NuTri InFo

NuTri InFo Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NuTri InFo, Nutritionist, No. 128 De. S Jayasinghe Mawatha, Colombo.
(2)

Nutrition for Healthy Life.Weght management / Diabetic diet plan / Diet for kidney disease /Diet for high blood pressure / Diets for high cholesterol and fatty liver conditions

12/08/2026
ඔය කන බොන ඕන කෑමක බීමක වස විස තියෙනව කියල ඔයා දැනගෙන හිටියද ? ඔවු ඒක තමයි ඇත්ත , අපි කන බොන කෑම වල අපේ ශරීරයට අහිතකරවන ඇ...
11/08/2026

ඔය කන බොන ඕන කෑමක බීමක වස විස තියෙනව කියල ඔයා දැනගෙන හිටියද ? ඔවු ඒක තමයි ඇත්ත , අපි කන බොන කෑම වල අපේ ශරීරයට අහිතකරවන ඇතැම් රසායනික් ඉතා ස්වල්ප වශයෙන් හෝ තියෙන්න්න පුලුවන්… ඒ විතරක් නෙවෙයි අපේ ශරීරය තුල සිද්දවෙන ප්‍රතික්‍රියා වලිනුත් ශරීරයට ඉතාම අහිතකර රසායනික ඇතිවෙනවා , ඒ විතරක් නෙවෙයි ඔයා ගන්න බෙහෙත්වර්ග , සප්ලිමට් වර්ග වගේ දේවල් සියල්ල ශරීරය තුල එකතු උනොත් ඒව විෂ සහගත් වෙන්න පුලුවන්…. ඉතිං මේ සියල්ලම අයින් කරන්න ඔයාට ලැබිල තියෙන එකම සම්පත තමයි ඔයාගෙ වකුගඩු. අද කාලෙ අපි අපේ මූන , හිසකෙස් ලස්සනට තියාගන්න කොච්චර මුදල වියදම් කරනවද ?කොච්චර සැලකිල්ලක් දක්වනවද ? ඒත් අපේ මුලු ශරීරයම ලස්සන කරන්න , පිරිසිදුව තියාගන්න දිවා රෑ දෙකේදිම අඛනණ්ඩව සේවය කරන වකුගඩු ගැන ඔයා නිකමටවත් අවදානය යොමු කලාද ? ඒ ගැන හිතන්නෙ නැතුව ඔහේ ජීවත් වෙලා වකුගඩු සවුත්තු කරගෙන ජීවිතයම විදවන ලෙඩ්ඩු දෙතුන් දෙනෙක් එක්ක ඔයාම කතා කරල බලන්න , අන්න එතකොට තේරෙයි ඇයි අපි මේ තරම් මේ වකුගඩු පරිස්සම් කරගන්න … ඔයාට කියන්නෙ කියලා

අපේ වකුගඩු අකර්මන්‍ය උනාම , රුදිරයේ ක්‍රියැටීන් ප්‍රමාණය වැඩි වීම , GFR අඩු වීම , මුත්‍රා සමග ප්‍රෝටීන් පිට වීම වගේ තත්ව ඇති වෙන්න පුලුවන් , ඉති මේ වකුගඩු අකර්මණ්‍ය වීම එහෙමත් නැත්නම් නිසි පරිදි රුදිරය පෙරීමට ඇති හැකියාව අඩාල වීම, ඇතැම් අවස්ථාවල එක වරම සිද්ද වෙන්න පුලුවන්…. ඒ වගේ තත්වයක් AKI එකක් , එහෙමත් නැත්නම් acute kidney injury එකක් කියලා හඳුන්වනවා, මේ වගේ තත්වය දින කීපයක් හෝ පැය කීපයක් ඇතුලත උනත් සිද්ද වෙන්න පුලුවන්. හදිස්සි අනතුරකින් ඉතා විශාල ලේ ගැලීමක් නිසා හෝ වමනය පාචනය වගේ තත්ව අදිකව පැවතීම නිසා හෝ ඉතා තදබල ක්ෂුද්‍රජීවී අසාදනයන් වැනි තත්වක් නිසා මේ වගේ ක්ෂනිකව වකුගඩු අකර්මණ්‍ය වීම් ඇතිවෙන්න පුලුවන්…….. මෙවැනි තත්වයක් ඇතිවෙලා ඒක මාස 3ක පමණ කාලයක් ඔබේ වකුකඩුවල ක්‍රියාකාරිත්වය අකර්මන්‍යව පවත්වා ගන්නවනම් ඒක AKD එහෙමත් නැත්නම් acute kidney disease එකක් කියල හදුන්වනවා…

