AyuCare

AyuCare Health🌿Healing🌿Beauty

15/05/2026

Let nature heal you...💚🌿
Pimples Treatment.

නිතරම ඇහිපිල්ලම ගැහෙන්න ගන්නවද?              Eye twitching          ඇස යට හෝ ඇහිපිල්ලම ගැහීමට ගන්න එක බොහෝ වෙලාවට බය වෙන...
14/05/2026

නිතරම ඇහිපිල්ලම ගැහෙන්න ගන්නවද?
Eye twitching

ඇස යට හෝ ඇහිපිල්ලම ගැහීමට ගන්න එක බොහෝ වෙලාවට බය වෙන්න අවශ්‍ය නෑ.
ගොඩක් අය හිතනවා වම් ඇහිපිල්ලම ගැහෙන එක මොකක් හරි දුක හිතෙන දෙයක් වෙන්න, නැත්නම් අඬන්න පෙර නිමිත්තක් කියලා.
ඔවා නම් විශ්වාස කරන්න එපා..
මොකද විද්‍යාත්මක සාධක අමතක කරලා මිත්‍යාව විශ්වාස කරොත් ඔයාගේ ඇස් දෙක අනතුරේ.

ඇස ගැහීම (Myokymia) කියන්නේ ඇසිපියෙහි ඇති වන පාලනය කළ නොහැකි මාංශ පේශි වෙව්ලීමක්. සාමාන්‍යයෙන් මේ තත්වය හානිකර නෑ.

බොහෝ විට ඇස ගැසීමට හේතු වෙන්නේ සෞඛ්‍ය ගැටලු වලට වඩා අපේ දෛනික ජීවන රටාවයි.

පොදු හේතු....🌿

මානසික ආතතිය:
මාංශ පේශි තද වෙන්න ප්‍රධානතම හේතුවක්.

අධික වෙහෙස:
ප්‍රමාණවත් නින්දක් නොලැබීම නිසා ඇසේ මාංශ පේශි වෙව්ලීමට පුළුවන්.

කැෆේන්:
අධික ලෙස කෝපි, තේ හෝ පැණි බීම පානය කිරීමෙන් මාංශ පේශි උත්තේජනය වෙනවා.

ඇස වෙහෙසීම:
වැඩි වෙලාවක් පරිගණක හෝ දුරකථන තිර දිහා බලාගෙන ඉන්න එක.

ඇස් වියළීම:
ඇසේ තෙතමනය අඩුවීම නිසා ඇතිවන අපහසුව.

මොනවද කරන්න ඕන...🌿

හොඳින් විවේක ගන්න:
මාංශ පේශිවලට අවශ්‍ය විවේකය ලැබෙන්න රාත්‍රියේ හොඳ නින්දක් ගන්න.

කැෆේන් පාලනය කරන්න:
කෝපි වෙනුවට වැඩිපුර ජලය හෝ බෙලි මල්, රණවරා, ඉරමුසු වගේ ඖෂධීය පානයක් භාවිතා කරන්න.

ඇස තැවීම:
මද උණුසුම් රෙදි කඩකින් ඇස තැවීම මගින් මාංශ පේශි ලිහිල් කරන්න පුළුවන්.

ඇස් බිංදු:
ඇස වියළි බවක් දැනෙනවා නම් වෛද්‍ය උපදෙස් මත ඇසට දමන දියර (Artificial tears) භාවිතා කරන්න පුළුවන්.

මේ තත්වය සති දෙකකට වඩා තියෙනවා නම් හෝ ඇස සම්පූර්ණයෙන්ම පියවෙන තරමට තදින් ගැහෙනවා නම්, වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබාගන්න. 💚😇


#ඇහිපිල්ලම

01/05/2026

සන්ධි ආශ්‍රිත රෝගවලින් ඔබ පීඩා විඳිනවාද?

📍 සන්ධිවල පවතින දැඩි තද ගතිය

📍 සන්ධි ඉදිමීම, රතු වීම සහ ස්පර්ශ කරන විට දැනෙන රස්නය.

📍 ඇවිදීමේදී, පඩිපෙළ නැගීමේදී හෝ වාඩි වී නැගිටීමේදී දණහිස්වල ශබ්දය සහ දැඩි වේදනාව.

