07/07/2026
ඩෙංගු ගැන වැරදි මත
බටහිර වෛද්‍ය විද්‍යාවේ ක්ෂණිකව ප්ලේට්ලට් වැඩිකර ගැනීමට ඖෂධ ඇත/ප්ලේට්ලට් පාරවිලයනය කළහැක.
ඒත් ඩෙංගුවලින් මියයන්නේ ප්ලේට්ලට් අඩුවීම නිසා ම නොවෙයි.
එම නිසා කොළ මිරිකා,ගෙඩි තම්බා ප්ලේට්ලට් වැඩිකරගන්න උත්සාහ කිරීම මරණයට අතවැනීමකි.
අයුර්‌වේද වෛද්‍ය සභාවද පිළිනොගත් අනේක විද ප්‍රතිකාර ක්‍රම ගැන වෛද්‍ය නොවන හොරු මේ දිනවල ප්‍රචාරය කරති.
රැවටෙන නොරැවටෙන එක ඔබගේ අයිතියකී.
මේ කියන අය ප්‍රතිකාර සදහා රෝගීන් තමාගේ රෝහලකට ඇතුලත් කරගන්නේ ද නැත. ඩෙංගු මරණවලට ඔහුන් වගකියන්නේ ද නැත.
ප්‍රමාදවී රෝහල් ගතවූ විට සංකූලතා නිසා මරණයට පත්වුවහොත් එහි වගකීම පවා ගැනීමට සිදුවන්නේ ද රෝහලට/ආණ්ඩුවට ම පමණි.
එම නිසා ඔබටව් උණ නම්, සුදුසුකම් ඇති වෛද්‍ය වරයකු ගෙන් හෝ රජයේ රෝහලකින් පමණක් උපදෙස්/ප්‍රතිකාර ගන්න.
උපුටා ගැනීමකි