PsychoMed

PsychoMed මනෝඋපදේශන ඒකකය

🧠 ✨ Daily healing
🌸 Reduce stress, anxiety & negative thoughts
💚 Learn to stay calm, strong, and positive
🌞 Grow your mind • Heal your life
(13)

“ඇහුම්කන් දෙන්න…”නිහතමානීව ජීවිතය ගෙවන්න උත්සාහ කරන කෙනෙකු. නමුත් විශ්වාසයක් තියෙනවා—කවුරුත් හඬ අහල නැහැ. කතා කරද්දී වටේ...
12/04/2025

“ඇහුම්කන් දෙන්න…”

නිහතමානීව ජීවිතය ගෙවන්න උත්සාහ කරන කෙනෙකු.
නමුත් විශ්වාසයක් තියෙනවා
—කවුරුත් හඬ අහල නැහැ.
කතා කරද්දී වටේ කෙනෙකුටවත් ඇහුනේ නැහැ වගේ. වචන අහසටම පැනලා නැවත එල්ලෙයි.
හැමෝම ආවේණික ලෙස ජීවිතය ගෙවයි.
හැමෝම තම තමන්ගේ කුතුහල වල, පීඩන වල යටවෙලා.
ඒ අතරේ ඔහුගේ හදවත වගේම හඬත් මැකී යයි.

දවසක් වත් කෙනෙක් ඇවිල්ල, “ඔයා හරිද?” කියලා ඇසුවා නම්, ඔහුට හරි වෙනවා ඇති. ඒ වාක්‍යය විතරක්,
ඔහුගේ ජීවිතේට ආලෝකයක් වෙන්න තිබුණා.
නමුත් එහෙම කවදාවත් නොවෙයි.
ඔහු තුලින් පිරුණු හිස්සකම,
වචන වලින් කියන්න බැරි හැඟීම්,
හැමෝම නොසැලකිලිමත් වීම නිසා වඩාත්ම ව්‍යාකූල වෙයි.
ඔහු මානසිකව බර වෙලා.
හරි යන්නට පාරක් නොපේන,
නිවන්සන්වූ සෙරිනියක් මැද බිඳී යනවා.

ඔහුට ඕනෙවෙන්නෙ විශාල උදව්වක් නොවෙයි.
තරමක් ඇහුම්කන්.
කෙනෙක්, වටපිටාව බලා ඉඳලා,
“ඔයා කියන්නෙ මොකක්ද?”
කියනවට හැම දෙයක්ම වෙනස් වෙනවා.
ඇහුම්කන් දුන්නොත්, ඔහුට මේ දුක බරක් නොවෙයි.
කවදාවත් නැතිවුණා වගේ දැනෙන හඬකට තනිවෙලා ජීවිතය ගෙවන්න සිද්ධවෙන්නෙ නැහැ.
ඇත්තටම,
තරමක් ඇහුම්කන් දීමක්… ජීවිතයක් බේරිය හැකියි


අධික ලෙස සිතීම ඔබගේ සතුට මරා දායි..Overthinking යනු කුමක්ද? යම් යම් දේවල් ගැන ඕනෑවට වඩා සිතීමයි. සිතීම යනු හොඳ දෙයකි. එහ...
23/05/2024

අධික ලෙස සිතීම ඔබගේ සතුට මරා දායි..

Overthinking යනු කුමක්ද? යම් යම් දේවල් ගැන ඕනෑවට වඩා සිතීමයි. සිතීම යනු හොඳ දෙයකි. එහෙත් ඕනෑවට වඩා සිතීම විෂාදය, කාංසාව, ආතතිය වැනි මානසික රෝගයකින් කෙළවර විය හැකිය. එකම දෙය නැවත නැවතත් සිතින් විශ්ලේෂණය කරමින්, විග්‍රහ කරමින් හෝ අදහස් දක්වමින් සිටීම විසඳුමකට යාමට බාධාවකි. එය ඔබගේ කාලයත්, ශක්තියත්, තීරණ ගැනීමේ හැකියාවත් විනාශ කරයි. වුවමනාවට වඩා සිතීමෙන් ඔබේ මානසික සෞඛ්‍ය පිරිහෙන අතර, එසේ මානසික සෞඛ්‍ය පිරිහුණු විට වුවමනාවට වඩා සිතීම වඩාත් වැඩිවීමට අමතරව, එය ඔබ නිමක් නැති අසහනකාරී සිතුවිලි චක්‍රයක සිර කරුවකු බවට පත් කරවයි.

