Pharmacist.lk

Pharmacist.lk ඖෂධ පිලිබඳ හැදින්වීම

ඖෂධවේදීන් සදහා පාමසි අතර දුර සීමාව නිදහස්.....?සිල්ලර ඖෂධ අලෙවිසැල් (Owner Pharmacist) සදහා ලියාපදිංචි ඖෂධාගාර අතර පවතින...
06/01/2026

ඖෂධවේදීන් සදහා පාමසි අතර දුර සීමාව නිදහස්.....?

සිල්ලර ඖෂධ අලෙවිසැල් (Owner Pharmacist) සදහා ලියාපදිංචි ඖෂධාගාර අතර පවතින යුතු අවම දුර සීමාව (Distance criteria) නිර්දේශ කිරීම සම්බන්ධව

ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් නව සිල්ලර ඖෂධාගාර ලියාපදිංචි කිරීමේදී අනුගමනය කළ යුතු අවම දුර සීමාව (Distance criteria) පිළිබඳව විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබුණු අදහස් හා යෝජනා සලකා බැලීමෙන් පසු මෙම නිර්දේශ ඉදිරිපත් කරනු ලැබේ.

මෙම දුර සීමාවන් අදාළ වන්නේ සිල්ලර ඖෂධාගාර අතර පවතින දුර සම්බන්ධයෙන් වන අතර, රට පුරා ඖෂධාගාර සේවාවන් සමානව හා සාධාරණ ලෙස බෙදාහැරීම සහ මහජන සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් මෙය හඳුන්වා දෙනු ලැබේ.

------------------------------------------------------------------------

1. ක්‍රියාත්මක වන දිනය

සිල්ලර ඖෂධාගාර සඳහා අවම දුර සීමාව (Distance criteria) නිර්දේශ 2026 ජනවාරි මස 01 වන දින සිට ක්‍රියාත්මක වේ.

-----------------------------------------------------------------------

2. සුදුසුකම් සහ අයදුම් කිරීම

අවම දුර සීමාවන් නිර්දේශයට අනුව නව ඖෂධාගාර ලියාපදිංචි කිරීම සඳහා පහත සුදුසුකම් සපුරාලිය යුතුය.

• නව ඖෂධාගාරය අයදුම් කරන පුද්ගලයා, එම ඖෂධාගාරයේ එකම හිමිකරු (Sole-owner) විය යුතුය.
• අයදුම්කරු වගකීම දරන ඖෂධවේදී (Responsible Pharmacist) ලෙස NMRA හි ලියාපදිංචි වී තිබිය යුතුය.
• 2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතට (NMRA Act) අනුව නියමිත සියලුම සුදුසුකම් සපුරාලිය යුතුය.
• ස්ථානය පිළිබඳ අනුමැතිය (Location Approval) ලබාගෙන තිබිය යුතු අතර, අදාළ ප්‍රාදේශීය ලියාපදිංචි ආයතනය (BRC) මගින් නිකුත් කරන ලද ලේඛන ඉදිරිපත් කළ යුතුය.

-------------------------------------------------------------------

3. සිල්ලර ඖෂධාගාර පවත්වාගෙන යාම

• මෙම නිර්දේශ ක්‍රියාත්මක වන දිනයෙන් පසු නව සිල්ලර ඖෂධාගාර ලියාපදිංචි කිරීම සඳහා අදාළ දුර සීමාවන් අනිවාර්යයෙන් අනුගමනය කළ යුතුය.
• දැනට පවත්නා ඖෂධාගාර සම්බන්ධයෙන් මෙම දුර සීමාවන් බලපාන්නේ නැති අතර, නව අයදුම් සඳහා පමණක් මෙය අදාල වේ.
• Owner Pharmacist විසින් ඖෂධාගාරය පවත්වාගෙන යාම සහ නීතිමය වගකීම් ඉටු කිරීම සම්පූර්ණයෙන්ම තම වගකීම යටතේ සිදු කළ යුතුය.

