Suwethma Ayurveda - සුවෙත්මා ආයුර්වේද

Suwethma Ayurveda   - සුවෙත්මා ආයුර්වේද Ayurveda Medical treatments
Ayurveda panchakarma treatments
Ayurveda Beauty theraphy treatments
Ayurveda Counseling

09/11/2025
වසර 12 කට වඩා කාලයක් මහරගම ඇරව්වල, පන්නිපිටිය "සුවෙත්මා ආයුර්වේද "නමින් පවත්වාගෙන යන ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය ඉදිරියට...
03/08/2025

වසර 12 කට වඩා කාලයක් මහරගම ඇරව්වල, පන්නිපිටිය "සුවෙත්මා ආයුර්වේද "නමින් පවත්වාගෙන යන ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය ඉදිරියට කරගෙන යාම සදහා සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍ය වරියක් අවශ්‍යව ඇත
හෝ
මෙම නිවස සහ ව්‍යාපාරික ස්තානය බටහිර වෛද්‍ය මධ්‍යස්ථානයක් උවද පවත්වාගෙන යමින් නිවසේ කුලීපදනමටසිටීමට වෛද්‍යවරයකුට උවද සුදුසු ස්තානයකි. ( නිවස දෙසැම්බර් වලින් පසුව ලබාගතහැක)

An experienced and qualified Ayurvedic female doctor is required to continue operating the “Suwethma Ayurveda” medical center, which has been successfully running for over 12 years in Maharagama, Arawwala, Pannipitiya.

Alternatively, this property and business premises are also suitable for a Western medical doctor to run a medical center while residing on the premises on a rental basis.
(The house will be available from January 2026 onwards.)

විමසීම් ( whatsapp - Damith)
0776381251

Find local businesses, view maps and get driving directions in Google Maps.

23/06/2025

Head Massage

Gym යන්න /  Excercise කරන්න වෙලාවක්  නැද්ද..?ස්නේහ හා ස්වේද කර්ම ප්‍රතිකාර වල ගුණ ඔබත් අත්විදින්නසර්වාංග ස්වේද ( Steam b...
25/03/2025

Gym යන්න / Excercise කරන්න වෙලාවක් නැද්ද..?

ස්නේහ හා ස්වේද කර්ම ප්‍රතිකාර වල ගුණ ඔබත් අත්විදින්න

සර්වාංග ස්වේද ( Steam bath )

ස්වේද යනු ඩහදිය යි.ශරීරයෙන් දහඩිය උපදවන හෙවත් ඩහ ගන්වන ක්‍රියා ස්වේද කර්ම කර්‍ම යයි කියනු ලැබේ.

යම් කිසි ද්‍රව්‍යයක උපයෝගයෙන් ශරීරයේ බර බව, තද ගතිය, ශීතය යන මේවා නැති කරයිද ඒ ද්‍රව්‍ය ස්වේද ද්‍රව්‍ය ලෙස හඳුන්වයි.

මෙහිදී....

පළමුව සුදුසු ආයුර්වේද තෙල් වර්ගයක් ශරීර අභ්‍යංග කර දෙවනුව වාෂ්ප කුටීරය තුළට රෝගියා යොමු කරයි. මෙහිදී රෝගයන්ට අදාළ වන ඖෂධ වර්ග රත්කර හුමාලය හරහා ශරීරයට වැටීමට සලස්වයි .

මෙහිදී රෝගියාගේ රෝගී තත්ත්වය, වයස රෝගියා ගේ බලය ,ශක්තිය මත ඖෂධ හා තෙල් වර්ග තීරණය කරයි.

ස්වේද යේ ප්‍රධාන ගුණ ලෙස

1. ශරීරයේ මෘදු බව ඇති කිරීම.
2. ශරීර අපද්‍රව්‍ය බැහැර කරවීම සඳහා උපකාරී වීම.
3. සමේ වර්ණය ගෙනදීම හා තරුන බව රැකදීම ( රූපලාවණ්‍ය සත්කාරයක් ලෙස )
4 අග්නිය දීප්තිමත් වීම.
5 ආහාර රුචිය ඇතිවීම.
6 අධික නිදිබර ගතිය අඩුවීම.
7 සන්ධිවල තද ගතිය අඩුවීම.
8 ශරීරය හා මනස සැහැල්ලු වීම.
9. අක්‍රමවත් හෝමොන ක්‍රියාකාරිත්වය ක්‍රමවත් වීම

වැනි ප්‍රතිලාභ දැක්විය හැක.

ඉතා සාර්ථක වාෂ්ප ස්වේදනයක් සදහා ,

*බෙලි කොළ
*පාවට්ටා කොළ
*හින් මදුරු තලා
*නික කොළ
*කොහොඹ කොළ
*යකි නාරන් කොළ
*බෙහෙත් එඩරු කොළ ආදී ඖෂධීය කොල වර්ග යොදා ගනියි

ශාරීරික මානසික සුවතාවයකින් යුක්තව ,ප්‍රබෝදමත් බවකින් ආත්ම විශ්වාසයකින් යුතු ක්‍රියාශීලී දිවිපෙවෙතක් උදෙසා මෙම මහගු ප්‍රතිකාරය ඉතා ආරක්ශාකාරී පරිසරයක සුවපහසු ලෙස අප
වෛද්‍ය මධ්‍යස්තානයෙන් ලබා ගත හැක.