අපි හැමෝම ගොඩක් දේවල් ගැන ඕනවට වඩා හිතනවා. දැන් ඉතින් ඔබත් එහෙම හිතනවාද නැද්ද කියලා ඕනැවට වඩා හිතන්න යන්න කලින් එහෙම කරන්නෙ ඇයි සහ ඊට පිළියම් මොනවාද කියලා සාකච්ඡා කෙරෙන මේ ලිපිය කියවලාම බලන්න.

අපි විවිධ අවස්ථා වලදී ගත්තු තීරණ, අහිමි වුණු දේවල්, මාන්නය හෝ අනාගතයේ ඇතිවිය හැකි යැයි උපකල්පනය කරන විවිධ සිද්ධි ගැන ආවර්ජනය කරමින් ඒ දේවල් ගැන විවිධාකාරව සිතමින් ඇතැම්විට තාර්කිකව යමක් සිදුවීමේ සම්භාවිතාව ඉතා ම අඩු අවස්ථාවන් ගැන වුණත් සිතමින් කාලය ගත කරන්නට පුරුදු වෙලා ඉන්නවා. ඒත් ඒකෙන් වෙන්නේ මේ වටිනා වර්තමානය අපට මඟහැරී යන එකයි.

පමණට වඩා සිතීම ගැන කතා කරද්දි එහි වර්ග දෙකක් වශයෙන් වෙන්කර හඳුනාගන්න පුළුවන්. එකක්, අපි කිසියම් සිදුවීමක් පිළිබඳ එක දිගට ම සිතමින් සිටීමෙන් එහි පැටලීමට ලක්වීමයි. ඔබ ඒ සිදුවීම පිළිබඳ මුල ඉඳලා සිතාගෙන ගිහින් දන්නෙම නැතුව නැවත නැවතත් ඒ ගැන අවසානයක් නැතිව සිතන්නට පෙළඹෙනවා. අපේ අතින් සිදුවුණු දෙයක් හෝ අනාගතයේ සිදුවිය හැකි යමක් පිළිබඳව සිතමින් කාලය ගත කිරීමයි මෙහිදී සිදුවෙන්නේ. ඒ වගේම අනෙක් දෙය නම්, ඔබ ගත් තීරණයක් පිළිබඳව නැවත නැවතත් විවිධ කෝණ වලින් දකිමින් සිටීමයි. ඒත් ප්‍රතිඵලය වෙන්නේ ඒ ගැන සිතීම නැවතීමටවත් තීරණයක් ගන්න බැරි වෙන තරම් ඔබ ඔබව ම තලාපෙලා ගැනීමයි. ඒ දෙකෙන් කුමක් නමුත්, ඕනෑවට වඩා සිතීමේදී සරලව සිදුවන්නේ ඔබේ ජීවිතයට හුදෙක් අයහපත් බලපෑමක් ඇතිවීමම පමණයි.

ඔබේ සිතට එකඟව යහපත් කියා සිතෙන කිසිවක් පිළිබඳව අනිත් අය මොනවා හිතයිද, මේ දෙයින් චරිතයට ඉන් කැළලක් වෙයිද, වගේ ඔබ නිරන්තරව සිතමින් කල් ගත කරනවා නම් සිතීම නවතා එය ක්‍රියාවට නැගීම වැදගත් වෙනවා.