මෙම නිර්දේශ අනුව, සිල්ලර ඖෂධාගාර 2026 ජනවාරි 01 දින සිට NMRA විසින් නියමිත ක්‍රියාපටිපාටි හා නියෝගයන්ට අනුව පමණක් ලියාපදිංචි කරනු ලැබේ. අදාළ නීති හා නියාමන ක්‍රමවේදයන්ට අනුව කටයුතු නොකරන අයදුම් ප්‍රතික්ෂේප කිරීමට NMRA අයිතිය රඳවා ගනී.

----------------‐--------------------------------------------------

වෛද්‍ය . විජිත කේ. විජේදාස
MBBS, MSc, MD (Com. Med), MA (Sociology)
අධ්‍යක්ෂ ජනරාල්
ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA)

දිනය: 2026 ජනවාරි 01
කොළඹ 02

08/10/2025

පිළිකා කල් ඇතිව හඳුනාගැනීමේ මධ්‍යස්ථානය (CEDC)
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා පාලන වැඩසටහනේ (එන්.සී.සී.පී.) පිළිකා කල් ඇතිව හඳුනා ගැනීම මධ්‍යස්ථානය, නාරහෙන්පිට රොටරි සමාජයෙහි මූල්‍ය සහයෝගය ඇතිව පවත්වාගෙන යනු ලබන ආයතනයකි.මෙම මධ්‍යස්ථානය නාරාහේන්පිට මංසන්දියට ආසන්නව බොරැල්ල දෙසට වන්නට ගොඩනැගිල්ලක ස්ථාපනය කර ඇත.

පිළිකා කල් ඇතිව හඳුනාගැනීමේ මධ්‍යස්ථානය රජයේ නිවාඩු දින හැර සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව 3.00 දක්වා විවෘතව පවතී.
වෙලාවක් වෙන්කර ගැනීම සඳහාඔබගේ හමුවීම් ලබා ගැනීම සඳහා සතියේ දිනවල උදේ 8.30 සිට පස්වරු 3.30 දක්වා +94113259227 අමතන්න නැතහොත් [email protected] ට ඊ-මේල් කරන්න.

පහත සඳහන් සේවාවන් නොමිලේ ලබා දේ:

පිළිකා ආශ්‍රිත ගැටළු, පිළිකා අවදානම හඳුනා ගැනීම සඳහා සායනික ඉතිහාසය, අවදානම් සාධක පිළිබඳ අධ්‍යාපනය, පොදු වළක්වා ගත හැකි පිළිකා පරීක්ෂණ කිරීම හා වැළැක්වීමේ අවශ්‍යතාවය පිළිබඳ මග පෙන්වීම ඇතුළු පිළිකා ආශ්‍රිත කරුණු සාකච්ඡා කිරීම සඳහා වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම.
ස්වයං පියයුරු පරීක්‍ෂණය සහ ස්වයං මුඛ පරීක්‍ෂණය පිළිබඳ නිවැරදි තාක්‍ෂණය පිළිබඳ නිරූපණය.
පියයුරු පිළිකා සඳහා පරීක්ෂාව (සේවාදායකයින් ලියාපදිංචි කිරීමෙන් හා මූලික උපදේශනයෙන් පසුව සිදු කෙරේ. පිළිකා කල් ඇතිව හඳුනා ගැනීම පිළිබඳ ජාතික මාර්ගෝපදේශයන්ට අනුව පරික්ෂා කිරීමේ ක්‍රම සේවාදායකයාගෙන් සේවාදායකයාට වෙනස් වේ.):
සායනික-පියයුරු පරීක්ෂණය
අල්ට්රා සවුන්ඩ් ස්කෑන් කිරීම
මැමෝග්‍රැෆි
ගැබ්ගෙල පිළිකා සඳහා පරීක්ෂාව ( සේවාදායකයින් ලියාපදිංචි කිරීමෙන් හා මූලික උපදේශනයෙන් පසුව සිදු කෙරේ. පිළිකා කල් ඇතිව හඳුනා ගැනීම පිළිබඳ ජාතික මාර්ගෝපදේශයන්ට අනුව පරික්ෂා කිරීමේ ක්‍රම සේවාදායකයාගෙන් සේවාදායකයාට වෙනස් වේ. ):
ස්පෙක්‍යුලර් පරික්ෂාව මගින් යෝණි පරික්ෂාව (අවශ්‍යනම් සහ සුදුසු විට)
පැප් ස්මියර්
මුඛ පිළිකා සඳහා පරීක්ෂණ
විශේෂඥ මතය සහ මග පෙන්වීම සඳහා යොමු කිරීම (අවශ්‍යනම් සහ සුදුසු විට)
උදා. පියයුරු සායන / නාරිවේද සායන / සාමාන්‍ය ශල්‍ය සායන / ජාන උපදේශන සායන..සුභසිද්ධිය සඳහා හොඳ සේවයක් ඇත්තෙන්ම.
සැවොම සුවපත් වේවා.!! 🙏🙏🙏......