ඒත් බොහෝ විට අපේ සමාජයේ තියෙන්නෙ CKD එහෙමත් නැත්නම් chronic kidney disease කියන තත්වය….. ඒ අනුව ඔබේ වකුගඩු වල ක්‍රියාකාරීත්වය මාස 3කට වඩා වැඩිකාලයක් අකර්මන්‍ය තත්වයේ තියෙනෙවනම් ඒකෙන් කියවෙන්නෙ ඔබට chronic kidney disease එකක් තියෙනව කියන එකයි…. මේ තත්වය ඇතිවෙන්න එය දිගින් දිගටම පවතින්න හේතුව අපිට පැහැදිලිව පේන්නෙ නැත්නම් නම් , ඒ කියන්නෙ දියවැඩියාව , ඇදි රුදිර පීඩනය වගේ තත්ව‍යක් පවතින්නෙ නැත්නම් ඒකට කියන්නෙ CKDu කියල ඒ කියන්නෙ - Chronic Kidney Disease of unknown etiology කියල. ඒ අනුව මේ තත්වයට හේතුවක් වෛද්‍ය විද්‍යාවෙ තවමත් හොයාගෙන නෑ…… ඒකට බලපාන සාදක කියල සැක කරන , ජලය , කෘෂි රසායනික , බැර ලෝහ ,ඇතැම් ඖෂධ වගේ දේවල් ගැන මේ වන විටත් ඉතා පුලුල් පරීක්ෂන් සිදු වෙමින් තියෙනවා…

ඒ මදිවට ලංකාව තුල පර්යේෂණ වලින් තොරව එක එක ආහාර අතිරේකයන් අලෙවි කිරීමේ සංස්කෘතියක් ආරම්භවෙලා තියෙනවා, සමහර ලෙඩ සම්පූර්ණයෙන්ම සුව වෙනවා යැයි කියමින් ඇතැම් ගස්වල කොළ පොතු වගේ දේවල් අලෙවි කිරීම් සිදු කරනවා, ඇතැම් අවස්ථාවල එවැනි ශාකමය සංයෝග මගින් ප්‍රතිඵල ඇතිවුණත් ඒවා ලබාගත හැකි උපරිම මාත්‍රාව ගැන හෝ ඒ සමග ශරීරයට එකතු වෙන අහිතකර රසායනිකයන් ගැන ප්‍රමාණවත් පරිදි පර්යේෂණ සිදු නොකර තිබෙන තත්වයක එවැනි දේවල් භාවිතා කිරීම තුළින් අපේ ශරීරයට ඉතා විශාල හානියක් සිදුවීමේ අවදානමක් තියෙනවා. ඒ වගේම අවදානමේ වැටුණු අවස්ථා ඉතා විශාල වශයෙන් පෝෂණවේදීන් විදියට අපට හමුවෙලා තියෙනවා.

ඒ විතරක් නෙමෙයි මීට දෙවැනි නොවන තවත් තත්ත්වයක් ලංකාව තුළ තියෙනවා, ඒ තමයි කායවර්ධන මධ්‍යස්ථාන, ඇතැම් ජිම් වල , විවිධ සප්ලිමන්ට් වර්ග මුදල් ඉපයීමේ අරමුණින් පාරිභෝගිකයන්ට ඉතා විශාල වශයෙන් ලබා දීමට පෙළඹිලා තියෙනවා. ඇතැම් සපිලිමන්ට් වර්ග හිත කර තත්ත්ව ඇතිකරන බව විද්‍යාත්මකව තහවුරු වී තිබුණත් ඒවා ලබාගත හැකි අවස්ථා, ලබාගත හැකි ප්‍රමාණ, ලබා නොගත යුතු අවස්ථා පිළිබඳව කිසිදු අවබෝධයකින් තොරව කාය වර්ධන මධ්‍යස්ථානයට පැමිණෙන සියලු දෙනාට ලබා දීම තුළින් ඔවුන්ගේ වකුගඩු වලට පමණක් නොව, සම්පූර්ණ ශරීර සෞඛ්‍යටම හානිදායක තත්ත්ව ඇති වීම වර්තමානයේ සුලභව දක්නට ලැබෙන තත්ත්වයක්...

