05/09/2025
සමාවෙන්න...
මට නම් මේක වීරකමක් නෙමෙයි...
මේකට කියන්න ඕනෙ වචනෙ මම කියන්නෙ නෑ මේ මනුස්සයට අපහාසයක් වෙන නිසා...
මතක තියාගන්න....ගලවාගැනීමේ මෙහෙයුමක පළවෙනි මූළධර්මය තමයි තමන්ගෙ ආරක්ෂාව...
කවදාවත් පාරෙ මනුස්සයෙක් වැටිලා හිටියොත් පිස්සෙක් වගේ දුවගෙන ගිහින් උස්සන්න යන්න එපා...
ඉස්සෙල්ලම බලන්න තමන් අවට පරිසරය ආරක්ෂිත ද කියලා...
විශේෂයෙන්ම විදුලි සැර වැදීමක්, ගෑස් කාන්දුවක්, ගින්නක්, පිපීරීමක් වගේ තැනකදී...
මොකද වෙන ජීවිතයක් බේරන්න ගිහින් ඔබේ ජීවිතය නැතිවෙනව නම් ඒ උත්සාහයෙ පූර්ණ ප්‍රතිපලය බිංදුවයි...
අපි මේ වගේ දේවල් කරන්න ඕනෙ බුද්ධියෙන්....හදවතින් නෙමෙයි....
මොකද Rescue නැත්නම් ගළවා ගැනීම කියන එක විද්‍යාවක්. ලෝකෙ ඒක ගැන ගොඩක් අධ්‍යන කරලා ඒවට වෙනම කණ්ඩායම් පුහුණු කරලා තියෙන්නෙ ඒක නිසා.
සමහරවිට ඔබ කරන දේ නිසා බේරගන්න පුලුවන් කම තියෙන මනුස්සයෙක් ගෙ ජිවිතේ අනතුරට ලක්වෙන්න පුලුවන්. සදාකාලිකව රෝද පුටුවකට සීමාවෙන්න පුලුවන් ...
වෛද්‍ය කෝසල තෙන්නකෝන්
හදිසි අනතුරු හා විකලාංග ශල්‍ය අංශය
ශ්‍රී ලංකා ජාතික රෝහල
කොළඹ
Department of Orthopedic
Senkang General Hospital
Singapore