ඇමතුම් විස්තර:

පිළිකා කල් ඇතිව හඳුනාගැනීමේ මධ්‍යස්ථානය,
No. 519,
ඇල්විටිගල මාවත,
නාරහෙන්පිට.
අමතන්න Tel: 0113159227

Copy

C e y l o n

10/03/2024
බෙහෙත් ඇලර්ජි - දහම් කරුනු. 🙏✅ සාමාන්‍යයෙන් නම් බෙහෙත් ඇලර්ජික් වෙන එක ආන්ඩුවේ වත්, වෛද්‍යවරුන් - හෙදියන්ගෙ වත්, බෙහෙතේ ...
16/07/2023

බෙහෙත් ඇලර්ජි - දහම් කරුනු. 🙏

✅ සාමාන්‍යයෙන් නම් බෙහෙත් ඇලර්ජික් වෙන එක ආන්ඩුවේ වත්, වෛද්‍යවරුන් - හෙදියන්ගෙ වත්, බෙහෙතේ වරදක් වත් නෙවෙයි.

✅ඒක අදාල පුද්ගලයාගෙ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් අදාල බෙහෙත වරදවා හානිකර සංයෝගයක් විදියට අඳුරගෙන,ශරීරයෙන්ම එන ප්‍රතික්‍රියාවක්. ඉතාම පොඩි ආසාත්මිකතාවකදී ඇඟ කසල පලු දැම්මට, සමහර කලාතුරකින් කෙනෙක්ගෙ විනාඩි කීපයකින් ස්වශන පද්ධතිය ඉදිමිලා මැරිලා වැටෙන්න පුළුවන්.

✅ඇලර්ජි පුද්ගලයගෙන්, පුද්ගලයට සම්පුර්ණයෙන්ම වෙනස්. ඒවා මිනිස්සුන්ගෙ ජානමය වෙනස්කම් නිසා තමයි එහෙම වෙනස් විදියට ඇතිවෙන්නෙ. නමුත් එකවරක් ඔබට ඇලර්ජික් උන බෙහෙතක් ජීවිත කාලෙම ආයෙ වෛද්‍යවරුන් දෙන්නෙ නෑ. මොකද දෙවනි වතාවෙ ප්‍රතික්‍රියාව පලවෙනි වතාවට වඩා ලොකු එකක් වෙන්න පුළුවන්.

✅ඇලර්ජී තියනවද නැත්ද කියලා ලෝකෙ කොහේවත් හැම බෙහෙතම දෙන්න කලින් චෙක් කරන්නෙ නෑ. ඉතාම සීමීත බෙහෙත් කීපයක එහෙම ටෙස්ට් කරනවා. සමහර බෙහෙත් වර්ග වලට කොහොමත් වැඩිපුර ඇලර්ජීස් එන්න පුළුවන්. උදාහරණයක් විදියට සර්ප ප්‍රතිවිශ.