ඒවගේම මෙවැනි ස්ථාන වල ඉතා අධික විදිහට ප්‍රෝටීන් සප්ලිමන් පාවිච්චි කරන්න දෙනවා. ප්‍රෝටීන වලින් අපේ මාංශ පේශී වර්ධනයට උපකාරයක් ලැබුනද, අධික විදිහට ලබා ගැනීමෙන් ගැටලු ඇති වෙන්න පුළුවන්, සාමාන්‍යය සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකුට ප්‍රෝටීන් වැඩිපුර ලබා ගැනීම ගැටලුවක් ඇති කළේ නැතත්, වකුගඩුවලට යම්තාක් දුරට හෝ හානියක් ඇතිවෙලා තියෙන පුද්ගලයෙකුට වකුගඩුවල අකර්මන්‍යතාවය වේගවත් වෙන්න මේ අධික විදියට ප්‍රෝටින් ලබා ගැනීම ඉතා විශාල බලපෑමක් ඇති කරනවා. ඉතිං මේ කායවර්ධන මධ්‍යස්ථානවලට එන බොහෝ දෙනා තමන්ගේ වකුගඩුවල තත්ත්වය පිළිබඳව අවබෝධයකින් තොරව පැමිණෙන නිසා මෙවැනි සප්ලිමන්ට් වර්ග ලබා ගැනීම තුළින් බොහෝ අවස්ථාවලදී වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්වවලට පවා පත්වෙලා තියෙනවා.

සතුටට කාරණය නම් තවමත් හේතුව සොයාගෙන නැති වකුගඩු රෝගී තත්ත්වය එහෙමත් නැත්නම් CKDu කියන තත්වයන් හැරුණු කොට අනෙකුත් සෑම අවස්ථාවකදීම අපේ වකුගඩු වලට සිදුවිය හැකි හානි අවම කරගන්න අපටම හැකියාවක් තියෙනවා.

රුධිරයේ සිීනි මට්ටම හරිහැටි යාමනය කර ගැනීමට හැකියාවක් තියෙනවා නම්, රුධිර පීඩනය නිවැරදි ආකාරයෙන් යාමනය කරගන්නට හැකියාවක් තිබේ නම්, දේහ බර නිවැරදිව පවත්වාගන්නට පුළුවන්නම්, ආහාරපාන ඔබේ වකුගඩුවලට හානි නොවන ආකාරයට පවත්වා ගැනීමට හැකියාවක් තිබේ නම්, ඔබේ වකුගඩුවලට නිවැරදිව විවේකයක් ලබා දෙන්න පුළුවන්නම්, ඔබේ වකුගඩු ආරක්ෂා කර ගැනීමට ඔබටම හැකියාවක් තියෙනවා.

ඒ වගේම අපේ සමාජයේ ඉතා වැරදි මතයක් තියෙනවා දියවැඩියාව සඳහා පාවිච්චි කරන ඖෂධ නිසා වකුගඩු සවුත්තු වෙනවා කියලා. ඒත් ඇත්ත කතාව වකුගඩුවල ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වුණාට පස්සේ මෙට්ෆොමින් වගේ ඖෂධවල අන්ත පලයන් දේහයෙන් ඉවත් කර ගැනීමට හැකියාවක් නොමැතිවීම නිසා වෛද්‍යවරුන් විසින් එවැනි අවස්ථාවක මෙට්ෆොමින් වගේ ඖෂධ නතර කරනවා. ඉතින් ඒ නිසා බොහෝ දෙනෙක් හිතනවා මෙට්වමින් නිසා වකුගඩුවට හානි වෙනවා. ඒ නිසා මේ මෙට්ෆොමින් වගේ ඖෂධ නතර කරනවා කියලා. නමුත් ඇත්ත කතාව ඒක නෙමෙයි. ඇත්තම කතාව තියෙන්නේ ඔයා මෙට්ෆොමින් බිව්වත් මොන ආකාරයේ බෙහෙත් බිව්වත් ඔයාගේ රුධිරයේ සීනි මට්ටම හරියට පවත්වාගෙන නෑ. ඒවගේම ඔයාගේ රුධිර පීඩනය හරියට පවත්වාගෙන නෑ. ඒවගේම ඔයාගේ වකුගඩු වලට හානි වන ආහාර පාන ඔයා නවත්තලා නෑ, ඒවගේම ඔයාගේ වකුගඩුවලට හිතකරවන ආකාරයේ ආහාර රටාවකට ඔයා යොමු වෙලා නෑ... ඒවගේම ඔයාගේ ශරීරයට අවශ්‍ය විවේකය ඔයා හරියට දීල නෑ. ඒවා හරියට දුන්නේ නැත්නම් ඉක්මනින්ම වකුගඩුව ලෙඩ වෙනවා. ඒ ක නවත්තන්න බෙහෙත් පෙත්තකට බෑ..... ඒ නිස වකුගඩු විනාශයට පත් වෙනවා. ඉතින් අන්න ඒ නිසයි කියන්නේ. ඔබ අනිවාර්යයෙන්ම ඔබගේ වකුගඩු ගැන විශේෂ අවධානයක් යොමු කරලා කටයුතු කරන්න ඕන කියලා

