HealthTips.lk

HealthTips.lk We believe health is wealth, we provide informational health and wellness tips. www.healthtips.lk
-------------------------------
Inbox for Advertising

This page is created to give tips to readers about the ways in which they can improve or expand actions in their life in order to have a healthy lifestyle. Besides giving tips about what people should do for healthy living, this website encompasses some of the tips about avoiding certain actions which result in unhealthy living. Even though the website is meant for educational purposes only and it

is not involved in providing medical advice, it still includes some of the major components which are considered as parts of healthy lifestyle. In brief, our team offers key facts and practical tips on people`s health, in terms of nurturing themselves, handling stress, having good and balanced diet, and getting good health. Our website consists of several categories, such as recipes and home remedies, health and beauty, diet and weight loss, exercise, medicine, dairy, general health, and healthy tips. Read and choose topics to your preference. Regardless of the category and article you choose, the tips offered on our website can help you both look and feel better. www.healthtips.lk

03/09/2025

ඔයාගේ අම්මා තාත්තාට වඩාත්ම ගැලපෙන වීඩියෝ එකක්. හොඳටඅහන්න

🌙  Eid Al-Adha! 2025 🌙  Happy Haji Festival 2025 🌙Wishing you a blessed and joyous Hari Raya Haji, filled with peace, lo...
07/06/2025

🌙 Eid Al-Adha! 2025 🌙 Happy Haji Festival 2025 🌙

Wishing you a blessed and joyous Hari Raya Haji, filled with peace, love, and countless blessings.
Why is Hajj celebrated?

Hajj is an annual tradition in which Muslims make the journey to Makkah (or Mecca), Saudi Arabia, and the surrounding area to perform a series of rituals. Eid al-Adha is a three-day celebration at the end of Hajj that recognizes the sacrifice and dedication of the Prophet Abraham

⭕ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින්  සංවිධාන කරනු ලැබූ ක්ෂය රෝග මර්දන පාගමන සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍...
25/03/2025

⭕ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් සංවිධාන කරනු ලැබූ ක්ෂය රෝග මර්දන පාගමන සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් අද(25) බේස් ලයින් පාර, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සිට ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී පරිශ්‍රය දක්වා පාගමනින් පැමිණි අයුරු.

ඡායාරූප - වාසිත පටබැඳිගේ

කුඩු ජාවාරමට පමණක් දෙවැනි වූ ,'වකුගඩු' ජාවාරම දැන්වත් නතර කරන්න......!!=======================================එක වකුගඩුව...
24/03/2025

කුඩු ජාවාරමට පමණක් දෙවැනි වූ ,
'වකුගඩු' ජාවාරම දැන්වත් නතර කරන්න......!!
=======================================
එක වකුගඩුවක විකුණුම් මිල රු මිලියන :40 ක් , 50 ක් ගැණුම් මිල උපරිම රු :ලක්ෂ 05 ක් 06 ක්..!
=======================================
ජාවාරමේ මුල් පුරුකක් දරු පවුල සමග රටින් බැහැර වීමේ සූදානමක.....!
========================================
දශකයකටත් එහා ගිය ලංකාවේ වකුගඩු ජාවාරම දැන් ප්‍රකට කුඩු ජාවාරම තරමටම ඔඩු දුවමින් තිබේ. රටට මහා පිළිලයක් වූ කුඩු ජාවාරම මෙහෙයවන මහ මොළකරුවන් බොහොමයක් එය මෙහෙය වන්නේ විදේශ රටවල සැගවී සිට ය. එලෙසම ඉතා වේගයෙන් ව්‍යාප්ත කරමින් සිටින වකුගඩු ජාවාරම ද හෙට දවසේ මෙහෙය වන්නේ මෙරට සිට නොව, විදේශ රටවල වාසය කරමින් විය හැකි ය. මා එසේ සදහන් කළේ දැනට ලංකාවේ මේ කෲර ජාවාරම කරන එක් මහ මොළකාර වෛද්‍ය වෘත්තිකයකු සිය දරු පවුල සමග විදේශගත වීමට සූදානමින් සිටින හෙයිනි.