✅කන කෑම, ගාන සබන් ඉඳලා ඕනෙම බෙහෙතක් ඇලර්ජික් වෙන්න පුළුවන්.
ඔබට ඇලර්ජික් බෙහෙත් වර්ගය තව මිනිස්සු මිලියන ගානකට විද්දත් ඇලර්ජික් වෙන්නෙ නැතිවෙන්න පුළුවන්. ඒක සම්පුර්ණයෙන්ම පුද්ගලානුබද්ධ යි. ඔබ ඉස්සො ඩෙවල් කද්දි, එක ඉස්සෙක් කාල ඇලර්ජික් වෙලා මියගිය අය ගැන ඔබ අහල තියෙන්නෙ ඒකයි.

✅ බෙහෙත් විෂවෙනවා කියල ජනවහරෙ කියන්නෙ මේ ඇලර්ජිස් වලට. ඒක සම්පුර්ණයෙන්ම වරදි අදහසක් දෙන වචනයක්. හරි වචනේ ආසාත්මිකතා කියන එක.
නවීන බෙහෙත් ඔක්කොම එන්නෙ විෂ වලට සම්පුර්ණයෙන්ම ටෙස්ට් කරලා. ඒ කිව්වෙ Toxicity Studies කරල මිසක් අලුත් කිසිම බෙහෙතක් නිශ්පාදනය කරන්න බෑ. ඒ නිසා විෂ-වෙන බෙහෙත් කියලා ජාතියක් වෛද්‍ය විද්‍යාවෙ නෑ.

✅ නවීන වෛද්‍ය විද්‍යාවෙ, ඕනෙම ප්‍රතිකාරයක් කරන්නෙ ඒකෙන් ලැබෙන වාසිය, රෝගයෙන් වෙන අවාසියට වඩා ඉතාම වැඩිනම් විතරයි. ඒ නිසා කවුරුත් විෂ බෙහෙත් රෝහල්වල විදින්නෙ නෑ.

✅ එතකොට, රෝහලක මේ වගේ මාරාන්තික ඇලර්ජි එකකින් මියයාම ඉතාම අවාසනාවන්ත තත්වයක්. තාම මේ මරණයට හරිම හේතුව නිශ්චිතවම හොයාගෙන නෑ.ඒක ඇලජි එකක්මද කියන්න අපි තාම ඉක්මන් වැඩී. ඒ නිසා මේ ප්‍රවෘත්ති හරියටම තහවුරු වෙනකම් බලමු කියන එක තමයි වඩාත්ම හොඳ.

ඇලර්ජි එකක් නම්, කාර්ය මන්ඩලය මේ වගේ කේස් එකකදි තමන්ගෙ උපරිම උත්සාහය ගන්නවා රෝගියා බේරගන්න. සමහර උපකරන වල හිඟකම, මානව සම්පත් අඩුකම හෝ කාර්ය මන්ඩලයේ මිනිස් අතපසුවීම් , ප්‍රමාදවීම් දක්වා ලොකු පරාසයක දේවල් මේ වගේ රෝගියෙක් මැරෙන එකට බාහිර හේතු වෙන්න පුළුවන්. ඒ සියල්ල ගැන පරීක්ෂනයක් වෙන එක ඉතාම හොඳ දෙයක්.

✅ බාල බෙහෙත් කියන්නෙ, අදාල ඖෂධයේ අඩු කොලිටි සමාගමකින් හදන බෙහෙත් එක. උදාහරණයක් විදියට පිලිකා ඖෂධයක් වෙන Zoledronic acid බෙහෙත ඉන්දියාවෙ රුපියල් 800 ඉඳල 16,000 වෙනකම් ගනන් වලට තියනවා. අපේ රටේ මිල පාලන ගැසට් නිසා බොහෝවිට අපිට එන්නෙ මේ පහල ලෙවෙල් එකේ බෙහෙත් බ්‍රෑන්ඩ් විතරයි. මේ බෙහෙත් දෙකම එක උනාට, මරුටියයි බෙන්ස් එකයි වගේ. අඩු කොලිටි ඒවගෙ බෙහෙතට අමතරව තව නිශ්පාදන ක්‍රියාවලියෙදි ෆිල්ටර් කරල අයින් කරන්න ඕනෙ කෙමිකල් යම් ප්‍රමානයක් තියෙන නිසා වැඩිපුර ඇලර්ජි ප්‍රමානයක් වෙන්න න්‍යායාත්මක ඉඩක් තියනවා.