📍 කොන්දේ, බෙල්ලේ හෝ අත්ලෙහි සන්ධි දිගු වේලාවක් එකම ඉරියව්වක තබා ගැනීමට අපහසු වීම.

ආයුර්වේද ප්‍රතිකාර සහ ස්වභාවික සත්කාර මගින්, ආතරයිටීස්, සන්ධි ආශ්‍රිත රෝග සදහා සාර්ථක ප්‍රතිකාර ලබාගන්න පුළුවන්.

✅ ඉදිමුම සහ තද ගතිය නැති කරයි.
✅ සන්ධිවල නම්‍යශීලී බව නැවත ලබා දෙයි.
✅ ගෙවී ගිය අස්ථි සහ මාංශපේශී ශක්තිමත් වීම
✅ කිසිවෙකුගේ සහයක් නොමැතිව ඔබේ දෛනික වැඩකටයුතු කර ගැනීමට හැකි වීම.

ආතරයිටීස් සහ සන්ධි රෝග සඳහා
අතුරු ආබාධ රහිත ආයුර්වේද ප්‍රතිකාර සඳහා
අප වෙත පැමිණෙන්න!

🍃𝐀𝐲𝐮𝐂𝐚𝐫𝐞 𝐌𝐞𝐝𝐢𝐜𝐚𝐥 𝐂𝐞𝐧𝐭𝐞𝐫🍃

✉ Wattala

✉ Ragama

Call/ Whatsapp : 0705115928

16/04/2026

Not just healing a fracture, but restoring harmony within 🌿

04/04/2026

සන්ධි ආශ්‍රිත රෝගවලින් ඔබ පීඩා විඳිනවාද?

📍 සන්ධිවල පවතින දැඩි තද ගතිය

📍 සන්ධි ඉදිමීම, රතු වීම සහ ස්පර්ශ කරන විට දැනෙන රස්නය.

📍 ඇවිදීමේදී, පඩිපෙළ නැගීමේදී හෝ වාඩි වී නැගිටීමේදී දණහිස්වල ශබ්දය සහ දැඩි වේදනාව.

📍 කොන්දේ, බෙල්ලේ හෝ අත්ලෙහි සන්ධි දිගු වේලාවක් එකම ඉරියව්වක තබා ගැනීමට අපහසු වීම.

ආයුර්වේද ප්‍රතිකාර සහ ස්වභාවික සත්කාර මගින්, ආතරයිටීස්, සන්ධි ආශ්‍රිත රෝග සදහා සාර්ථක ප්‍රතිකාර ලබාගන්න පුළුවන්.

✅ ඉදිමුම සහ තද ගතිය නැති කරයි.
✅ සන්ධිවල නම්‍යශීලී බව නැවත ලබා දෙයි.
✅ ගෙවී ගිය අස්ථි සහ මාංශපේශී ශක්තිමත් වීම
✅ කිසිවෙකුගේ සහයක් නොමැතිව ඔබේ දෛනික වැඩකටයුතු කර ගැනීමට හැකි වීම.

ආතරයිටීස් සහ සන්ධි රෝග සඳහා
අතුරු ආබාධ රහිත ආයුර්වේද ප්‍රතිකාර සඳහා
අප වෙත පැමිණෙන්න!

🍃𝐀𝐲𝐮𝐂𝐚𝐫𝐞 𝐌𝐞𝐝𝐢𝐜𝐚𝐥 𝐂𝐞𝐧𝐭𝐞𝐫🍃

✉ Wattala

✉ Ragama

Call/ Whatsapp : 0705115928

🌿 සම පැහැපත් කරන සිරුර සුවඳ කරන ඉරමුසු  🌿   ඉරමුසු (Sarsaparilla) කියන්නේ අපේ දේශීය වෛද්‍ය විද්‍යාවේ සහ ආයුර්වේදයේ ඉතාමත...
13/03/2026

🌿 සම පැහැපත් කරන සිරුර සුවඳ කරන ඉරමුසු 🌿

ඉරමුසු (Sarsaparilla) කියන්නේ අපේ දේශීය වෛද්‍ය විද්‍යාවේ සහ ආයුර්වේදයේ ඉතාමත් ඉහළින් අගය කරන ඖෂධීය ශාකයක්. විශේෂයෙන්ම ශරීරය නිවීමට සහ ලේ පිරිසිදු කිරීමට ඉරමුසු තරම් ගුණදායක දෙයක් තවත් නැති තරම්.

