Tiya Sweet Bow

Tiya Sweet Bow Handmade Sweet Bows for Little Princess
(1)

✨❤️ Happy New year 2026 !! ❤️✨Tiya Sweet Bow 🎀
31/12/2025

✨❤️ Happy New year 2026 !! ❤️✨

Tiya Sweet Bow 🎀

24/12/2025

🎄✨ Merry Christmas ✨🎄
Love • Joy • Smiles

❤️සියලු දෙනාටම ලස්සන සිනාවෙන් හැඩවුණු, ආදරය , සතුට, සාමය පිරි
සුබම සුබ නත්තලක් වේවා 🎀💫🌲

🎀 Little girls, big Christmas smiles!🌲Xmas theme hair bows – perfect for parties & photos 📸✨Available now ❤️📞 Orders & D...
22/12/2025

🎀 Little girls, big Christmas smiles!

🌲Xmas theme hair bows – perfect for parties & photos 📸✨

Available now ❤️

📞 Orders & Details: 076 928 5935

📩 DM us now – Limited stock only ❤️🎄

02/12/2025

ඔයාගේ හැමදේම නැති වුනේ නැහැ ! මේ අහන්න. මේ වෙලාවේ , උදව් ඕනම ඔයාට....

ඔයා තනියම නෙමෙයි. මං දන්නවා මේ වෙලාවේ ගොඩක් ප්‍රශ්නවල ඔයා පැටලිලා ඇති. ඔයා කාලයක් තිස්සේ ගොඩනගාගෙන ආපු ගොඩක් දේවල් නැතිවෙලා. ඒත් ඔයා තනියම නෙමෙයි. මුළු රටක් ම ඔයා එක්ක ඔයාට උදව්වට ඉන්නවා.

අපි ආයෙත් නැගිටිනවා. ඔයා එක්කම නැගිටිනවා. අපි ඔයාව නැගිට්ටවනවා. ඔයා වෙනුවෙන් මුළු රටක්ම ඉන්නවා. දෙස් විදෙස් මිනිස්සු ඔයා එක්ක ඉන්නවා. ඔයාලව නැගිට්ටවන්න මිනිස්සු ඉන්නවා..

දුර්වල වෙන්න එපා ! හැම මොහොතකම කොහේ හෝ ගෙදරක ඔයා වෙනුවෙන් දෙවියන් යදිනවා. බුදුන් වඳිනවා. ඔයා ආරක්ෂා කරන්න කියලා කොහේ හෝ තැනක හැම මොහොතකම යාතිකා මිමිනෙනවා....

අපි නැගිටිනවා ! ඔයත් එක්කම නැගිටිනවා...
බලාපොරොත්තු අත්හැර ගන්න එපා ! නැතිවුණු දේවල් පෙර තිබුණාටත් වඩා අපි ශක්තිමත්ව හදාගමු ! ඔව් ඔයාට පුළුවන්. අපිට පුළුවන්. ආයෙත් නැගිටිනවා. අපි තවත් ජපානයක් වගේ වෙනවා...!!!

සමතලා වෙච්ච හිරෝෂිමාවත් නැගිට්ටවගෙන මුළු ලෝකෙම රජ කරන ජපානයක් වෙනවා !!!!

ලෝකෙට අලුත් උදාහරණයක් දෙනවා කොයිතරම් වැටුණත් නැගිටින ජාතියක් අපි කියලා...!!!🇱🇰

-Gumiho's Diary-

01/12/2025

මේ වගේ වෙලාවක කොහොමද ධනාත්මක වෙන්නේ ...

" අපේම මිනිස්සු කරදරයට පත් වෙද්දි අපිට සතුටෙන් ඉන්න බොහොම අමාරුයි කියලා මම දන්නවා. ඒත් අපිට පුළුවන් සහානුකම්පාව එක්ක ධනාත්මක වෙන්න. එහෙමත් නැත්නම් එම්පති එක්ක ධනාත්මක වෙන්න..."

ඒ කොහොමද කියලා මං කියා දෙන්නම්...

- හැමදේම හරියනවා කියන විශ්වාසයෙන් හුස්ම ගන්න. මෙහෙම නරක දෙයක් වෙයි මේ විදිහට නරක දෙයක් වෙයි මේ විදියේ විනාසයක් වෙයි කියලා හිත හිතා දුක් වෙන්නෙ නැතුව නිතරම හිතන්න හැමදේම හරියනවා කියලා.

