01/05/2026
Reading books is like making friends.❤
"පොත් කියවීම මිතුරන් ඇති කර ගැනීම හා සමානයි."
මේ කියමනට මම හරි කැමතියි. ජීවිතේ හුඟක් අවස්ථාවල පොත් මට හොඳ යාළුවෙක් උණා.
ගොඩක් අය හිතන්නේ පොත් කියවන මිනිස්සු හුදකලාවට කැමැති අය කියලා. එහෙම නැත්නම් තනි වෙන්න ඕන නිසා කරන දෙයක් කියලා.
එහෙම නෑ. පොත් කියන්නේ යාළුවන්ගෙන් පිරුණු ලෝකයක්.
හිතන්න..
පොඩි කාලේ ඉඳලා අපේ ජීවිතේට විවිධ යාළුවෝ ආවා ගියා...
දිගටම දුක සැප බෙදාගෙන ඉන්න යාළුවො නම් ටිකක් අඩුයි.
හැබැයි..
පොත් කියවන එක හැම අතින්ම ජීවිත කාලයටම පවතින මිත්රත්වයක් ඇති කරගන්නවා වගේ තමයි.
විවිධ මිනිස්සු එක්ක ජීවත් වෙන්න, මිනිස්සු අඳුරගන්න ඉගනගන්නවා.
ඒ පොත් අපිට විවිධ චරිත ජීවෙතේට හඳුන්වලා දෙන නිසා.
දුකෙන්, පීඩනයෙන් ඉන්න වෙලාවක පුදුම සැනසීමක් ගේන්න පොත්වලට පුළුවන්. හරියට ළඟ ඉඳන් යාළුවෙක් අපි එක්ක කතා කර කර ඉන්නවා වගේ.
හොඳ තීරණ ගන්න, බුද්ධිමත්ව හිතන්න ආදරෙන් කියලා දෙනවා.
පොත් කවදාවත් තරහා ගන්නේ නෑ අපේ නොදන්නාකමට.
සමහර යාළුවො අපේ අඩුපාඩුවක් දැක්කම ඉක්මනින් අපිව විනිශ්චය කරනවා. ඒත්...
විනිශ්චය නොකරන එකම මිතුරා පොතයි.
පොත් කරන්නේ නිහඬවම අපිට නිවැරදි මඟ පෙන්වන එකයි.
ඒකම ඇති පොත්වලට තදින් බැඳෙන්න.
ආදරේ, කරුණාව, ඉවසීම කියන ගුණාංග ගොඩනඟන්න ලස්සනට කියලා දෙනවා.
අපි කවුරුත් දන්නවා පොත් අපිව ලෝක සවාරි විතරක් නෙමෙයි කාලය හරහා එක්කගෙනත් යනවා. සුරංගනා ලෝකවලටත් කොච්චර නම් ගිහින් තියෙනවද?
කොන්දේසි රහිතව අපිව තේරුම්ගන්න හොඳම යාළුවා.
මට වගේ පොත් කියවන යාළුවෝ ඔයාටත් ඉන්නවා නම්, නිරතුරුවම අලුත් අලුත් මිතුරන් තෑගි විදිහට ඔයාගේ ලෝකයටත් එකතු වේවි...❤😊🌿