▪️ ඉරමුසු වල ප්‍රධානම ගුණය තමයි ශරීරයේ අධික උෂ්ණත්වය පාලනය කිරීම.
ඒ විතරක් නෙවෙයි,

▪️ලේ පිරිසිදු කිරීමෙන් රුධිරයේ ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කර සම පැහැපත් කරනවා.

▪️මුත්‍රා දැවිල්ල වැනි රෝගී තත්වයන්ට සහනයක්.

▪️කුරුලෑ, දද සහ පලු දැමීම වැනි සමේ ගැටලු වලටත් ඉතාමත් හොඳයි.

▪️අධික දහඩිය දුගඳ පාලනය කර සිරුර සුවඳවත් කරයි.

▪️දරුවන්ගේ ශරීරයේ ඇතිවන දැවිල්ල සහ උෂ්ණාධික බව නැති කරන්නත් ඉරමුසු වටිනා ඖෂධයක්.

දැන් ඉරමුසු තේ බෑග් විදිහටත් වෙළඳපලේ ගන්න තියන නිසා පහසුවෙන් හදාගන්න පුළුවන්.
එහෙම නම් හැමදාම බොන තේ කෝපි වෙනුවට ඉරමුසු එකතු කරගමු.💚🌿


#ඉරමුසු

Polycystic O***y Syndrome                PCOS තත්වය ප්‍රජනක වයසේ ඉඳලා කාන්තාවන්ට බලපාන වඩාත් සුලභ හෝමෝන ගැටළුවක්. ඒත් බො...
28/02/2026

Polycystic O***y Syndrome
PCOS තත්වය ප්‍රජනක වයසේ ඉඳලා කාන්තාවන්ට බලපාන වඩාත් සුලභ හෝමෝන ගැටළුවක්. ඒත් බොහෝ දෙනෙක් හේතුව දන්නෙ නැතුව හෝ ගනන් නොගෙන ඉන්න නිසා දුක් විඳිනවා.

PCOS කියන්නේ ඩිම්බ කෝෂවල ප්‍රශ්නයක් විතරක් නෙමෙයි.

හෝමෝනවලට, පරිවෘත්තීය ක්‍රියාවලියට, සමේ නිරෝගිකමට සහ මානසික සෞඛ්‍යයටත් බලපානවා.

🌿 රෝග ලක්ෂණ
🔹 අක්‍රමවත් හෝ ඔසප් වීම නොවීම
🔹 ගැබ් ගැනීමේ අපහසුතාව
🔹 සමේ තෙල් ස්වභාවය සහ කුරුලෑ
🔹 මුහුණේ හෝ ශරීරයේ අධික රෝම
🔹 බර වැඩිවීම (විශේෂයෙන් බඩ වටා)
🔹 හිසකෙස් සිහින් වීම හෝ හිසකෙස් වැටීම

මෙම රෝග ලක්ෂණ කිහිපයක් ඔබ එකවර දුටුවහොත්, ඒවා නොසලකා හරින්න එපා.

🌿 PCOS ඇති වෙන්නේ ඇයි?
මෙය මූලිකවම බලපාන්නේ හෝමෝන අසමතුලිතතාවයට
• ඉන්සියුලින් ප්‍රතිරෝධය
• පවුල් ඉතිහාසය
• ජීවත් වෙන රටාව

🌿 PCOS පාලනය කළ හැකිද?
ඔව්.
✔️ පෝෂ්‍යදායී ආහාර
✔️ ශාරීරික ක්‍රියාකාරකම්
✔️ බර පාලනය
✔️ වෛද්‍ය උපදෙස්
✔️ ආතති කළමනාකරණය

මුල් කාලයේදීම ප්‍රතිකාරවලට යොමු උනොත් දියවැඩියාව, වඳභාවය සහ හෘද රෝග වගේ තත්වයන් වළක්වගන්න පුළුවන්.

🌷 අක්‍රමවත් ඔසප් වීම නිතර සිදු වුණොත් සාමාන්‍ය දෙයක් විදිහට නොසලකා හරින්න එපා. ප්‍රතිකාරවලට යොමු වෙන්න.