විශේෂයෙන්ම ඔබ ,දැනටමත් CKD තිබෙන පුද්ගලයෙකු නම් වකුගඩු ක්‍රියාකාරිත්වය අඩුවවෙලා තියෙන නිසා protein අවශ්‍යතාවය ඔබේ ශරීරයට ගැලපෙන ආකාරයට සකස්කර් ගැනීම අත්‍යවශ්‍ය වෙනවා, ඒ විතරක් නෙමෙයි ඔබේ වකුගඩු ගැටලුවට හේතුව මොකක්ද ? ඔබේ පරීක්ෂණ වාර්තාවල තත්ත්නවය මොකක්ද? රුධිරයේ පොටෑසියම් මට්ටම , සීරම් ක්‍රියේටිමින් ප්‍රමාණය වගේ දේවල් පවතින්නේ කෙසේද යන කාරණා අනුව ඔබේ ආහාර රටාව වෙනස් කරන්න සිද්ධ වෙනවා . එවිට හොඳම දේ තමයි පෝෂණවේදියෙකු හමු වෙලා උපදෙස් ලබා ගන්න එක, එහෙම කලාම ඔබේ ශරීරය දැනට තිබෙන තත්ත්වය හඳුනා ගන්න ඒ තත්ත්වය ගැටළු සහගත නම් ඒවා ඉක්මනින්ම වෙනස් කරගන්න පුලුවන් වෙනවා.. ලෙඩක් වෙලා පෝෂණවේදියකු හමුවෙනවා වෙනුවට අවුරුද්දකට සැරයක් හෝ පෝෂණවේදියෙකු හමුවෙලා ඔබේ ශරීර සෞඛ්‍යය යන දිශානතිය හදුනගෙන , වෙනස් කරගන්න ඔබට පුළුවන්නම් ඔබේ ජීවිතය සතුටින් ගත කරන්න පුළුවන් වෙනවා

ඊලගට තවත් බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නයක් තමා CKD තියෙන කෙනෙක් විටමින් වර්ග ගත්තම වකුගඩු තවත් දුර්වල වෙන්න ඒක හේතු වෙනවා කියන මිත්‍යාව. ඇත්තටම මේක සම්පූර්ණයෙන්ම නිවැරදි නෑ.සමහර අවස්ථාවල CKD තියෙන පුද්ගලයන්ට විටමින් වර්ග ලබා ගන්න උපදෙස් ලබා දෙනවා. උදාහරණයක් විදිහට, සමහර රෝගීන්ගේ vitamin D metabolism එක වෙනස් වෙන්න පුලුවන්. ඒ නිසා ඒ වගේ රෝගීන්ට වෛද්‍ය උපදෙස් මත vitamin D හෝ one alpha වගෙ active vitamin D analogues ලබා දෙනවා. නමුත් තමන්ගේ කැමැත්තට කිසිම සප්ලිමන්ට් එකක් ගන්න එක සුදුසු නැහැ මොකද එම ඔබ ලබා ගන්න සප්ලිමන්ට් එකේ තියෙන සංඝටක ගැනීම හොඳ අවබෝධයකින් තොරව එව ලබා ගැනීම නිසා වකුගඩුවලට තව තවත් හානි සිද්ධ වෙන්න පුළුවන්.

