Two Hearts AA

Two Hearts AA Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Two Hearts AA, Kandy, Badulla.

12/08/2026

🥺😔
#හිතේවේදනාව

ඔව්… මං ටිකක් මුරණ්ඩුයි තමයි.ඒත් මගේ හිත රිදෙන්න කලින්, ගොඩක් දේවල් ඉවසලා ඉන්නවා.මං හැමදේටම එකපාරටම තරහා ගන්න කෙනෙක් නෙව...
11/08/2026

ඔව්… මං ටිකක් මුරණ්ඩුයි තමයි.
ඒත් මගේ හිත රිදෙන්න කලින්, ගොඩක් දේවල් ඉවසලා ඉන්නවා.

මං හැමදේටම එකපාරටම තරහා ගන්න කෙනෙක් නෙවෙයි…

පුංචි දේවල් බොහෝ වෙලාවට නොදැක්කා වගේ ඉන්නවා…

රිදුණත් ඒක කියන්නෙ නැතුව ඉන්නවා…

වෙනස්කම් දැනුණත්,

“සමහරවිට මටම එහෙම හිතෙනවද දන්නෙ නෑ…” කියලා හිත හදාගන්නවා…

මං ආදරේ කරන කෙනෙක් වෙනුවෙන්,

හිතට බර වෙන දේවල් වුණත් ගොඩක් වෙලාවට ඉවසලා ඉන්නවා…

ඒත්…

ඉවසනවා කියන්නෙ කිසිම දෙයක් දැනෙන්නෙ නෑ කියන එක නෙවෙයි.

නිහඬයි කියන්නෙ රිදෙන්නෙ නෑ කියන එකත් නෙවෙයි.

සමහර වෙලාවට මං කතා නොකර ඉන්නෙ,

කියන්න දෙයක් නැති නිසා නෙවෙයි…

කියන්න ගියොත්,

හිතේ තියාගෙන ඉන්න හැමදේම එළියට එයි කියලා බය නිසා…

ඒ නිසා මං ඉවසනවා…

තේරුම් ගන්න try කරනවා…

අවස්ථා දෙනවා…

නැවත නැවතත් හිත හදාගන්නවා…

ඒත් මගේ ඉවසීමත් දැන් ඉවර වෙන්න ලඟයි…

මං රණ්ඩු වෙන්නෙත් නෑ…

දොස් කියන්නෙත් නෑ…

පැහැදිලි කිරීම් ඉල්ලන්නෙත් නෑ…

නිහඬවම ඈත් වෙනවා.

මොකද…

මුරණ්ඩු මං වුණත්,
මගේ හිතට සීමාවක් තියෙනවා.

ඒ සීමාව පනින්න කලින්,

මං කෙනෙක්ට දරාගන්න පුළුවන් තරම් දේවල් දරාගෙන ඉවරයි.
🥺❤️‍🩹🥀

Two Hearts AA

❤️මම ආයෙ ඔයාට ,msg දාන එකක් නෑ හැබැයි ;reply කරයි.Call ගන්න එකක් නෑ හැබැයි ;ඕන වෙලාවක answer කරයි.පරිස්සමින් කියලා කියන ...
10/08/2026

❤️

මම ආයෙ ඔයාට ,

msg දාන එකක් නෑ හැබැයි ;
reply කරයි.

Call ගන්න එකක් නෑ හැබැයි ;
ඕන වෙලාවක answer කරයි.

පරිස්සමින් කියලා කියන එකක් නෑ හැබැයි
පරිස්සම් කරලා දෙන්න කියලා ඉල්ලයි.

දොරක් වහලා තියනවා මිසක්
කවදාවත් දොර lock කරන එකක් නෑ!
Two Hearts AA
❤️

09/08/2026

දන්නවද මහත්තයෝ.
ඉස්සර කෝල් එකේ නිදාගත්ත අපි. අද වෙනකොට කොච්චර දුරස් වෙලාද? ඵැය ගනන් එලිවෙනකම් ක එකේ හුස්ම හඩ අහගෙන නිදාගත්ත මට අද ඒ කොල් එකක් එන්නේ නෑ. මම අහන්නෙත් නෑ. මොකද මම හොදයාකාරවම දන්නවා ඔයා මොකක් හරි කියලා ඒ කෝල් එක මග අරින බව 🥹🥺 Two Hearts AA

සුබ රාත්‍රියක් වේවා .🙏
07/08/2026

සුබ රාත්‍රියක් වේවා .🙏

සමහර වචන තුවාල වෙනවා. සමහර ක්‍රියා ජීවිතයක්ම වෙනස් කරනවා.ඒ නිසා කෙනෙකුට වචනයක් කියන්න කලින්, කෙනෙකුගේ හිත රිදවන්න කලින්,...
06/08/2026

සමහර වචන තුවාල වෙනවා. සමහර ක්‍රියා ජීවිතයක්ම වෙනස් කරනවා.

ඒ නිසා කෙනෙකුට වචනයක් කියන්න කලින්, කෙනෙකුගේ හිත රිදවන්න කලින්, එකම එක ප්‍රශ්නයක් ඔබෙන්ම අහන්න…

“මේ දේ මට කවුරුහරි කළොත්… මේ වචන මට කවුරුහරි කිව්වොත්… මගේ හිතට කොහොම දැනේවිද?”