ශ්‍රී ලංකාවේ වකුගඩු ජාවාරම ගැන තොරතුරු මුල්වරට අනාවරණය වන්නේ 2012 , 2013 වර්ෂවලය. එදා සිට අද දක්වා මේ ජාවාරම ගැන වරින්වර චාමර අමරසූරිය , නිමන්ති රණසිංහ , ඒමන්ති මාරඹේ සහ බීබීසී සංදේශයේ මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදිනියන් විසින් කොතෙකුත් කරුණු හෙළිදරව් කර තිබේ. එහෙත් ඒ කිසිවකට රටේ සෞඛය බලධාරීන් හරිහමන් විමර්ශනයක් පවත්වා අපරාධ කරුවන්ට දඩුවම් කර නොමැත. අද දවසවන විට වකුගඩු ජාවාරම මෙතරම් දුරට ව්‍යාප්තවී ඇත්තේ ද ඒ නොතකා හැරීම නිසා ය.

පරිත්‍යාග වේසයෙන් දිළිඳු ජනයා ගෙන් ගලවන වකුගඩුවකට රුපියල් මිලියන තිහ හතළිහක්...!
=======================================
විකිණුම්කරුට උපරිම ලක්ෂ පහක් හයක්....!
========================================
මිනිස් අවයව බද්ධ කිරීමේ නෛතික අවසරය මෙරට ස්ථාපිත කර ඇත්තේ 1985 වර්ෂයේ දීය. ඒ යම් අවයවයක ඇතිවන රෝගී තත්වයන් ගෙන් ජීවිත බේරා ගැනීමේ උත්කෘෂ්ට පරමාර්ථ පෙරදැරි කර ගෙනය. එහෙත් අවාසනාවකට කල්යත්ම මේ මේ වටිනා මෙහෙය සහ ගෞරවණීය වෛද්‍ය සේවාව පවා අවමානයට ලක්කරමින් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් ඉපැයීමේ ම්ලේච්ඡ ජාවාරමක් කර ගැනීමට ඇතැමුන් ක්‍රියා කරන්නට පටන් ගැණුනි.

එවැනි ජාවාරම්වලට ලබා ගන්නා මිනිස් අවයව විකිණීම , මිලට ගැනීම සහ ඊට පහසුකම් සැපයීම නීති විරෝධී බවට පත්කරමින් 1987 දී අඊක 49 දරන පනතින් නීති සම්පාදනය කර තිබේ. එහෙත් කිසිදු සංශෝධනයකට භාජනය නොවූ එහි දඩුවම් ලෙස අදත් ක්‍රියාත්මක වන්නේ එවැනි අපරාධයකට වැරදිකරු වුවහොත් , වසර දෙකකට නොඅඩු සිරදඩුවමකි. එය අදට අනුව හාස්‍යජනක දඩුවමකි.

ආර්ථික ද්‍රරිද්‍රතාව දඩමීමා කර ගනිමින්, දිළිඳු පවුල්වල සාමාජිකයන් ඉලක්ක කර මේ ජාවාරම ක්‍රියාත්මකවන අතර පළමුව තැරැව්කරුවන් හරහා ගොදුරු සොයා ගනී. මේ වූ කලී සුවිශාල වටිනාකමක් ඇති සත් ක්‍රියාවක් බවටත් , එකී සත් ක්‍රියාවට දෙන ලක්ෂ පහක හයක තුටු පඩුරක් ලෙසත් හගවා නීතියට හසුවූ විට හුදු පරිත්‍යාගයක් පමණක් බවට අවශ්‍ය ලේඛනවලට අත්සන් ලබා ගනී. එහෙත් එලෙස ලබා ගන්නා වකුගඩු , අවශ්‍යතා ඇති දේශීය විදේශීය දානපතියන්ට මිලියන තිහට හතළිහට විකිණීම ජාවාරමේ තරමයි. මේ ජාවාරමේ වැඩිම ගොදුරු බවට පත්ව ඇත්තේ තරුණ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ය.
කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ....!
======================================
වකුගඩු එකතු කිරීමේ ඉහත ජාවාරමේ නිතර වූවන්ගේ තැරැව්කරුවන් විශේෂයෙන් ගාල්ල කරාපිටිය, මාතර, යාපනය වැනි රෝහල්වල සැරි සරන අතර බොහෝවිට සිය ඥාතින් සමග සායනවලට එන තරුණ පිරිස් වකුගඩු පරිත්‍යාගයට ගොදුරු කර ගනිමින් සිටී. ඉන්පසු ජාවාරමට සම්බන්ධ වෛද්‍ය වෘත්තිකයන් කිහිප දෙනා විසින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මේ ශල්‍යකර්ම සිදුකරන බවට කොළඹ පොලිස් අපරාධ කොට්ඨාශයට පවා යම් දැනුවත් තිබේ.

කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශය වසර දෙක තුනකට පෙර මේ පිළිබද අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. එහෙත් එකී විමර්ශන ගැඹුරින් සිදුකර ජාවාරමේ අපරාධ කරුවන් නීතියේ රැහනට හසුකර ගෙන නැත. ඒ දේශපාලන හෝ වෙනත් බලවේගයක බලපෑමකට යටත්වද යන්න ලියුම්කරු නොදනී. පසුගිය ආණ්ඩු සමයේ කොළඹ මධ්‍යම ලේ බැංකුවේ ලේ විකිණු දේශපාලකයන්ට මේ ජාවාරමට වුව සහාය නොදී සිටීමේ විශ්වාසයක් නැත.

වත්මන් සෞඛ්‍යය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාත් මේ ජාවාරම ගැන රජය පිහිටු වීමට පෙර වහා නතර කළ යුතු මිනිස් අවයව ජාවාරම ගැන යහපත් තැනක සිට අදහස් පළකර තිබුණි. දැන් ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි බලධරයෝ වී සිටිති. එහෙයින්, වහා ක්‍රියාත්මකවී මේ සහාසික අපරාධයට තිත තැබිය යුතු ය.

ඔවුන් වහා ක්‍රියාත්මක වන්නේ නම්, මේ ජාවාරම පිළිබඳ සියලු සාක්ෂි ඉදිරිපත් කිරීමට වෛද්‍ය වෘත්තිකයන්ම කිහිප දෙනෙක් සූදානමින් සිටිති. ඔවුන්ට අවශ්‍ය වන්නේ තම තොරතුරුවල රහස්‍ය භාවය රැකීම පමණි. ඒ ඔවුන්ගේ ජීවිතාරක්ෂාව වෙනුවෙනි. අද දවසේ කුඩු ජාවාරමට සිදුකරන මරා ගැනීම්, ඇතැහවිට ඉන්දියාවේ සිදුවන අයුරින් එවැනි මරා ගැනීම් දක්වා වර්ධනය වීමටත් නොහැකියාවක් නොමැත.

(පෝද්දල ජයන්ත)

ඇයද....මවකි , සොයුරියකි ,දියණියකි..!
11/03/2025

ඇයද....
මවකි , සොයුරියකි ,දියණියකි..!

77 වන ජාතික නිදහස් දිනය අභිමානවත්ව සමරමු !!
04/02/2025

77 වන ජාතික නිදහස් දිනය අභිමානවත්ව සමරමු !!

මේ දිනවල සිරිපා කරුණා  කරන බැතිමතුන්ගේ දැනගැනීම සඳහා කරුණු කීපයක් සටහන් කරන්නම්. 1. මේ දිනවල රාත්‍රියට සීතල වැඩියි, ඊයේ ...
17/01/2025

මේ දිනවල සිරිපා කරුණා කරන බැතිමතුන්ගේ දැනගැනීම සඳහා කරුණු කීපයක් සටහන් කරන්නම්.

1. මේ දිනවල රාත්‍රියට සීතල වැඩියි, ඊයේ රාත්‍රි 12°C ක් පමණ කඳු පාමුල උෂ්ණත්වය ඉහළට යන විට තවත් අඩුවිය හැකියි.

ඒක නිසා උණුසුම රැකෙන් ඇඳුම් ඇඳන් එන්න. අත් ආවරණ පළඳින්න.

2. සීත ගඟුලෙන් දිය නාන්නෙ පරිස්සමෙන්, නෑමෙන් පසු දැඩි සීතලක් ඇතිවී සිහිය නැතිවූ රෝගින් කීප දෙනෙකු ප්‍රතිකාර සඳහා අපට යොමු වූවා.