- ඔයාගේ ජීවිතයට ස්තූතිවන්ත වෙන්න. ඔයාට අනතුරක් වෙලා බේරුනානම් එහෙමත් නැත්නම් අනතුරක සේයාවක්වත් ඔයා ඉන්න පලාතේ නැත්නම් ස්තුතිවන්ත වෙන්න. කොයි තරම් ප්‍රශ්න පිට ප්‍රශ්න ආවත් ඔයා මේ වෙලාවේ ජීවත් වෙනවා නම්, ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වෙන්න.

- ලැබෙන කෑම ටිකට ස්තූතිවන්ත වෙන්න. කෑම ගැන බැන බැන කන්න එපා. ලැබෙන කෑම මොකක් වුනත් ඒ දේට ස්තුතිවන්ත වෙන්න. ඔයා ආපදාවට ලක් වෙච්ච කෙනෙක් උනත් ඔයාට කිසිම ආපදාවක් නැතත් ඔයාට ලැබෙන ආහාරයට ස්තූතිවන්ත වෙන්න.

- මිනිස්සුන්ට උදව් කරන මිනිස්සුන්ගේ වැරදි විවේචනය කරන්නේ නැතුව එයාලගේ උදව්වට ස්තූතිවන්ත වෙන්න. හොඳට මතක තියාගන්න කවුරු හරි කෙනෙක් උදව් කරන මුවාවෙන් බොරු කරනවනම් එයාලට ඒ කරන දේවල් වලට සොබාදහම ප්‍රතිඋත්තර දෙනවා. ඔයා එයාලත් එක්ක රණ්ඩු කරන්න යන්න එපා. උදව් කරනවනම් විශ්වාසවන්ත මිනිසුන් හරහා ඒ දේ කරන්න.

- ආපදාවක් වුණාට පස්සේ ඒ දේ ගැන මතක් කර කර ඉන්න එපා. ඒ දේ වෙනුවට එහෙම මතක් කරනවා වෙනුවට ඒ ආපදාව නිසා විපතට පත් හැම මනුස්සයෙක්ටම සුවය ප්‍රාර්ථනා කරන්න

- මෛත්‍රීය කරන්න
හැමෝටම මෛත්‍රිය වඩන්න. ඔයාගේ මිතුරන්ට සතුරන්ට, ඒ හැමෝටම මෛත්‍රී කරන්න. හැම මනුෂ්‍යයෙක්ටම හැම සත්ත්වයෙක්ටම මෛත්‍රී කරන්න. නිතරම හිත සන්සුන් වෙන විදිහට පුංචි වෙලාවක් වෙන් කරගෙන මෛත්‍රී භාවනාව වඩන්න.

- අනේ මට මේ තරම් උදව් කරන්න බෑනේ කියලා පසුතැවෙනවා වෙනුවට පුළුවන් විදියට උදව් කරන්න. නිතරම පසුතැවෙනවා වෙනුවට පුළුවන් දේ කරලා ගොඩක් සතුටු වෙන්න.

- ඔයාට පුළුවන් නම් හිත නිවන සංගීතයකට සවන් දෙන්න. ඔයාට අධික පීඩනයක් දැනෙනවා නම්, ගැඹුරින් හුස්ම ගන්න. ඔයාගේ හිත සතුටෙන් පුරවන ගීතයකට ඇහුම්කන් දෙන්න.

- අනවශ්‍ය විදිහට බය අරගෙන එන අනවශ්‍ය විදිහේ පීඩනයක් අරන් එන ෆේස්බුක් පිටු සහ මිනිසුන් බ්ලොක් කරන්න. උදාහරණයක් කෙනෙක් එක දිගටම නරක නපුරු අනාවැකි ඇත්ත කිය කියා මිනිසුන්ව බය කරනවනම් එවැනි මිනිසුන්ව බ්ලොක් ලිස්ටුවට දාන්න.

ඉතින් ධනාත්මක වෙන්න ! මේ වෙලාවේ ඔයාගේ වයිබ්‍රේෂන් එක ඉහළ මට්ටමක තබා ගන්න

නරකක් වෙයි කියලා බයේ ඉන්නෙ නැතුව හොඳින් හැමදේම හොඳ අතට හැරෙනවා යැයි ජාතියක් විදිහට ධනාත්මකව නැගී සිටින්න. ඔයාගේ ධනාත්මක තරංග මිනිස්සුන්ට උදව් වේවි ඔයා දන්නෙ නැති උනාට !! ඔයාගේ වයිබ්‍රේශන් එක මිනිස්සුන්ට ආශිර්වාදයක් වේවි !!!!