උදාහරණයක් විධියට, ඔබ පදිංචිය මාරු කිරීමට අදහස් කරනවා කියලා හිතමු. ඔබට එය එක් වරම කරන්නට බැහැ, ඉතින් ඔබ ටිකක් නිදහසේ වාඩි වෙලා කල්පනා කරන්නට පටන් ගන්නවා. අන්තිමට දවස් දෙක තුනකින් බලද්දීත් ඔබේ නිවෙස් ලිපිනය වන්නේ ඔබ හිඳගත් අසුන තිබෙන පැරණි නිවසේමයි. ඒ නිසා මෙහෙම සිතමින් ඉන්නවා වෙනුවට, ඔබට කරන්නට ඇති දේවල් ලයිස්තුගත කරන්න. එම ප්‍රදේශයේ ඇති නිවාසවල මිල ගණන්, ඒ නව පරිසරයේදී ඔබට රැකියාව මාරු කරන්නට වෙනවා නම් ඒ බව, දරුවන්ගේ පාසල් මාරු කරන්නට ගතයුතු පියවර වැනි දේවල් ඒ අතර තිබෙන්නට පුළුවන්.

දැන් ඒ කළ යුතු දේවල් වලට ආර්ථිකමය සැලසුමක් එක්ක කාලරාමුවක් යොදන්න. එමඟින් ඔබට ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව හොඳ සැලසුමක් ඉබේ ම ලැබේවි.

දැන් මේ වගේ ඔබට කරන්නට දෙයක් නැති අවස්ථාවක් ගැන හිතමු. ඒ කියන්නෙ, ඔබ අතීතයේදී කරපු දෙයක් නිසා දැන් ඊට කරන්නට පිළියමක් නැහැ කියලා ඔබට තේරෙනවා. සිරිත් මල්දමේ කවියකත් තියෙනවානෙ “වැඩක නොයෙදූ සිත - නරක අතටම පෙරළෙත” කියලා. ඒ හින්දා පරණ දේවල් ගැන හිත හිත ඉන්නවාට වඩා කිසියම් වැඩක යෙදීම අඩුගානේ භෞතික වශයෙන් හෝ ඔබව ඉදිරියට ගෙනයනවා, එහෙම නේද?
මේ සඳහා ඔබ කරන්නට කැමති කුමක් හෝ විනෝදාංශයක, කාර්යාලීය කටයුත්තක, නිර්මාණකරණයක වැනි හාත්පසින් වෙනස් දෙයක යෙදෙන්න. නැත්නම්, අළුතෙන් දෙයක් ඉගෙන ගන්න. ශරීරයට ව්‍යායාම් ලැබෙන කටයුත්තක් නම් වඩාත් හොඳයි. ඉන් ගත වෙහෙසෙන නිසා ඔබ වැඩි වැඩියෙන් හුස්ම ගන්නා අතරේ ම රුධිර සංසරණයත් හොඳින් සිදුවෙනවා. මෙමඟින් දුක, පසුතැවීම ඇතිකිරීමට බලපාන හෝමෝන නිපදවීම අවමව ගොසින් ඔබට නව ජවයක් ලැබුණු හැඟීමක් ඇතිවේවි. එහෙම දේ කරන්න අපහසු අවස්ථාවක නම් හාස්‍යජනක ටීවී සීරීස් එකක් හෝ චිත්‍රපටයක් බලන්න. මේවා නිසා සිනහ ඇතිවීමෙන් මුහුණේ පේශි සිනහව වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. එයත් දුක්ඛදායී හෝමෝන වියැකී යාමට හේතුවක් වෙනවා.

කල්පනාකාරී විය යුත්තේ, ඔබ කරන්නට තෝරා ගන්නා කටයුත්ත නිසා තව තවත් ඔබේ ගැටළුව සිහි වන ආකාරයේ දෙයක් නොකිරීමට වග බලා ගැනීමටයි. මොකද නැත්නම් ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් තමයි වෙන්නේ.

“ප්‍රශ්ණයක් තියෙනවා නම් මාත් එක්ක කියන්න” කිව්වාම ඒ ගැන කථා කරලා හිත නිදහස් කරගන්න එක හොඳ පුරුද්දක්. හැබැයි ඔහොම අවස්ථාව දෙන හැමෝටම තියෙන ප්‍රශ්ණ කියන්න ගියොත් වෙන්නේ ගෙයි ගිනි පිටට දීලා තව ප්‍රශ්ණ වැඩි කරගන්න වෙන එක විතරයි. ඊටත් වඩා, හැමෝගෙන්ම උපදෙස් ගන්න ගියාම වෙන්නේ අර “බූරුවා, පුතා සහ පියා” කථාවෙ වගේ ඒ හැම එකක් ගැන ම හිතන්න ගිහින් ඔබ තවත් අමාරුවේ වැටෙන එක.