3. ඇදුම ,හතිය, අධික රුධිර පීඩනය,දියවැඩියාව, අපස්මාරය, හෘදයාබාධ ඇති පුද්ගලයන් සැම විටම ඖෂධ රැගෙන එන්න අමතක කරන්න එපා. ඔවුන් දැඩි සීතල තත්ව හමුවේ කරුණා කරන්න එපා.

4. පාචනය, උදරාබාධ තත්වයන් බහුලයි. පිරිසිදු ආහාර හා ජලය භාවිතා කරන්න හැකි සැමවිටම.

5. ක්ලාන්ත තත්වයක් ඇතිවූ විට බිම වාඩි වන්න, නැත්නම් දිගා වන්න, සහය ඉල්ලා සිටින්න.ඉවසගෙන දිගටම කරුණා කරන්න එපා.

6. පඩිපෙළ වලින් වැටී තුවාල සිඳුවීම් බහුල නිසා ඉවසීමෙන් ප්‍රවේසමෙන් අනිත් අයටත් ඉඩදී කරුණාකරන්න .

ඔබට වෛද්‍යාධාර හෝ ප්‍රථමාධාර සහයක් අවශ්‍යනම් අපගේ නල්ලතන්නි පොලීසිය ඉදිරිපිට මධ්‍යස්ථානයේ ස්වේච්ඡා සෞඛ්‍ය කණ්ඩායම් සිටිනවා. එහි පැමිණ ප්‍රතිකාර ලබාගත හැකියි. (සති අන්ත හෝ ප්‍රධාන නිවාඩු දිනවල සෞඛ්‍යදාන ව්‍යාපාරය විසින් නෙමිලේ කඳවුරු පවත්වනවා)
සෑම සිරිපා සමයකම හදිසි අනතුරු නිසා හෝ රෝගාබාධ උත්සන්න වීම නිසා ජීවිත නැතිවෙනවා. මේ දින කීපයට විශාල ජීවිත ප්‍රමාණයක් අප ගලවා ගත්තා.

එම අවස්ථා අඩු කළ හැක්කෙ ඔබ නිසි සෞඛ්‍ය උපදේශ පිළිපදින්නේ පමණි.

නීරෝගීව කිසිදු පීඩාවකින් තොරව සිරිපා කරුණා කිරීමට ඔබටත් ශක්තිය ලැබේවා !

වෛද්‍ය සජිත් මංජුල
වෛද්‍ය කදවුරු ප්‍රධානී
ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරය

චීනය පුරා පැතිර යන HMPV හි රෝග ලක්ෂණ මොනවාද?HMPV හි රෝග ලක්ෂණ උණ සහ අනෙකුත් ශ්වසන ආසාදන වලට සමාන වේ. කැස්ස, උණ, නාසික තද...
04/01/2025

චීනය පුරා පැතිර යන
HMPV හි රෝග ලක්ෂණ මොනවාද?

HMPV හි රෝග ලක්ෂණ උණ සහ අනෙකුත් ශ්වසන ආසාදන වලට සමාන වේ. කැස්ස, උණ, නාසික තදබදය සහ හුස්ම හිරවීම වැනි පොදු රෝග ලක්ෂණ ඇතුළත් වේ. දරුණු අවස්ථාවල දී, වෛරසය බ්රොන්කයිටිස් හෝ නියුමෝනියාව වැනි සංකූලතා ඇති විය හැක. HMPV සඳහා පුර්ව තක්සේරු කාලය සාමාන්‍යයෙන් දින තුනක් සහ හයක් අතර වන අතර, ආසාදනයේ බරපතලකම අනුව රෝග ලක්ෂණ විවිධ කාලසීමාවන් සඳහා පවතී.

HMPV පැතිරෙන්නේ කෙසේද?

HMPV අනෙකුත් ශ්වසන වෛරස් වලට සමාන ආකාරයකින් පැතිරෙයි. සම්ප්‍රේෂණය සිදු වන්නේ:

කැස්ස සහ කිවිසුම් යාමෙන් ස්‍රාවය මගින් පැතිරීම
අත් මගින් හෝ ස්පර්ශ කිරීම වැනි පුද්ගලික සම්බන්ධතා සමීප වීම් මගින්
දූෂිත පෘෂ්ඨයන් ස්පර්ශ කිරීම සහ මුඛය, නාසය හෝ ඇස් ස්පර්ශ කිරීම

HMPV වලින් වැඩි අවදානමක් ඇත්තේ කාටද?