Hotline - 0777 - 071817

Suwethama Ayurveda Medical Center
655/1 /A
Gilbert Edirisinghe Mawatha
Arawwala, Pannipitiya

05/06/2024
ලැබුවාවූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සියලු දෙනාටම වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!! 🇱🇰🇱🇰
13/04/2024

ලැබුවාවූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සියලු දෙනාටම වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!! 🇱🇰🇱🇰

01/01/2024

සුබ අලුත් අව්රුද්දක් වේවා !!!
2024
Happy New Year 2024

අක්‍රමවත් ඔසප් චක්‍රය ⛔කාන්තාවකගේ මල්වර වීමේ සිට ආර්තවහරණය දක්වා කාලය තුල ඔසප් වීම් චක්‍රයක ආකාරයට සිදුවේ.ඔසප් චක්‍රය ශර...
01/12/2023

අක්‍රමවත් ඔසප් චක්‍රය ⛔

කාන්තාවකගේ මල්වර වීමේ සිට ආර්තවහරණය දක්වා කාලය තුල ඔසප් වීම් චක්‍රයක ආකාරයට සිදුවේ.

ඔසප් චක්‍රය ශරීරයේ හෝමොන මට්ටම වල වෙනස්වීම මගින් පාලනය වන්නකි.
මෙම චක්‍රයෙ කාලසීමාව දින 21 සිට 25 අතර වෙනස් විය හැකි වුවත් බොහො කාන්තාවන්ට දින 28 වරක් ඔසප් වීම සිදුවේ

දින 21 වඩා අඩු කාලයකින් හෝ දින 35 වඩා ප්‍රමාද වී ඔසප් වීම අසාමාන්‍ය තත්වයකි.

ඊට අමතරව ⤵️

📌️ රුධිර වහනය වන දින ගනනේ වෙනස්කම් ( දින 3 වඩා අඩුවීම හෝ දින 7 වඩා වැඩිවීම )
📌️ රුධිර ප්‍රමානයෙ අඩු වැඩි තත්ව ( අධික රුධිර වහනය හෝ සුලු රුධිර වහනය)
📌️ වර්ණය වෙනස් වීම හො රුධිරය කැටිති ලෙස පිටවීම
📌️ අසාමාන්‍ය වේදනාව
📌️ අසාමාන්‍ය ගන්ධයක් පැවතීම

අක්‍රමවත් ඔසප් චක්‍රයක ලක්ශන වේ

සමහර අවස්තා වල විවිධ හේතු නිසා ඔසප් චක්‍රයෙ තාවකාලික වෙනස් විම් සිදුවිය හැකිය.

උදාහරණයක් ලෙස⤵️

📌️ අධ්‍යාපනික කටයුතු
📌️ රැකියා වල වෙනස්වීම්
📌️දේශගුනික තත්ව වෙන්ස්වීම්

නමුත් දිගින් දිගටම පවතියි නම් ඔසප් චක්‍රයෙ අක්‍රමිකතා සදහා අපගෙ වැරදි ජීවන රටා මෙන්ම විවිධ රෝග තත්ව බලපායි⤵️

📌️අධික ස්ථූලභාවය
📌️ මානසික ආතතිය
📌️ අධික ව්‍යායාමය
📌️ වැරදි ආහාර රටා
📌️ උපත් පාලන බෙහෙත් වර්ග
📌️ ගර්භාශගත / ඩිම්බකෝශගත ගෙඩි
📌️ තයිරොයිඩ් / පිටියුටරි ග්‍රන්ථියේ ගැටලු
📌️ දියවැඩියාව
📌️ PCOD
📌️Endometriosis
📌️pelvic inflammatory Disease

මෙම අක්‍රමිකතා දීර්ඝ කාලීනව පැවතිම නිසා විවිධ සංකූලතා වලට මුහුණ දීමට හැකිය.⤵️

📌️ මදසරුභාවය
📌️ අස්ථි පද්දතිය ආශ්‍රිත ගැටලු
📌️ හෘද රෝග

කලාතුරකින් වවත් මෙම තත්ව ගර්භාශගත පිලිකා තත්වයන් දක්වාද වර්දනය විය හැක.
මෙ නිසා ආර්තව චක්‍රයෙ පවතින ගැටලු වලට නිසි ප්‍රතිකාර ලබාගැනීම අත්‍යාවශ්‍ය වේ.

(ප්‍රතිකාර සදහා වේලාවක් වෙන්කරවාගෙන පැමිනීම අනිවාර්‍ය බව කරුනාවෙන් සලකන්න.)


ආයුර්වේද වෛද්‍ය එම් ඩී වත්සලා
සුවෙත්මා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්තානය
At 655/1A,
ගිල්බට් එදිරිසිංහ මාවත , ඇරැව්වල
පන්නිපිටිය

Suwethma Ayurveda  Medical Center At 655/1A, Gilbert Edirisinghe MW, Arawwala,Pannipitiya. Benefits✔ Helps to improve bl...
01/12/2023

Suwethma Ayurveda Medical Center
At 655/1A,
Gilbert Edirisinghe MW,
Arawwala,
Pannipitiya.

Benefits

✔ Helps to improve blood circulation through the body
✔️ Relaxes muscles
✔️ soothers nurve endings and reduce body pain
✔️Remove Toxins
✔️ Reduce Fatigue
✔️ Control Ageing and increases longevity
✔️ Brightens the Skin
✔️ Improve immunity
✔️ relieves stress

Address

655/1/A , Arawwala
Pannipitiya
10230

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00
Saturday 08:30 - 13:00
Sunday 09:00 - 17:00

Telephone

+94775064703

Website

Alerts

Be the first to know and let us send you an email when Suwethma Ayurveda - සුවෙත්මා ආයුර්වේද posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Suwethma Ayurveda - සුවෙත්මා ආයුර්වේද:

Share