SL Public Health

Directions

SL Public Health Public Health මහජන සෞඛ්‍ය

 #ලීෂ්මානියාසිස්
18/08/2026

#ලීෂ්මානියාසිස්

🦟 ලීෂ්මානියාසිස් (Leishmaniasis) ගැන ඔබ දැනගත යුතු සියල්ල නාඋල ,දඹුල්ල ,ගලේවෙල වැනි ප්‍රදේශ වල බහුලවම වාර්තාවේසමේ ඇතිවන ...
18/08/2026

🦟 ලීෂ්මානියාසිස් (Leishmaniasis) ගැන ඔබ දැනගත යුතු සියල්ල
නාඋල ,දඹුල්ල ,ගලේවෙල වැනි ප්‍රදේශ වල බහුලවම වාර්තාවේ

සමේ ඇතිවන කුඩා ගැටිත්තක් හෝ සුව නොවන තුවාලයක් නිසා “මේක සාමාන්‍ය තුවාලයක්” කියලා නොසලකා හරින්න එපා.

එවැනි තුවාලයක් පිටුපස ලීෂ්මානියාසිස් නම් පරපෝෂිත රෝගයක් තිබිය හැක.

🦠 ලීෂ්මානියාසිස් කියන්නේ මොකක්ද?

ලීෂ්මානියාසිස් යනු Leishmania නම් පරපෝෂිතයා නිසා ඇතිවන රෝගයකි.

ශ්‍රී ලංකාවේ බහුලව හඳුනාගන්නේ සමේ ලීෂ්මානියාසිස් (Cutaneous Leishmaniasis) ය.

🦟 රෝගය පැතිරෙන්නේ කොහොමද?

ආසාදිත වැලි මැස්සෙකු (sand fly) මිනිසෙකු දෂ්ට කිරීමේදී පරපෝෂිතයා ශරීරයට ඇතුළු විය හැක.

👉 ඒ නිසා මෙය සාමාන්‍ය මදුරු දෂ්ටයකින් ඇතිවන රෝගයක් ලෙස නොසිතන්න.

🔍 රෝග ලක්ෂණ මොනවාද?

🔹 සමේ මුල් වෙනස්වීම්
• කුඩා ගැටිත්තක් හෝ ඉදිමීමක්
• සමේ කුඩා වෙනස්වීමක්
• සමේ වර්ණය වෙනස් වීම

🔹 තුවාලයක් බවට පත්වීම
• තුවාලය ක්‍රමයෙන් විශාල විය හැක
• මැද කොටස තුවාලයක්/පැල්ලමක් ලෙස පෙනිය හැක
• සති හෝ මාස ගණනක් සුව නොවී පැවතිය හැක

🔹 වේදනාව සහ කැසීම
• සමහර පුද්ගලයන්ට වේදනාව හෝ කැසීම ඇතිවිය හැක නමුත් ලංකාවේ බහුලවම වාර්තා වන්නේ වේදනා රහිත බිබිලි වැනි රෝගී තත්වයකි.

⚠️ වැදගත්: මෙවැනි ලක්ෂණ තිබීමෙන් පමණක් ලීෂ්මානියාසිස් බව තීරණය කළ නොහැක. වෙනත් සමේ රෝගද මෙවැනි ආකාරයට පෙනිය හැක.

🩺 සැකයක් තිබුණොත් මොකද කරන්නේ?

දිගු කාලයක් සුව නොවන සමේ තුවාලයක් හෝ සැක සහිත සමේ වෙනස්වීමක් තිබේ නම්
ලගම තිබෙන රෝහලේ සමේ රෝග සායනට යන්න

❌ තමන්ම ක්‍රීම්, ප්‍රතිජීවක හෝ වෙනත් ඖෂධ භාවිතා කරමින් තුවාලය වසා දැමීමට උත්සාහ නොකරන්න.

🛡️ වළක්වාගන්නේ කොහොමද?

🦟 වැලි මැස්සන්ගෙන් දෂ්ට වීම අවම කරගැනීම වැදගත්.

✅ ශරීරය ආවරණය වන ඇඳුම් අඳින්න මොවුන්ට මදුරුවන් මෙන් ඇඳුම් සිදුරු කරන් යන ලෙස දෂ්ඨ කිරීම අපහසුය.
✅ අවශ්‍ය විට සුදුසු කෘමි විකර්ෂක භාවිතා කරන්න.
✅ නිවස සහ අවට පරිසරය පිරිසිදුව තබාගන්න.
✅ සුව නොවන සමේ තුවාල නොසලකා හරින්න එපා.

❤️ මතක තබාගන්න…

“කුඩා තුවාලයක් වුණත්, දිගටම සුව නොවන්නේ නම් සොයා බලන්න.”

ලීෂ්මානියාසිස් ගැන නිවැරදි දැනුවත්භාවය ඇති කරගැනීමෙන් රෝගය ඉක්මනින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබාගැනීමට හැකියාව ලැබේ.

📢 ඔබ දැනුවත් වන්න.
ඔබේ පවුලේ අය දැනුවත් කරන්න.
මෙම පණිවිඩය තවත් කෙනෙකුට Share කරන්න.

#ලීෂ්මානියාසිස් #සෞඛ්‍ය_දැනුවත්භාවය

17/08/2026

13/08/2026

ඇති වු තාක්ෂණික ගැටලුවක් මත අප ආයතනය නව පිටුවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත එය මෙම පිටුව මගින් ඉදිරියේදී දැනුම් දෙන අතර ,...
13/08/2026

ඇති වු තාක්ෂණික ගැටලුවක් මත අප ආයතනය නව පිටුවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත එය මෙම පිටුව මගින් ඉදිරියේදී දැනුම් දෙන අතර ,වෙනත් නමකින් ඔබට අවශ්‍ය මහජන සෞඛ්‍ය තොරතුරු මෙම පිටුවේ පලකරන බව සතුටින් දැනුම් දෙමි

16/06/2026

Celebrating my 5th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

03/05/2026

Address

Kandy
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when SL Public Health posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share