CDC ට අනුව, HMPV සමහර කණ්ඩායම් සඳහා ඉහළ අවදානමක් ඇති කරයි,:

කුඩා දරුවන්
වැඩිහිටි වැඩිහිටියන්
දුර්වල ප්රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්

HMPV වළක්වා ගන්නේ කෙසේද?

HMPV සඳහා වන වැළැක්වීමේ පියවර අනෙකුත් ශ්වසන රෝග සඳහා සමාන වේ. මතක තබා ගත යුතු කරුණු කිහිපයක්
අවම වශයෙන් තත්පර 20 ක් සබන් හා වතුරෙන් නිතිපතා අත් සෝදන්න.
නොසෝදා අත්වලින් මුහුණ ස්පර්ශ කිරීමෙන් වළකින්න.
රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින්ගෙන් දුරස්ථව තබා ගන්න.
දොර සහ සෙල්ලම් බඩු වැනි නිතර ස්පර්ශ වන මතුපිට පිරිසිදු කරන්න

HMPV රෝග ලක්ෂණ අත්විඳින අය කළ යුත්තේ කුමක්ද?

HMPV හෝ සෙම්ප්‍රතිශ්‍යාවේ රෝග ලක්ෂණ අත්විඳින අය සඳහා, සරල සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය කිරීමෙන් වෛරසය පැතිරීම වළක්වා ගත හැකිය.

මුඛය සහ නාසය ආවරණය කරන්න: කිවිසුම් යන විට හෝ කැස්ස විට, ජල බිඳිති පැතිරීම වැළැක්වීම සඳහා ආවරණයක් භාවිතා කරන්න.
නිතිපතා අත් සෝදන්න: අවම වශයෙන් තත්පර 20 ක් සබන් හා වතුරෙන් නිතර අත් සේදීම සම්ප්‍රේෂණය වීමේ අවදානම අවම කර ගත හැකිය.
පුද්ගලික අයිතම බෙදා ගැනීමෙන් වළකින්න: අන් අයට ආසාදනය වීමේ සම්භාවිතාව අවම කිරීම සඳහා භාජන, කෝප්ප හෝ වෙනත් පුද්ගලික උපකරණ බෙදා නොගන්න.
නිවසේ රැඳී සිටින්න: ඔබට අසනීප බවක් දැනේ නම්, වෛරසය අන් අයට පැතිරීම වැළැක්වීම සඳහා නිවසේ රැඳී සිටීම සහ විවේක ගැනීම වඩාත් සුදුසුය

HMPV සඳහා ප්‍රතිකාරයක් හෝ එන්නතක් තිබේද?

මේ වන විට HMPV සඳහා නිශ්චිත ප්‍රතිවෛරස් ප්‍රතිකාරයක් හෝ එන්නතක් නොමැත. ආසාදිතයන් සඳහා වන වෛද්‍ය ප්‍රතිකාර රෝග ලක්ෂණ සමනය කිරීම සහ සංකූලතා වැලැක්වීම කෙරෙහි අවධානය යොමු කරයි

විස්තර අන්තර් ජාලයෙනි

World AIDS Day 2024ලෝක ඒඩ්ස් දිනය 2024
01/12/2024

World AIDS Day 2024
ලෝක ඒඩ්ස් දිනය 2024

වෛද්‍ය නලින්ද ජයතිස්ස සෞඛ්‍ය අමාත්‍යධූරයේ වැඩ අරඹයි.👉 තව කියවන්න>>> 👉https://shorturl.at/69kEg𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡🟠 Subscribe to...
19/11/2024

වෛද්‍ය නලින්ද ජයතිස්ස සෞඛ්‍ය අමාත්‍යධූරයේ වැඩ අරඹයි.

👉 තව කියවන්න>>> 👉https://shorturl.at/69kEg

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🟠 Subscribe to my YouTube channel 👉 https://www.youtube.com/
🟠 Website 👉 https://shorturl.at/NAczy

Address

120 1/1, Wellikada
Rajagiriya
10100

Alerts

Be the first to know and let us send you an email when HealthTips.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to HealthTips.lk:

Share