11/11/2025
දියවැඩියාව සමඟ සුවෙන් ජීවත් වෙමු! 💚
දියවැඩියාව කියන්නේ අපි නිතරම අවධානයෙන් කළමනාකරණය කරගන්න ඕන දෙයක්. ඒ වෙනුවෙන් තඹුත්තේගම සුවසහන රෝහල වන අපි, ඔයාලට උදව්වක් විදිහට මේ සරල, ඒත් ගොඩක් වටිනා උපදෙස් ටික මතක් කරන්න හිතුවා.
ඔබ දියවැඩියා රෝගියෙක් නම්, මේ දේවල් අමතක කරන්න එපා:
✤ බෙහෙත් හරියටම වෙලාවට ගන්න: දිනපතා නියමිත මාත්‍රාවෙන්, වෙලාවට බෙහෙත් බොන්න.
✤ මාසික පරීක්ෂණ අතපසු නොකරන්න: හැම මාසෙම (විශේෂයෙන් පැය 10-12 වගේ) නිරාහාරව ඉඳලා කරන FBS (Fasting Blood Sugar) පරීක්ෂණය කරලා, වෛද්‍ය උපදෙස් ගන්න. 🩸
✤ පැණිරස පාලනය කරගන්න: සීනි දාපු කෑම බීම පුළුවන් තරම් අඩු කරන්න.
✤ පලතුරු කද්දි පොඩ්ඩක් බලන්න: පළතුරු කෑවට කමක් නෑ, ඒත් පැණි රස ගතිය ගොඩක් වැඩි පලතුරු (අඹ, මිදි වගේ) වලින් ටිකක් ඈත් වෙලා ඉන්න.
✤ පුංචි ව්‍යායාම කරන්න: දවසට ටික වෙලාවක් ඇවිදින එක වගේ සරල ව්‍යායාමයක යෙදෙන්න. ඇඟට ගොඩක් මහන්සි දෙන ව්‍යායාම අවශ්‍ය නැහැ.
✤ කකුල් දෙක පරිස්සම් කරගන්න: කකුල් වල තුවාල ඇතිවෙනවද කියලා නිතරම බලන්න, සුදුසු පාවහන් පළඳින්න.
මේ දේවල් පිළිපැදලා, නිරෝගීව ඉන්න ඔයාලත් උත්සහ කරයි කියලා අපි විශ්වාස කරනවා.
ඔබේ මාසික පරීක්ෂණ, වෛද්‍ය උපදේශන සේවා, හෝ ඕනෑම විස්තරයක් දැනගන්න සුවසහන රෝහලට කතා කරන්න.
📞 අමතන්න: 025 492 8888 / 025 492 8415 / 077 348 2642
📍 අපගේ ලිපිනය: සුවසහන රෝහල, නො.204, උසාවිය පාර, තඹුත්තේගම.
See less