✅ තවමත්, ඔබට රෝගයකට ප්‍රතිකාර කරගන්න තියන ආරක්ෂිතම ක්‍රමය නවීන වෛද්‍ය විද්‍යාව විතරයි. මේ සිදුවීම් මිනිස්සු මිලියන ගනනකින් එක් අයෙකුට වෙන්න පුළුවන් ඉතාම විරල, අවාසනාවන්ත සිද්ධි. ලෝකෙ නවීනම සෞඛ්‍ය පහසුකම් තියන ඇමරිකාවෙත් මිනිස්සු 1000ක් විතර වසරකට ඇලජි වෙලා මැරෙනවා.

✅නමුත්, මේ වගේ අහඹු සිද්ධි වලින් ඔබව කම්පනය වෙන වෙලවෙ, ඔලුව උස්සන්න හදන නා-නා ප්‍රකාර හොර වෙදුන්ගෙන් නම් ඔබ ඇලර්ජි වලට වඩා පරෙස්සම් වෙන්න ඕනෙ.

ස්තුතී
Chanith Peduruarachchi

Allergy කියන්නෙ මොනවද ?🤔Medical staff නොවන අයට  හරි අවබෝධයක් නැති මාතෘකාවක් තමයි මේ allergy කියන්නෙ. ඒ නිසා සරලව දැනුවත්...
14/07/2023

Allergy කියන්නෙ මොනවද ?🤔

Medical staff නොවන අයට හරි අවබෝධයක් නැති මාතෘකාවක් තමයි මේ allergy කියන්නෙ. ඒ නිසා සරලව දැනුවත් කරන එක හොඳ වෙයි කියලා හිතුවා.😇

⁉️Allergy කියන්නෙ මොකක් ද ?
Allergy කියන්නෙ Hypersensitivity වලින් type 1 එක. ඒකෙදි වෙන්නෙ Allergy වෙන දෙයකට දෙවන වර නිරාවරණය වුණාම ( පලමු වර වෙන්නෙ ඇඟෙන් allergy එක අඳුන ගෙන මතක තියා ගන්න එක. ඒකට කියන්නෙ sentisization කියලා). කසන පලු ( Urticarial rash ) දාලා , හුස්ම ගන්න අමාරු වෙලා සමහර විට මැරෙන්න වුණත් පුලුවන් තත්ත්වයක්.🫨

⁉️ ඇයි එහෙම වෙන්නෙ ?
අපේ ඇඟට ආගන්තුක දේවල් එද්දි ඒක අඳුන ගන්නෙ ප්‍රතිශක්ති පද්ධතතියෙන්. පලමු පාර අඳුන ගෙන දෙවෙනි පාර Histamine වගේ chemicals ලේ වලට release කරනවා.Histamine හොඳක් කරන්න ආවත් එයාගෙ action එක වෙන්නෙ රුධිර නාළ ලොකු කරන එක ( Vasodilation ) සහ පෙනහලු වල හුස්ම යන බට පොඩි කරන එක (Bronchoconstriction) තව ගොඩක් දේවල් කරනවා. මෙවගෙන් වෙන්නෙ ප්‍රෙශර් හොඳටම අඩු වෙලා හුස්ම හිරවෙන එක. ඔව්, ඒ කියන්නෙ මැරෙන එක .😐😵
Allergy එකක් පුංචි කැසිල්ලක සිට මරණය දක්වා ලොකු range එක්ක තියෙන රෝගී තත්ත්වයක්.