මේ නිසා ඔයා හොදින්ම මතක තියා ගන්න ඕනි ,Kidney function එක අඩුවෙලා තියෙනවා නම්, මුලින්ම කරන්න ඕනි ඒකට හේතුව හඳුනාගෙන වෛද්‍ය ප්‍රතිකාර සහ නිවැරදි ආහාර පාලනය කරමයකට යොමු වෙන එක විතරයි , මම ආයෙත් මතක් කරනව දන්නෙ න්ති සප්ලිමන්ට් වරග ගන්න හෝ එක එක පොතු කෑලි , මල් , මුල තම්බලා බොන්න යන්න එප... ඒකෙන් වකුගඩු වලට permanent damage එකක් වෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා....

CKD ඇති කෙනෙකුට අවශ්‍ය නම් supplement එකක් වෛද්‍යවරයා හරි පෝෂණවේදියෙකු හරි නිර්දේශ කළොත් භාවිත කරන්න පුලුවන්.උදාහරණයක් විදියට සමහර රෝගීන්ට,iron, folate, B කාණ්ඩයේ විටමින වර්ග නිර්දේශ කරන්න අවස්තා තියෙනව , ඒ සියල්ල සිදු කරන්නෙ , පරීක්ෂණ මත පදනම් වෙලා විතරයි .

එනිසා අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔබට ලෙඩක් තිබුනත් නැතත්, ඔබ අනිවාර්යයෙන්ම ඔබේ වකුගඩු ගැන අවධානයෙන් ඉන්න ඕනේ , වාර්ෂිකව සිදු කරන පරීක්‍ෂණ ගොන්නට වකුගඩු පිළිබඳව සොයා බැලීම අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ, ඒවගේම ඔබගේ ජීවන රටාව හා ඔබේ ආහාර රටාව ගැන සෑහීමකට පත් වෙන්න බැරිනම් , ඒ වගේම වකුගඩු රෝග සහිත පවුලේ ඥාතීන් සිටිනවනම් ඔබේ ජීවන රටාව සකස් කරගැනීම, ආහාර රටාව සකස් කර ගැනීම අනිවාර්යෙන් කළ යුතු වෙනවා. ඒ සඳහා පෝෂණවේදියෙකු හමු වී ඔබේ ශරීරය දැනට තිබෙන තත්ත්වයට අනුකූලව ආහාර රටාවකට යොමුවීම, ජීවන රටාව ක්‍රමානුකූලව වෙනස් කිරීම හා අත්‍යවශ්‍ය පෝෂකයන් සප්ලිමන්ට් විදිහට හෝ ලබා ගැනීම තුළින් ඔබට ඔබේ අපේ ශරීරය නිවැරදි දිශානතියට යොමු කරගන්න පුළුවන්.

මේ ලිපිය බලලා ඔයා දැන ගත්ත මේ වැදගත් තොරතුරු තවත් කෙනෙක් දැනගන්නවට කැමති නම් ඔයාට පුලුවන් මේ ලිපිය ශෙයාර් කරන්න.ඒ වගේම මේ සම්බන්ධයෙන් ඔයාට තවත් ගැටළු තියෙනවම්, එහෙමත් නැත්තම් ඔයාලගේ වටිනා අදහස් පහළින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.

හැමදාමත් ඔබට සුවැත් දිවියක් ප්‍රාර්ථනා කරන අපි නියුට්‍රී ඉන්ෆෝ.......................

අපේ හදවත නිරෝගී කරන, තරුණ බව රකින පුංචි මැජික් එකඉතාම අඩු මුදලකට ගන්න පුලුවන්, පුංචිම පුංචි ඇට වර්ගයකට   cholesterol පාල...
10/08/2026

අපේ හදවත නිරෝගී කරන, තරුණ බව රකින පුංචි මැජික් එක

ඉතාම අඩු මුදලකට ගන්න පුලුවන්, පුංචිම පුංචි ඇට වර්ගයකට cholesterol පාලනය කරන්න , හදවත සුරකින්න , බර අඩුකරන්න , දියවැඩියාව පාලනය කරන්න, පිළිකා නසන්න, ආර්ථව ප්‍රශ්න නැති කරන්න , මලබද්ධය අඩු කරන්න වගේ අද සමාජයේ තියෙන බොහෝ සෞඛ්‍ය ප්‍රශ්න නැති කරන්න පුලුවන් වෙන්ව කියල වෛද්‍ය විද්‍යාවෙන්ම තහහුරු කරල තියෙනවා කියලා කිව්වොත් ඔයා පුදුමයට පත්වෙයි නේද ?.... ඔව් ඇත්තටම එහෙම විශ්මිත ඇට වර්ගයක් තියෙනවා.අපි අද මේ ලිපියෙන් මේ ඇට වර්ගය ගැන ඔයා දැනගෙන ඉන්න ඕන සියල්ල ගැන කතා කරන්නයි යන්නෙ , ඉතින් රැඳෙන්න මේ වටිනා ලිපියෙ අන්තිම තෙක්......