ඒ කියන්නෙ ඔබට අත්හදා බලන්නට ලැබෙන විකල්ප සංඛ්‍යාව වැඩි වුණා ම ඒක කරනවා ද මේක කරනවා ද එහෙම කළොත් මොනවගේ දෙයක් වෙයි ද වගේ හිතන්නට සිද්ධ වෙන ප්‍රමාණය තවත් වැඩි වෙනවා. සමහරවිට එක් කෙනෙක් ලබා දීපු විකල්පයකට තවත් කෙනෙක් දීපු විකල්පයක් හාත්පසින් පරස්පර වෙන්නට පුළුවන්. එතකොට ඔබ තවත් අවුලකට පත්වෙනවා.

ඒ නිසා ඔබේ ප්‍රශ්ණයක් කිව හැකි එක් විශ්වාසවන්ත සහ දැනුමෙන් පරිපූර්ණ පුද්ගලයෙක් තෝරාගන්න. ඒ ඔබේ දෙමාපියන්, ළඟ හිතවතෙක්, ස්වාමි පුරුෂයා හෝ බිරිඳ වෙන්නට පුළුවන්. හොඳ මානසික වෛද්‍යවරයෙක් වෙන්නත් පුළුවන්. එය අවස්ථානුකූලව, බුද්ධිමත්ව තෝරා ගත යුතුයි. නිතර සාර්ථක චරිත කථා ආදිය කියවනවා නම් ඔබට ඒ අයගේ ජීවිත වලින් බොහෝ දේවල් ඉගෙනගන්නට පුළුවන් වේවි. එයින් ප්‍රශ්ණවලට මුහුණ දෙන හැටි ගැන අත්දැකීම් සමුදායක් ඔබට ලබාගන්නට පුළුවන් වෙනවා වගේම ඕනෑම දෙයකට සවිමත්ව මුහුණ දීමේ ශක්තියක් ලැබෙනවා.

අතීතය ගෙවිලා ඉවරයි. අනාගතය තවම ඇවිල්ලා නැහැ. ඉතින් මේ දැන් උදාවෙලා තිබෙන මොහොත අපි නිවැරදිව ලිව්වොත් ඒක අතීතයට රන් අකුරෙන් එක්වේවි. ඉන් අනාගතයත් බැබලේවි. එතකොට නම් ශීත සෘතුව මධ්‍යයේ වුණත් වසන්තය ගෙන්වාගන්න පුළුවන් අනිවාර්යයි.

ඔබ වුවමනාවට වඩා සිතන බවට ලකුණු 10ක් මෙන්න:

 ඔබ අපහසුතාවට පත් වූ අවස්ථා ඔබට නැවත නැවතත් මතක්වීම.

 ඔබ දිගින් දිගටම එකම දේ ගැන සිතීම නිසා රාත්‍රියේදී ඔබට නිදාගැනීමේ අපහසුතාවයක් තිබීම.

 ඔබ ඔබගෙන්ම විවිධ දේවල් ගැන “ඒ දේ එහෙම වුනොත් කුමක් වෙයිද?” කියා තමන්ගෙන්ම ඇසීම.

 ඔබ වෙනත් අය සමඟ කල සංවාද වලදී ඔබට කීමට බැරි වූ දේවල් ගැන සිත සිතා ලතවීම.

 ඔබ වෙනත් අය සමඟ කල කතා බහේදී ඔවුන් කී වචන වල සැගැවුණු අර්ථ හෝ සිදූ දේ නැවත සිතින් මවාගෙන, ඒ ගැන දිගින් දිගටම සිතීම.

 ඔබ නිතරම ඔබේ වැරදි හා අතපසුවීම් ගැන සිතමින් කණස්සල්ලට පත් වීම.

 කවරෙකු හෝ ඔබ අකමැති දෙයක් පැවසූ විට හෝ කල විට, ඔබ එය නැවත නැවතත් මෙනෙහි කරමින් සිටීම.