🍃𝐀𝐲𝐮𝐂𝐚𝐫𝐞 𝐌𝐞𝐝𝐢𝐜𝐚𝐥 𝐂𝐞𝐧𝐭𝐞𝐫🍃

✉ Hendala, Wattala

✉ Nawa Halanduruwa Road, Ragama.

☎ Call/Whatsapp - 0771 600420

24/02/2026

𝐇𝐲𝐩𝐞𝐫𝐩𝐢𝐠𝐦𝐞𝐧𝐭𝐚𝐭𝐢𝐨𝐧

Hyperpigmentation is a common condition that makes some areas of the skin darker than the others.
Skin pigmentation describes the color of your skin due to the amount of melanin it contains.
It occurs when the skin produces excess melanin, the pigment that gives skin it's color.

𝑻𝒚𝒑𝒆𝒔
- Hyperpigmentation
- Melasma
- Sun spots
- Age spots
- Acne/scar freckles

𝑪𝒂𝒖𝒔𝒆𝒔
- Genetics
- Aging
- Hormone changes
- Thyroid disorders
- Injury to the skin
- Medications
- Sun damage
- Not getting enough of certain vitamins

Treatment options will vary depending on the type of skin pigmentation concern that you are dealing with.
Ayurveda treats the root, not just the skin.
🌿🌿🌿

✉ Hendala road, Wattala

✉ Nawa Halanduruwa Road, Ragama.

☎ Call - 077 160 0420




19/02/2026

🌿 බෙල්ල ආශ්‍රිතව ඇතිවන වේදනාව 🌿

කාලයක් තිස්සේ ඔයාගෙත් බෙල්ල ආශ්‍රිතව තද වේදනාවක් තියනවද?
බොහෝ දෙනෙක්ට මේ තත්වය තියනවා.

▪️කශේරුකාවේ ඇති ග්‍රෛවී කශේරුකා
ආශ්‍රිත ගැටලුවක් නිසා බෙල්ලේ කැක්කුමක් ඇති වෙන්න පුළුවන්.

▪️ඒ වගේම වැරදි ඉරියව් නිසාත් බෙල්ල ආශ්‍රිතව ඇති මාංශපේෂි අනවශ්‍ය ලෙස ඇදීමට ලක්වීමත් හේතු වෙන්න පුළුවන්.

▪️ග්‍රෛවී කශේරුකා අතර ඇති ස්නායු, තෙරපීමට ලක් වීම නිසා බෙල්ලේ වේදනාව එක්කම අතේ, ඇඟිලිවල හිරිවැටීම, අතේ මාංශපේෂි වල ශක්තිමත් බව අඩුවීම හා උරහිසේ සිට අත දිගේ එන වේදනාවක් ඇති වෙන්න පුළුවන්.

මේ වගේ රෝග ලක්ෂණ දකින්න තියනවා නම් වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාරවලට යොමු වෙන එක වැදගත්.🌿

විවිධ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම මගින් බෙල්ල ආශ්‍රිත රෝග සුව කර ගැනීමේ හැකියාව තියෙනවා.

🍃𝐀𝐲𝐮𝐂𝐚𝐫𝐞 𝐌𝐞𝐝𝐢𝐜𝐚𝐥 𝐂𝐞𝐧𝐭𝐞𝐫🍃

✉ Hendala, Wattala

✉ Nawa Halanduruwa Road, Ragama.

☎ Call/Whatsapp - 0771 600420

16/02/2026

ඔයාගෙත් හිස කෙස් හිතාගන්න බැරි විදිහට යනවද? 🌿

ගනන් නොගෙන ඉන්න එපා.
එහෙම උණොත් ඔයාටත් නොදැනීම මේ වගේ වෙන්න පුළුවන්.
ඉක්මනින් ප්‍රතිකාර කරනවා නම් මේ තත්වය මගහැර ගන්න පුළුවන්. 🌿

𝐀𝐲𝐮𝐂𝐚𝐫𝐞 𝐌𝐞𝐝𝐢𝐜𝐚𝐥 𝐂𝐞𝐧𝐭𝐞𝐫🍃

✉ Hendala, Wattala

✉ Halanduruwa Road, Ragama.

☎ Call/Whatsapp - 0771 600420

Address

Ragama
11010

Website

Alerts

Be the first to know and let us send you an email when AyuCare posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share