ඇත්තටම Flaxseed කියන්නේ ශාකයෙන් ලබාගන්නා බීජයක්. හණ ඇට කුඩා වුණත් එහි පෝෂණ සංයුතිය ඉතාමත් වැදගත්.විශේෂයෙන්ම හන ඇටවල,Omega-3 මේද අම්ල, ශාක ප්‍රෝටීන, Dietary fiber,Magnesium වැනි ඛනිජ වර්ග වගේම Lignans වගේ ශාක සංයෝග ත් අඩංගු වෙලා තියෙනවා

ඒ නිසා හණ ඇට කියන්නේ සාමාන්‍යයෙන් අපේ ආහාරයට කුඩා ප්‍රමාණයකින් එකතු කරගත්තත්, ඉතා ඉහල පෝෂකයන් සපයන ඉතා පෝෂදායි , ඒ නිසාම හන ඇට superfood එකක් කියලා හදුන්න පුලුවන්...

හණ ඇට වල තියෙන වැදගත්ම පෝෂකයක් තමයි Omega-3 fatty acid කියන්නෙ.

හැබැයි මෙතන පොඩි විශේෂත්වයක් තියෙනවා, මාළු වලින් ගන්න Omega-3 fatty acid වල තියෙන්නෙ EPA සහ DHA කියන Omega-3 fatty acid වර්ග ,හැබැයි හණ ඇටවල ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ ALA ( alpha-linolenic acid ) කියන මේද අම්ලය. එය අපේ ශරීරයට අත්‍යවශ්‍ය සංඝටකයක් වෙනවා වගේම, ALA අපේ ශරීරය තුල දී EPA සහ DHA බවට පවා පරිවර්තනය වෙනවා
ඒ නිසා අපිට ශාක ආහාරවලින් Omega-3 ලබාගන්න කැමති අයට හණ ඇට ඉතා හොඳ ආහාරයක් ලෙස හදුන්වන්න පුලුවන්.

ඒ විතරක් නෙමෙයි හණ ඇටවල තියෙන fiber, ALA සහ lignans වැනි සංයෝග අපේ හෘද සෞඛ්‍යය නීරෝගීව පවත්ව ගන්න උදවු වෙනවා කියලා බොහෝ පර්යේෂණ වාර්තා පෙන්වා දීල තියෙනවා.

විශේෂයෙන්ම හණ ඇට ආහාරයට එකතු කිරීමෙන් අපේ රුධිරයේ LDL cholesterol, එහෙමත් නැත්නම් අපි සාමාන්‍යයෙන් “නරක cholesterol” කියලා හඳුන්වන cholesterol මට්ටම අඩු කිරීමට උදව් විය හැකි බව පර්යේෂණවලින් පෙන්වා දී තිබෙනවා..
ඒ නිසා අපේ දිනපතා සමබර ආහාර වේලට හණ ඇට එකතු කිරීම අපේ නරක cholesterol පාලනයටත් උදව් වෙනවා.

ඊලගට බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නයක් තමා මලබද්ධය කියන්නෙ. මලබද්ධය කියන්නේ දීර්ඝ කාලීනව අපිට පිලිකා වගේ දරුණු රෝග තත්වයන් පවා ඇති කරන්න හේතුවන තත්වයක්. ඇත්තටම මේක නම් හණ ඇටවල ප්‍රධානම ප්‍රයෝජනයක් කියලා හදුන්වන්න පුලුවන්.හණ ඇටවල soluble fiber සහ insoluble fiber කියන දෙවර්ගයටම අයත් තන්තු තියෙනවා.මේ තන්තු කියන්නේ අපේ ආහාර ජීර්ණ පද්ධතියේ සෞඛ්‍යයට ඉතාමත් වැදගත් දෙයක්.හණ ඇට ආහාරයට එකතු කිරීමෙන්,මලපහ ප්‍රමාණය වැඩි කරනවා එමෙන්ම මලපහ මෘදු කිරීමට උදව් වෙනවා, එ වගේම bowel movement එක පහසු කරන්නත් හේතුවෙනවා .ඒ නිසා මලබද්ධය තියෙන අයට හණ ඇට ඉතාමත් ප්‍රයෝජනවත්. හැබැයි ඔබ ලබ ගන්න fiber ප්‍රමණය වැඩි කරනකොට , ඔබට ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්නත් අමතක කරන්න එපා. හරියට ජල පානය කලේ නැත්නම් උදර අපහසුතා ඇති වෙන්න පුළුවන්.