 සමහර විට ඔබ අවට සිදුවන දේ ගැන ඔබට වැටහීමක් නැත. මන්ද ඔබ අතීතයේ සිදු වූ දේවල් ගැන පසුතැවෙමින් හෝ අනාගතයේදී සිදුවිය හැකි දේවල් ගැන සිතමින් කරදර වෙමින් සිටීමයි.

 ඔබට පාලනය කල නොහැකි දේවල් ගැන සිතමින් බොහෝ කාලයක් ගත කිරීම.

 ඔබට අසහනකාරී හෝ කණස්සලු සහගත සිතිවිලි මනසින් ඉවත් කර ගැනීමට නොහැකි වීම.

ඔබට මේ ගැටළුව විසඳා ගැනීමට අවශ්‍ය කරන පියවර

• ඔබේ සිතිවිලි ගැන දැනුවත් වන්න:- පළමුවෙන්ම ඔබ වුවමනාවට වඩා සිතනවාද යන්න ගැන ඔබම දැනුවත් වන්න. ඔබ ඒ ගැන දැනුවත් වීම, එය නතර කර ගැනීමේ පළමු පියවරයි.

• එහෙම වුනොත් මොනවා වෙයිද කියා නිතරම සිතීමෙන් වළකින්න:- බොහෝ අවස්ථාවල වුවමනාවට වඩා සිතීම ආරම්භ වන්නේ අනාගතයේ සිදුවිය හැකි දේවල් ගැන බිය වීමෙනි. ඔබට අනාගතය ගැන සැලසුමක් තිබීම හොඳ දෙයකි. එහෙත් කිසිදාක සිදු නොවූ දේවල් ගැන සිතමින් බිය වීම නිෂ්ඵල ක්‍රියාවකි.

• ඔබේ සිතිවිලි වෙනතක යොමු කරන්න:- ඔබ යමක් ගැන වුවමනාවට වඩා සිතනවා යයි ඔබට තේරුම් යන පළමු අවස්ථාවේදීම, වෙන දෙයක් ගැන සිතන්න. නැතිනම් ඔබට සතුට ගෙනදෙන දෙයක් කරන්න. උදාහරණ ලෙස :- භාවනා කිරීම, චිත්‍ර ඇදීම, සංගීතයට සවන් දීම, පොතක් කියවීම, නැටීම, ඇවිදින්නට යාම, චිත්‍රපටයක් බැලීම, පරිගණක ක්‍රිඩාවක් කිරීම, ගෙවතු වගාවේ නිරත වීම.

• යථාර්ථවාදී වන්න:- වුවමනාවට වඩා සිතීම නිසා සුළු සුළු දේවල් වඩා විශාලව හා සෘණාත්මකව පෙනෙන්නට පටන් ගනී. ඒ වගේම ඔබට කිසිදාක කළ නොහැකි හෝ ලබාගත නොහැකි දේවල් ගැන සිතමින් ලත වන්න එපා. උදාහරණ ලෙස:- අපට උපතින් ලැබුණු මුහුණ, ශරීර ප්‍රමාණය (උස හෝ කොට, ශරීරයේ හැඩය), කටහඬ අප කොතරම් උත්සාහ කලත් වෙනස් කල නොහැකි බව තේරුම් ගන්න.

• සර්ව සම්පූර්ණ කෙනෙකු වීමට හෝ පරිපූර්ණ දේ කිරීමට උත්සාහ කිරීමෙන් වළකින්න:- අඩු පාඩු නැති සර්ව සම්පූර්ණ මිනිසුන් ලෝකයේ කොහේවත් නැති අතර කිසිදාක සිටියේද නැති බව තේරුම් ගන්න. එමෙන්ම ඔබ යමක් කිරීමේදීත් ඒ දේ පරිපූර්ණව කිරීමට උත්සාහ කරන්න එපා. පරිපූර්ණ දේවල් ලෝකයේ සිදුවන්නේ නැත.

• නිකරුණේ බිය නොවන්න:- ඔබට අතීතයේදී අසාර්ථක වූ යමක් අනාගතයේදී ද කල නොහැකියැයි සිතා බිය වන්නට එපා. උදාහරණ:- ඔබ ගිය වතාවේ විභාගයෙන් අසමත් වුනත් නැවතත් එසේ විය හැකි යැයි සිතා බිය නොවී, අඩුපාඩු හදාගෙන නැවත විභාගයට පෙනී සිටින්න.