⁉️Allergy වෙන්න මොනවටද ?
ලෝකෙ තියෙන ඕනෙම දේක allergy වෙන්න පුලුවන්. ඔව්, ඕනෙ දේකට. වතුර, ඉර එළිය පවා allergy අය ඉන්නවා. හැබැයි වැඩිපුරම කෑම, බෙහෙත්,plasters allergy වෙන්න පුලුවන්. ඒක නිසා doctors ලා අනිවාර්යයෙන් ඕක අහනවා. 🩺

⁉️බෙහෙත් allergy වෙන එක නවත්තන්න පුලුවන් ද ?
Allergy නවත්වන්න බැ. හැබැයි allergy වලට ලෑස්ති වෙලා ඉන්න පුලුවන්.උදාහරණයක් ලෙස සර්පයෝ කෑවම දෙන AVS කියන බෙහෙත ගොඩක් දුරට allergy වෙනවා. ඒනිසා ඒ එක්කම life saving drugs ලෙඩාට දෙනව. ඒ නිසා අවුලක් නැ. 😌

⁉️ඇයි allergy වෙන්න පුලුවන් බෙහෙත් නොදී ඉන්න බැරි ?
එහෙම නං කිසිම බෙහෙතක් දෙන්න බැ. ලෝකෙ තියෙන හැම බෙහෙතටම කවුරු හරි අනිවා allergy වෙනවා. පැරසිටමෝල් පවා.
බෙහෙත් allergy වෙන්නෙ ලක්ශෙකින් එක්කෙනෙක් ට වගේ. වැඩිපුරම පෙනිසිලින් වගේ ප්‍රතිජීවක තමා. ඉතිං අර එක්කනා නිසා බෙහෙත් නොදී හිටියොත් ඉතුරු 9999ටම මැරෙන්න තමා වෙන්නෙ. එහෙම කලා නං මුලු මානව සංහතියම නැති වෙලා ගොඩක් කල්. අනික ඕනෙම බෙහෙතකට කලිං Allergy වෙලාද තියෙනවද කියලා අනිවාර්යයෙන් doctors ලා අහලා bed ticket එකේ ලියනවා. ඒක පට්ටම basic දෙයක්. 🤷🏼‍♂️💁🏼‍♂️

⁉️Allergy වුනාම කොච්චර වෙලා යනවද රෝග ලක්ෂණ පේන්න ?
ඒක dependent. Allergy එකේ ප්‍රභල තාව අනුව තප්පර ගානක ඉඳං පැය ගානක් වෙන්නත් පුලුවන්. ඉතිං තප්පර ගානකින් වුනොත් ජනාධිපති වුනත් ලෙඩා මැරෙනවා, ළඟ life saving drugs නැත්තං 💀😵

⁉️Allergy වුනාම රෝග ලක්ෂණ මොනවද , මොකද කරන්න ඕනෙ ?
රතු පාට කසන පලු දානවා. ඊට පස්සෙ හුස්ම ගන්න අපහසුතාව වගේ ඕනෙම රෝග ලක්ෂණයක් එන්න පුලුවන්. එහෙම උනොත් ඔලුව පාත් කරලා, කකුල් දෙක උස්සලා ඉක්මනින් ළඟම Hospital එකට අරන් යන්න ඕනෙ. 🏥

නිරෝගී_බව_උතුම්ම_ලාභයයි. එය රැකගමු. ♥️💪🏻

Dr. Gayan B Herath
Reference : ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ ජේශ්ඨ කතිකාචාර්ය වෛද්‍ය Shoba Gunathilake මැඩම්ගෙ lecture එක ඇසුරෙන්. 🩺

📛 Monkeypox (වඳුරු වසූරිය) 🐒‼️ පසුගිය සති දෙක තුළ යුරෝපය පුරා සීඝ්‍රයෙන් පැතිර යන නව වෛරස රෝගයක් පිළිබඳව මේ වන විට ලෝක ස...
29/05/2022

📛 Monkeypox (වඳුරු වසූරිය) 🐒

‼️ පසුගිය සති දෙක තුළ යුරෝපය පුරා සීඝ්‍රයෙන් පැතිර යන නව වෛරස රෝගයක් පිළිබඳව මේ වන විට ලෝක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවධානය යොමු වී තිබෙනවා.

