05/04/2020
නිරෝධායන සමයට වඩා සුදුසු රස ගුණ පිරි තැම්බුම් හොද්ද...
උණ සෑදී දුර්වල වූ රෝගීන් පවසනුයේ කෑම කන්න පිරියක් නෑ කියා යි. මොනව කලත් කන්නේ නැතිව අප්පිරියකරන, උණෙන් පෙළුණු කාහට වුනත් ආහාර රුචිය ඇතිකරවන, කුසගිනි වඩවන තැම්බුම් හොද්ද අතීතයේදී නම් බෙහෙවින් ජනප්‍රිය වී තිබූ ආහාරයක්. මෙය සැකසීමට ගම්මිරිස් ඇට භාවිතා කරන නිසා මෙය මිරිස් හොද්ද ලෙසද හඳුන්වනු ලබනවා. ද්‍රවිඩ, මුස්ලිම් නිවෙස් වල මෙය "රසම්" යන නමින් හඳුන්වන අතර මෙවැනි ස්වභාවික උත්තේජකයක් පරිහරණය කිරීම මඟින් අපේ සිරුරට ද කිසිම අගුණයක් සිදුවන්නේ නැත. එලෙසම දුර්වල වුනු ආමාශයටත් මෙම තැම්බුම් හොද්ද ඉතාම හිතකර වේ.
🔴 සාදාගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය :-
• සූදුරු, කොත්තමල්ලි මේස හැඳි 01 ක්
• ගම්මිරිස් ඇට 18;ක් 20 ක් පමණ
• රතුළූණු ගෙඩි 10 ක්
• සුදුළූණු බික් 05 ක්
• කුරුඳු පොතු කැබැල්ලක්
• උළුහාල් තේ හැඳි 1/2 ක්
• කරපිංචා ඉත්තක්
• ගොරකා කැබලි 02 ක් හෝ සියඹලා ඇඹුල් මේස හැඳි 01 ක්
🔴 සාදන ක්‍රමය :-
මිරිස් සැර නැති හොඳ වලඳක් ගන්න. එයට සූදුරු, කොත්තමල්ලි, ගම්මිරිස් තලා දමන්න. සුදුළූණු, රතුළූණු ලියා ගන්න. කරපිංචා මදක් පොඩිකර ගන්න. අනෙක් ද්‍රව්‍ය සියල්ලත් දමා වතුර අඬුකෝප්ප 05 ක් දමා අවශ්‍ය පමණට ලුණු ද එක් කරන්න. මෙම ප්‍රමාණය අඬු කෝප්ප 1, 1/2 ක, 02 ක ප්‍රමාණයට සිඳගන්න.
🚫 සැලකිය යුතුයි
____________________
මෙහිදී බඩ විරේක වූ රෝගීන් සඳහා නම් සියඹලා ඇඹුල් නොදමන්න. ඒ වෙනුවට ගොරකා පමණක් යොදන්න. ඇඹුල් ගතිය ප්‍රමාණවත් නොවේ නම් දෙහි යුෂ ද එක්කර ගන්න.
තැම්බුම් හොද්ද මඟින් දුර්වල වූ ශරීරයේ ප්‍රතිශක්තිකරණය නංවාලන අතර ධාතු වඩවමින්, බලය ශක්තිය ඇතිකරනු ලැබේ. එමෙන්ම මෙම තැම්බුම් හොද්ද පිළියෙල කරන විට නික්මෙන සුවඳ ආඝ්‍රාහණය කිරීම මඟින් ආහාර රුචිය ඇතිකරලීම සිදුවේ.
එලෙසම ඉහත සඳහන් ගුණ වලට අතිරේකව මේ සඳහා යොදා ගනු ලබන ද්‍රව්‍යයන්හි ඖෂධීය ගුණ ඉතා විශාල ප්‍රමාණයක් ආයුර්වේදයේ මනාව පැහැදිළි කර ඇත. මේවායින් ගුණ කිහිපයක් සලකා බලමු.
🔶. ගම්මිරිස් මඟින් අජීර්ණයෙන් පහසුවක් ලබා ගැනීමටත්, බඩ පිපුම, වමනය, වේදනා නාශකයක් ලෙසත් භාවිතයට ගැනේ.
🔶. පොදුවේ ගත්කල රතුළූණු, ගම්මිරිස්, සූදුරු , කොත්තමල්ලි, කරපිංචා වල විස නැසීමේ හැකියාව, මලබද්ධය නැති කිරීම, බැක්ටීරියා වෛරස වලට එරෙහිව ක්‍රියාකිරීමේ හැකියාව, වේදනා නාශක ශක්තිය, ශරීරය සිසිල් කිරීමේ හැකියාව, උදර වේදනා නැති කිරීමේ හැකියාව ඇත.
🔶. සුදුළූණු වල පිළිකා නැති කිරීමේ හැකියාව, විෂ නැති කිරීම, රුධිර ගත කොලෙස්ටරෝල් සහ සීනි පාලනය කිරීම, වේදනා නාශක ගුණ බොහෝ සේ අඩංගු වේ.
අතීතයේදී උණක් සෑදුණු විගස මෙය පිළියෙල කර පානය කිරීමට ලබා දුන්නද වර්තමානයේදී වෙළෙඳපොලේ තිබෙන රසකාරක එක්කර සාදාගත් පානයන් ආහාර රුචිය වැඩිකිරීමට ලබාදීම තුළින් වෙනත් රෝගී තත්වයකට ඇදදැමීමක් සිදු නොකරන්නේ ද? එබැවින් දැන් ඔබට සිතීමට කාලය පැමිණ ඇත. ආයුෂ වැඩිකරන විද්‍යාව නොහොත් ආයුර්වේදයේ පවසන අයුරින් මේ දිනවල පැතිර යමින් පවතින කොරෝනා වසංගතය හමුවේ කෘතීම රසකාරක වලින් තොරවූ පාන වර්ග සිරුරට වඩාත් හිතකර අයුරින් යොදාගැනීම රෝග වලින් වැළකී සිටීමට මහෝපකාරී වේ.
👩⚕️ සටහන :- ඉරෝෂා ලක්මාලි ( ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යා - දේශීය වෛද්‍ය විද්‍යායතනය, කොළඹ විශ්ව විද්‍යාලය).......................................................................
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ පිටුවට කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය කරන්නත් අමතක කරන්න එපා.
📌️ ඇමුණුම් ( # Tags )
-----------------------------------------
#හෙළඅරණ #හෙළ_අරණ #කොරෝනා #තැම්බුම්_හොද්ද #තැම්බුම්හොදි #රසම්