• කාලයට ඉඩ දෙන්න:- ඔබ හැරගිය පෙම්වතා හෝ අහිමි වූ රැකියා අවස්ථාව ගැන පසුතැවෙන්න එපා. කාලයට ඉඩ දෙන්න. කාලයත් සමඟම බොහෝ ප්‍රශ්න ඔබ නොසිතූ ආකාරයෙන් විසඳෙනු ඇත.

• ඔබට අනාගතය වෙනස් කිරීමට නොහැකිය:- වුවමනාවට වඩා සිතීම ආරම්භ වන එක් අවස්ථාවක් නම්, අප හැමදේම පාලනය කිරීමට උත්සාහ කිරීමයි. ඔබට අවශ්‍ය අන්දමට අනාගතය හෝ ලෝකය පාලනය කිරීමට නොහැකි බව තේරුම් ගන්න. ඔබ නොසිතූ දේ විය හැකිය. අනාගතය ගැන පසුතැවිලි වීම නතර කර, සිදුවන ඕනෑම් දෙයකට මුහුණ දීමට සූදානම් වන්න.

• ඔබ දැනටමත් හොඳයි:- ඔබට පාලනය කල නොහැකි ලෝකයක, ඔබ දැනටමත් කොතරම් හොඳින් ඔබේ කටයුතු සාර්ථකව සිදු කර ඇති දැයි සිතා බලා සතුටු වන්න.

• සුව නින්දක් ලබා ගන්න:- අප හැමෝටම සුව නින්දක් අත්‍යාවශ්‍යයි. ඔබ යලිත් අවදිවන විට වඩා ධානාත්මක සිතිවිලි සමඟ ඔබේ කටයුතුවල නියැලීමට පුළුවනි. අඩු නින්ද වුවමනාවට වඩා සිතීමට, සිතෙහි අසහනකාරී, පීඩාකාරී හා සෘණාත්මක සිතිවිලි ඇති වීමට මඟ පාදයි.

• ව්‍යායාම් කරන්න:- ව්‍යායාම් කිරීමේදී මොළයට රුධිරය සැපයුම වැඩිවන අතර, වුවමනාවට වඩා සිතීම නිසා ඇතිවන ආතතියෙන් මිදිය හැකිය.

• ඔබේ සිතිවිලි වල හිමිකරු ඔබ බව තේරුම් ගන්න:- වුවමනාවට වඩා සිතන බව තේරුම් ගත් වහාම එය නවතා හොඳ දෙයක් කිරීම හෝ ධනාත්මක සිතිවිලි ඇති කර ගන්න. සිත පාලනය කර ගැනීමට පුරුදු වන්න.

Copied.






12/04/2024

ඔබ ඔබේ ජීවිතයට ආදරය කරන්න . එවිට බොහෝ අවස්ථා ඔබට හිමි වනු ඇත.

සියලුම ඍණ ආකල්ප ඉවත් කොට බලවත්ම Tesla 369 binaural frequencies. ඕනෑම වෙලාවක අහන්න දවස් 21 ක් අසා ඔබේ ශරීරයේ අලුත් රිද්මය...
20/03/2024

සියලුම ඍණ ආකල්ප ඉවත් කොට බලවත්ම Tesla 369 binaural frequencies. ඕනෑම වෙලාවක අහන්න දවස් 21 ක් අසා ඔබේ ශරීරයේ අලුත් රිද්මයට ඉඩදෙන්න '
Remove all negative attitudes and the most powerful Tesla 369 binaural frequencies. Listen Anytime Listen for 21 Days and Allow Your Body's New Rhythms'

සියලුම ඍණ ආකල්ප ඉවත් කොට බලවත්ම Tesla 369 binaural frequencies. ඕනෑම වෙලාවක අහන්න දවස් 21 ක් අසා ඔබේ ශරීරයේ අලුත් රිද්මයට ඉඩදෙන්න 'Remove all ne...

Address

New Road
Wennappuwa

Telephone

+94113429702

Website

Alerts

Be the first to know and let us send you an email when PsychoMed posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share