හණ ඇටවල fiber තියෙන නිසා ආහාරයේ පිශ්ඨය ජීර්ණය සහ absorption ක්‍රියාවලියට බලපෑමක් ඇති කරනවා.ඒ නිසා හණ ඇට ආහාරයට එකතු කිරීම තුලින් රුධිරයේ සීනි මට්ටම (blood glucose control) පාලනය කරගන්නත් ඉතාම පහසු වෙනවා .හැබැයි හණ ඇට කියන්නේ දියවැඩියාවට ගන්න බෙහෙත් වලට ආදේශකයක් කියලා නම් හිතන්න එපා!

ඔව් ඔයා හිතුව හරි මේ නිසා අපට හන ඇට, අපේ බර අඩු කරගන්නත් උදව් කරගන්න පුළුවන් , හණ ඇටවල fiber සහ හිතකර මේදය තියෙන නිසා, ආහාරයෙන් තෘප්තිමත් වීම (satiety) ඉක්මනින්ම ඇති කිරීමට උදව් වෙනව .එමඟින් නිතර නිතර කෑමට ඇති රුචිකත්වය අඩු වෙනවා .නමුත් මෙතන ඉතාම වැදගත් දෙයක් තියෙනවා.හණ ඇට කියන්නේ fat-burning food එකක් කියල හිතන්න එපා නිකම්ම හණ ඇට කෑවා කියල කවදවත් බරඩු වෙන්නෙ නෑ

බර අඩු කරගන්න නම් ,ඔබ ලබාගන්නා මුළු කැලරි ප්‍රමාණය, ආහාරයේ ගුණාත්මකභාවය, physical activity සහ නින්ද වගේ සියල්ලම බලපානවා . ඒ නිසා හණ ඇට සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවේ එක කොටසක් බවට පත් කර ගන්න එක තමයි හොදම ක්‍රමය වෙන්නෙ.

ඒ විතරක් නෙවෙයි හණ ඇට අපේ තරුණ පෙනුම රැක ගන්න උදව් කරන්නේ කොහොමද කියලත් අපි ඔයාට කියල දෙන්නම් ...

හණ ඇටවල තියෙන තවත් විශේෂ සංයෝගයක් තමයි lignans.Lignans කියන්නේ ශාකවල ස්වභාවිකව තිබෙන polyphenol වර්ගයේ සංයෝගක්. .මේවා antioxidant එහෙමත් නැත්තම් ප්‍රති ඔක්සිකාරක විදිහට ක්‍රියා කරල අපේ දේහ සෛල වයසට යන එක වලක්වනවා ඒ නිසා තරුණ බව රැක ගන්න පහසු වෙනවා

හන ඇට ආහාරයට ගන්නවා වගේම පිටතින් ආලේප කරලත් අපේ සම,හිස කෙස් නීරෝගීව පවත්ව ගන්න පුලුවන් කියලා ඔයාලා දන්නවද? හන ඇට වතුර එක්ක උනු කරනකොට ජෙල් එකක් බවට පත් වේගෙන එනවා.මේ ජෙල් එක හැදීගෙන එනකොටම අපිට පුලුවන් මේක ලිපෙන් අයින් කරලා නිවෙන්න ඇරලා අපේ හිස කෙස්වල වගේම මුහුණේ ආලේප කරන්න.එමගින් අපිට නීරෝගී කෙස් කලඹක් ලබා ගන්න පුපුවන්.හන ඇට ජෙල් එක මුහුණේ ආලේප කිරීමෙන් කුරුලෑවලින් තොර දීප්තිමත් පෙනුමත් ලබා ගන්නත් පුලුවන්.

