13/10/2026
Heal U රස කතා 😂 -- 01
වෛද්යතුමියට රෑ තරු දවල් පෙනුණු හැටි!
බරසාර වෛද්ය උපදෙස් මාලාවකට පස්සේ ඔන්න ඉතිං වෛද්යතුමිය ප්රතිකාර නියම කරන්න පටන් ගත්තා...
එකපාරටම රෝගියාගෙන් ප්රශ්නයක්! 🙄
👩🦳 “ඩොක්ටර්, මේ ලෙඩේ හරියටම මොකක්ද?”
👩⚕️ “ඇයි අම්මේ?”
👩🦳 “සයටිකාද? ආතරයිටිස් ද? මට කියන්නකෝ හරියටම මොකක්ද කියලා!”
වෛද්යතුමියටත් තේරුණා... මේ ප්රශ්නෙ පිටිපස්සේ මොකක් හරි කතාවක් තියෙනවා කියලා. 😂
👩⚕️ “ඇයි අම්මේ, ලෙඩේ නම හරියටම දැනගන්න ඕනේ?”
👩🦳 “නෑ ඩොක්ටර්... මං ඇත්තටම ආවෙ බේත් ගන්නටත් වඩා ලෙඩේ නම හරියටම දැනගන්න එතකොට මට Facebook එකේ, YouTube එකේ යන හොඳ බෙහෙත් ටික හොයාගෙන ඒවා හරියටම කරගන්න පුළුවන්නේ!” 🤭ඇත්තටම ඩොක්ටර් හරි ශෝක් බේත් තියෙනවා..
හෑඃ! 😳
වෛද්යතුමියට රෑ තරු දවල් පෙනුණා!
අවුරුදු ගණනක් ඉගෙනගෙන, රෝග ලක්ෂණ අධ්යයනය කරලා, රෝග විනිශ්චය කරලා, රෝගියාට ගැළපෙන ප්රතිකාර තෝරන්න අපි මහන්සි වෙන්නේ...
YouTube එකේ වීඩියෝ එකක් බලලා බෙහෙත් තෝරගන්නද?
ඕං ඕකයි හාමුදුරුවනේ අපේ රටේ තත්වෙ 😂🤦♀️
Heal U මතක් කිරීම:
🩺 එකම ලක්ෂණ තිබුණත්, රෝගය එකක්ම වෙන්නෙ නැහැ.
🩺 එකම රෝගය තිබුණත්, හැමෝටම එකම ප්රතිකාරය ගැළපෙන්නෙ නැහැ.
🩺 වීඩියෝ එකකින් දැනුමක් ලබාගන්න පුළුවන්. ඒත් ඒකෙන් තමන්ගේ රෝගය නිශ්චිතව හඳුනාගන්නවත්, තමන්ට ගැළපෙන ප්රතිකාරය තීරණය කරන්නවත් හැමවිටම බැහැ.
විශේෂයෙන්ම සන්ධි වේදනා, කොන්දේ වේදනා සහ ස්නායු ආශ්රිත රෝගවලදී නිවැරදි රෝග විනිශ්චය ඉතාම වැදගත්.
ඒ නිසා අන්තර්ජාලයෙන් දැනුම ලබාගන්න. ප්රශ්න අහන්න. ඔබේ රෝගය ගැන තේරුම් ගන්න.
හැබැයි ප්රතිකාර තෝරාගැනීමේදී සුදුසුකම් ලත් වෛද්යවරයකුගේ උපදෙස් ලබාගන්න. ❤️❤️👍
HealU