේතු නිසා දණහිස් වේදනාව ඇතිවිය හැක.

ඒ නිසා දිගින් දිගටම ඔයාටත් දණහිසේ වේදනාවක් පවතිනවා නම් “වයසට යනකොට එන සාමාන්‍ය දෙයක්” කියලා නොසලකා හරින්න එපා.🌿

ඔබගේ තත්ත්වයට ගැළපෙන සුදුසු වෛද්‍ය ප්‍රතිකාර සහ වෛද්‍ය උපදෙස් උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරියකගෙන් ලබාගන්න.

🌿 Ayurdha Ayurveda Medical Centre

078 8 888268

🥰අක්මාවේ මේදය තැන්පත්වීමේ රෝගය සඳහා නිවැරැදි ආයුර්වේද ප්‍රතිකාර🥰Fatty Liver Disease ප්‍රතිකාර සඳහා විමසීම් 078-8888268 o...
23/05/2026

🥰අක්මාවේ මේදය තැන්පත්වීමේ රෝගය සඳහා නිවැරැදි ආයුර්වේද ප්‍රතිකාර🥰

Fatty Liver Disease

ප්‍රතිකාර සඳහා විමසීම් 078-8888268 or 0714781780

වෛද්‍ය ඉරේෂා ගුණතිලක
ලි.ප.අං.16120
BAMS (Hons) University of Colombo

ආයුර්ධා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය.
අං.231/1,ගාලු පාර,එගොඩ උයන,මොරටුව (අළුත් පාලම අසල)


#ආයුර්වේද

Address

231/1, Galle Road
Panadura

Opening Hours

Monday 09:00 - 13:00
Tuesday 09:00 - 13:00
Wednesday 09:00 - 13:00
Thursday 09:00 - 13:00
Friday 09:00 - 13:00
Sunday 09:00 - 13:00

Telephone

+94714781780

Website

Alerts

Be the first to know and let us send you an email when Dr.Iresha Gunathilake - Ayurdha Ayurveda Medical Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share