අපි දැන් බලමු මේ ප්‍රෙයා්ජන ලබා ගන්න නම් දිනකට කොච්චර හණ ඇට ප්‍රමාණයක් ආහාරයට එකතු කර ගන්න ඕනිද කියලා,

සාමාන්‍යයෙන් වැඩිහිටියෙකුට දිනකට මේස හැඳි 1–2ක් පමණ ප්‍රමාණ්‍යක් , ඒ කියන්නෙ ආසන්න වශයෙන් 7–14 g හණ ඇට ආහාරයට එකතු කරගන්න පුළුවන්.නමුත් මුලින්ම වැඩි ප්‍රමාණයක් ගන්න අවශ්‍ය නැහැ.කුඩා ප්‍රමාණයකින් පටන්ගෙන ක්‍රමයෙන් වැඩි කරන එක තමයි වඩාත් හොඳ , විශේෂයෙන් එලවලු, පලතුරු, මැල්ලුම් වර්ග වගේ fiber බහුල ආහාර අඩු ආහාර රටාවක් තිබුණු කෙනෙක් නම් එකවර වැඩිපුර හණ ඇට කෑවොත්,බඩේ ගෑස් ඇති වීම,බඩ පිපීම, බඩේ වේදනාව වගේ ගැටලු ඇති වෙන්න පුළුවන්.

හණ ඇටවල පිටත පොත්ත ගොඩක් ඝනකම්.ඒ නිසා සම්පූර්ණයෙන්ම කෑවාම මේ බාහිර ආවරණය නිසා සම්පූර්ණයෙන් ජීර්ණය නොවී ශරීරයෙන් පිටවෙන්න පුළුවන්.ඒ නිසා ground flaxseed, එහෙමත් නැත්නම් කුඩු කළ හණ ඇට භාවිතා කිරීමෙන් එහි පෝෂක ලබාගැනීම හොදම ක්‍රමය කියලා හදුන්වන්න පුලුවන්.

ඔයාට හණ ඇට කුඩු කරලා,oats වලට,කිරි වලට , කැඳ වලට,yogurt වලට,smoothie එකකට වගේම salad එකකට උඩින් sprinkle කරන්නත් පුළුවන්.

ඒ වගේම හැමෝටම හණ ඇට සුදුසුද කියන එකත් ඔයා අනිවාරෙන්ම දැනගන්න ඕන ?

හණ ඇට සාමාන්‍ය ආහාර ප්‍රමාණවලින්ලබා ගන්න එක බොහෝ දෙනෙකුට ආරක්ෂිතයි.ඒත් විශාල ප්‍රමාණයක් එකවර ගැනීමෙන් digestive problems ඇති වෙන්න පුලුවන්.ඒ වගේම fiber වැඩි නිසා ප්‍රමාණවත් තරම් වතුර පානය නොකිරීම නිසාත් ගැටලු ඇති වෙන්න පුළුවන්

මීට අමතරව , ඔබ aspirin, warfarin, clopidogrel වගේ , රුධිර පීඩනය හා ඝනත්වය අඩු කරන ඖෂධ හෝ දියවැඩියාව සදහා ලබා ගන්නවනම් නම්, විශාල ප්‍රමාණවලින් flaxseed ගැනීමට කලින් අනිවාරෙන්ම ඔබේ පෝෂණවේදියාගේ උපදෙස් ලබාගන්න අමතක කරන්න එපා.

ඒ වගේම තවත් විශේෂ දෙයක් තමයි, හණ ඇටවල තියෙන fat නිසා ඒවා කාලයක් තියා ගන්න කොට මුඩු වෙන්න පුළුවන් ඒ නිසා විශේෂයෙන්ම කුඩු කරන ලද හඬට පාවිච්චි කරනවනම් airtight container එකක දාලා ශීතකරණයේ ගබඩා කිරීමතමයි හොඳ ක්‍රමය වෙන්නෙ.

ඔයා දැන ගත්ත මේ වැදගත් තොරතුරු තවත් කෙනෙක් දැනගන්නවට කැමති නම් ඔයාට පුලුවන් මේ ලිපිය ශෙයාර් කරන්න.ඒ වගේම මේ සම්බන්ධයෙන් ඔයාට තියෙන ගැටළු, වටිනා අදහස් පහළින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.

හැමදාමත් ඔබට සුවැත් දිවියක් ප්‍රාර්ථනා කරන අපි නියුට්‍රී ඉන්ෆෝ.......................

Address

No. 128 De. S Jayasinghe Mawatha
Colombo

Alerts

Be the first to know and let us send you an email when NuTri InFo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NuTri InFo:

Shortcuts

Share

Category