සිකුරාදා (මැයි 20) වනවිට ඇමෙරිකාව ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 11ක් තුළ හඳුනාගත් සහ සැකසහිත රෝගින් 111ක් වාර්තා වී තිබෙනවා.
බ්‍රිතාන්‍යයේ පමණක් සති 2ක් තුළ රෝගීන් සංඛ්‍යාව දෙගුණ වී ඇති බවයි හෙළි වී ඇත්තේ.

මෙය මීට පෙර අප්‍රිකානු මහාද්වීපයේ තිබූ ඉතා දුර්ලභ රෝගයක් වන අතර, යුරෝපය තුළ මෙහි ඉක්මන් පැතිර යාමට හේතුව තවමත් සොයාගැනීමට නොහැකිව තිබෙනවා.

🔺 Monkeypox යනු කුමක්ද ?

Monkeypox virus නම් වෛරසය ආසාදනය වීමෙන් ඇති වන දුර්ලභ රෝගයකි. මෙම වෛරසය වසූරිය (small pox) අයත් වෛරස පවුලට අයත් වේ.
එය සාමාන්‍යයෙන් මීයන් සහ වඳුරන් වැනි සතුන් අතර ව්‍යාප්ත වන අතර එය මිනිසුන්ට ආසාදනය වන බව මුලින්ම සොයා ගැණුනේ 1970දී.

🔺 Monkeypox මාරාන්තිකද ?

ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව මෙහි ප්‍රභේද 2ක් පවතිනවා.
1. කොංගෝ ප්‍රභේදය - යම්තාක් දුරකට මාරාන්තිකයි. මෙය වැළඳුණු පුද්ගලයන්ගෙන් 10% පමණ මියගොස් ඇත.
2. බටහිර අප්‍රිකානු ප්‍රභේදය - සාමාන්‍යයෙන් මාරාන්තික නොවේ. වැළඳුණු පුද්ගලයන්ගෙන් 1%ක් පමණ මියගොස් ඇත.
‼️තවද මෙම රෝගයෙන් මියයාමට වැඩි අවදානමක් ඇත්තේ කුඩා දරුවන් වීමද විශේෂත්වයක්.

🔺 Monkeypox ආසාදනය වෙන්නේ කොහොමද ?

ආසාදිත සතෙකුගේ සපාකෑමකින් හෝ සීරීමකින් මෙය මිනිස් සිරුරට ඇතුළු වෙන්න පුළුවන්.

මෙම වෛරසය වාතය ඔස්සේ පැතිර යා හැකි(airborne) ලෙස සැලකෙනවා.
මේ නිසා ආසාදිත පුද්ගලයන්ගේ ප්‍රශ්වාස බිඳිති (respiratory droplets) මගින් ව්‍යාප්ත වෙන්න පුළුවන්.

ඒ වගේම තුවාල වුණු සම, ශ්වසන මාර්ගය හෝ ඇස්, නාසය සහ මුඛය හරහාද ශරීරයට ඇතුළු වීමේ හැකියාවක් පවතිනවා.

එමෙන්ම මෙම වෛරසයට ලිංගිකව සම්ප්‍රේෂණය වීමටද හැකියාවක් තිබෙනවා (sexually transmitting).

🔺 මෙහි රෝග ලක්ෂණ මොනවාද ?

මෙහි මූලික රෝග ලක්ෂණ වන්නේ උණ, හිසරදය, මාංශ පේශි කැක්කුම, ඉදිමීම සහ කොන්දේ වේදනාවයි.

උණ ඇති වී දින තුනක් ඇතුළත සිරුර පුරා බිබිලි ඇතිවීමට පටන් ගන්නවා. බොහෝ විට ඒවා මුහුණෙන් ආරම්භ වී අත්ල සහ යටිපතුල් වැනි ශරීරයේ අනෙකුත් කොටස් දක්වා පැතිර යන්න පුළුවන්.