-Gumiho's Diary-

01/12/2025

ආදරණීය නත්තල් සීයේ , මේ ලියුම ලංකාවෙන් !
දෙසැම්බර් මාසයත් ඇවිත්. දෙසැම්බර් මාසය කිව්වම හැම අවුරුද්දෙම ඔයාට ලියන ලියුම ඔන්න අද මම උදේ පාන්දරම එවනවා..
නත්තල් සීයේ, මේ පාර නත්තලට මට තෑගි මුකුත් එපා. මං ඒ වෙනුවට මේ පාර ඉල්ලන්නේ මගේ රටට සතුට අරන් එන්න කියලා. ඔයාට පුළුවන්ද මගේ රටට සතුට තෑගි කරන්න. මිනිසුන්ගේ ජීවිතවලට ආයෙත් බලාපොරොත්තුවක් අරගෙන එන්න.. ඔයාට පුළුවන්ද ? ඔයාට පුළුවන්ද මගේ රට ආයෙත් ලස්සනට හදන්න. ඔයාට පුළුවන්ද නැතිවෙලා ගියපු අපේ හිනාව ආයෙ අරන් එන්න. මේ තමයි මම මේ පාර ඉල්ලන තෑග්ග. ඔයාට පුළුවන්ද වේදනාවෙන් අඳුරු වෙලා ඉන්න හැම මූනක්ම සිනහවකින් ලස්සන කරන්න. ඔයාට පුළුවන්ද ඒ තෑග්ග අපිට දෙන්න. නත්තලට වෙනදට ඉල්ලන පාට පාට තෑගි මේ පාර එපා. මගේ රටට සතුට අරන් එන්න. දෙසැම්බර් මාසය , අපිට ආයෙත් හිනාවෙන්නට පුළුවන් වෙන කාලයක් බවට පත්කරන්න. ඔයාට ගොඩක් ස්තූතියි...

- ගුමිහෝ -

01/12/2025

" අක්කෙ බදුල්ල හාලි ඇල ගල උඩ ප්‍රදේශය නාය ගිහින් තියෙන්නේ .ගමේ කාටවත් කරදරයක් නෑ.ඒත් කෑම වතුර නෑ .උදව් අවශ්‍යයි .අනෙ අක්කෙ මේක share කරන්න.."

මේ මට ආව පණිවිඩයක් 👇

01/12/2025

හැමෝම පුලුවන් තරම් මේ පෝස්ට් එක share කරලා උදව් කරන්න 🙏🏻 මේ photo එකේ ඉන්න කෙනා ( S . Niroshanjalee ) මගේ හොඳම යාලුවා ... එයා හිටියේ ගම්පොළ කීරපන ... වයස අවුරුදු 22 යි ... ගම්පොළ යට උනාට පස්සේ එයා ගැන කිසිම ආරංචියක් නෑ පෙරේදා ඉදන් 😢 එයාව කවුරුම හරි දැක්කොත් පහලින් තියෙන නම්බර් වලට කෝල් කරලා දැනුවත් කරන්න 🙏🏻

+94 76 882 8867 - කවිතා
+94 76 439 8360 - මහේෂා
+94 76 249 3451 - ධමේෂා
+94 74 358 6689 - සාරා

01/12/2025

අද දෙසැම්බර් මස 01 වන සඳුදා දිනයයි🌟

අලුත් මාසයක් අලුත් ආරම්භයක් ලබාගත යුතුම අවස්ථාවක්,🪷

බොහෝ හිත්වල කදුළු, බය, වේදනාව, අවිශ්වාසය පිරුණු මොහොතක්

නමුත්, අපි නැගී සිටිය යුතුමයි
අපේ පුංචි රට පසුගිය කාලෙත් අඳුර මැදින් ජයගත් රටක්,🇱🇰

අදත් එහෙමයි , එකමුතුව එකාවන්ව නැගී සිටිය යුතු අවස්ථාවක් ❤️

ඉතින් සියළුදෙනාටම ඒ ශක්තිය ධෛර්යය ලැබේවා! තෙරුවන් සරණයි !! 🙏🏻🙏🏻

29/11/2025

🇱🇰🙏 සියලු දෙනාම ආරක්ෂා වේවා 🙏🇱🇰
Gangasiripura Dhammaloka Thero

Address

Piliyandala

Website

Alerts

Be the first to know and let us send you an email when Tiya Sweet Bow posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share