මෙම ආසාදනය සාමාන්‍යයෙන් සති 2-4 පමණ කාලයක් පවතින අතර බොහෝවිට අනෙකුත් වෛරස ආසාදන මෙන්ම ප්‍රතිකාරයකින් තොරවම සුව වීමට ලක් වෙනවා.

🔺 Monkeypox සඳහා ප්‍රතිකාර මොනවාද ?

මේ සඳහා දැනට සායනිකව තහවුරු වූ (proven), ආරක්ෂිත (safe) ප්‍රතිකාර නැහැ.
කෙසේ වෙතත්, වසූරිය එන්නත (smallpox vaccine) මෙම වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා බොහෝ දුරට ඵලදායී බව සොයාගෙන තිබෙනවා. එක්සත් රාජධානිය සහ ස්පාඤ්ඤය ඇතුළු රටවල් දැනටමත් රෝග ලක්ෂණ අඩු කිරීමට සහ පැතිරීම සීමා කිරීමට ආසාදිත පුද්ගලයන්ට එම එන්නත ලබා දෙනවා.

මීට අමතරව වෛරසය ආසාදනය වූ බවට සැක කරන පුද්ගලයින් හුදකලා කිරීම (quarantine) සිදු කළයුතු වෙනවා.
මුඛ ආවරණ පැළඳීමෙන් රෝගය ව්‍යාප්‍ත වීම අඩු කරගන්න පුළුවන්.

සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ටද රෝගීන් නිරීක්ෂණය කිරීමේදී පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE - personal protective equipment) භාවිතා කිරීමට නිර්දේශ කෙරෙනවා.

🔺 මේකත් කොරෝනා වගේ වෙයිද ?

යුරෝපයේ දැනට හඳුනාගෙන තියෙන්නෙ මාරාන්තික බවෙන් අඩු බටහිර අප්‍රිකානු ප්‍රභේදය කියලයි කියන්නේ.
ඒ වගේම මෙය මිනිසුන්ගෙන් මිනිසුන්ට පැතිරයාම (human to human transmission) තවමත් අවම මට්ටමක පවතින බව පැවසෙනවා.

ඒ නිසා දැනට මෙය ගෝලීය වසංගතයක් (Global Pandemic) වීමේ අවදානමක් නැති බවයි වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ.

වෛද්‍ය Terash Hettige

https://youtu.be/bkVgmI_ROUQ
03/06/2021

https://youtu.be/bkVgmI_ROUQ

19 am a registered pharmacist in sri lanka medical council.COVID 19 vaccines help our bodies develop immunity to the virus that cause...

කොරොනා එන්නත අපගේ ශරීරයේ covid 19 වෛරසයට විරුද්ධව ප්‍රතිශතයක් ඇති කරන අතර වෛරසය ආසාදනය වුවත් රෝග ලක්ෂණ හෝ අසාධ්‍ය  වීමක්...
01/06/2021

කොරොනා එන්නත අපගේ ශරීරයේ covid 19 වෛරසයට විරුද්ධව ප්‍රතිශතයක් ඇති කරන අතර වෛරසය ආසාදනය වුවත් රෝග ලක්ෂණ හෝ අසාධ්‍ය වීමක් සිදු නොවෙයි.

විවිධ එන්නත් විවිධ ක්‍රම මගින් නිෂ්පාදනය කරන අතර මෙ සියලුම එන්නත් මගින් කොරොනා වෛරසයට විරුද්ධව ප්‍රතිශතයක් ඇති කරයි.

වීඩියෝ එක බලලා එන්නත් ගැන දැනුවත් වන්න.
Subscribe කරන්න .
නුවන් පුෂ්පකුමාර
ඖෂධවෙදී.

https://youtu.be/bkVgmI_ROUQ

Address

Teaching Hospital Ragama
Ragama
01

Telephone

+94770893501

Website

Alerts

Be the first to know and let us send you an email when Pharmacist.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share