අපි හැමෝම පේන්නේ නැති සටන් ගොඩක් එක්ක ජීවත් වෙන මිනිස්සු.

ඒ නිසා විනිශ්චය කරන්න කලින් තේරුම් ගන්න උත්සාහ කරන්න. රිදවන්න කලින් ආදරයෙන් කතා කරන්න.

ලෝකෙට තවත් දක්ෂ මිනිස්සු නෙවෙයි… තවත් ආදරණීය මිනිස්සු ඕන.
Two Hearts AA

05/08/2026

ඔයාගේ එයාවත් මෙන්ෂන් කරලා ශෙයා කරමු....

Good night all 😍🥺
03/08/2026

Good night all 😍🥺

Two Hearts AA Good night all 😍🙏
31/07/2026

Two Hearts AA Good night all 😍🙏

ඔයාට මතකද මඟුල් දවස ඉවර වෙලා එදා හවස එයාව ඔයාගේ ගෙදරට... ඒ කියන්නේ ඔයාගේ මහගෙදරට එක්කන් ආපු දවස?හිතන්න... එදා රෑ නිදාගෙන...
30/07/2026

ඔයාට මතකද මඟුල් දවස ඉවර වෙලා එදා හවස එයාව ඔයාගේ ගෙදරට... ඒ කියන්නේ ඔයාගේ මහගෙදරට එක්කන් ආපු දවස?

හිතන්න... එදා රෑ නිදාගෙන පහුවදා උදේ එයා ඇහැරෙන්නේ කොච්චර බයකින්ද කියලා ඔයා කවදාහරි හිතලා තියෙනවද?

අවුරුදු විස්සක් විසිපහක් තමන්ගේම කියලා හිතාගෙන හිටපු, ඇස් පියාගෙන වුනත් ඇවිදින්න පුළුවන් වුණු ඒ මහගෙදර නෙවෙයි දැන් එයා ඉන්නේ. උදේ නැගිට්ට ගමන් නිදහසේ "අම්මේ..." කියලා කෑගහන්න එයාට බෑ. මොකද එතන ඉන්නේ එයාගේ අම්මා නෙවෙයි, ඔයාගේ අම්මා. එයාට පුරුදු විදිහට නිදහසේ ඇඳේ පෙරළි පෙරළි ඉන්න බෑ. "අලුත් මනමාලි පරක්කු වෙලා නැගිටින්නේ" කියලා කවුරුහරි කියයි කියන බයට, එයාට නිදිමතේම කලබලෙන් ඇඳෙන් බහින්න වෙනවා.

කුස්සියට ගියාම එයාට දැනෙන්නේ හරියට අතරමං වුනා වගේ. ලුණු කුඩු ටික තියෙන්නේ කොහෙද, සීනි බෝතලේ තියෙන්නේ කොහෙද කියලා එයා දන්නේ නෑ. තමන්ගේ ගෙදර කුස්සියේ රජ කරපු ඒ කෙල්ල, ඔයාගේ ගෙදර කුස්සියේදී හරියට අසරණ වෙනවා. ඔයාගේ පවුලේ අයගේ කෑම රුචිකත්වයන් එයා දන්නේ නෑ. ඔයාගේ අම්මා උයන විදිහටම උයන්න බැරි වුනාම, "අපේ අම්මා හදනවා වගේ රහ නෑ" කියලා ඔයා කියද්දි, ඒ වචන ටික එයාගේ පපුවට කොච්චර තදින් වදිනවද කියලා ඔයා දන්නවද?

එයා දවස පුරාම හිනාවෙලා ඉන්නවා. ඔයාගේ නෑදෑයෝ එද්දි ඇවිත් කතා බහ කරලා හිතවත්ව ඉන්නවා. ඒත් ඒ හිනාව අස්සේ තියෙන තනිකම ඔයාට පේන්නේ නෑ. සමහරදාට කාටවත්ම නොපෙනෙන්න බාත්රූම් එකට වෙලා, ෂවර් එක ඇරගෙන එයා කොච්චර නම් අඬනවා ඇද්ද? අඬලා මුහුණ හෝදගෙන එළියට ඇවිත් ආයෙමත් මොකුත් වුනේ නෑ වගේ ඔයා ඉස්සරහා හිනාවෙලා ඉන්නවා.

තමන්ගේ අම්මා කෝල් කරලා "දුවේ කොහොමද?" කියලා අහද්දි, "අනේ මම හොඳින් අම්මේ, මෙහේ අය මට හරි ආදරෙයි" කියලා එයා බොරු කියන්නේ, අම්මගේ හිත ගිනි තියන්න බැරි කමට. තමන්ගේ දුක කියාගන්න, බය නැතුව තුරුල් වෙන්න දැන් එයාට තමන්ගේ අම්මා ළඟ නෑ.

අපි පිරිමි විදිහට හිතන්නේ "මගේ ගෙදර අයට එයා සලකන්න ඕනේ, මගේ නෑදෑයෝ එක්ක එයා හිනාවෙලා ඉන්න ඕනේ" කියලා විතරයි. ඒත් නුපුරුදු පරිසරයක, නුපුරුදු මිනිස්සු ගොඩක් මැද්දේ තමන්ගේම කියලා අල්ලගන්න තියෙන්නේ ඔයාගේ අත විතරයි කියලා එයා දන්නවා. ඒ අලුත් ගෙදර එයාගේ එකම හුස්ම ඔයා විතරයි.

ඉතින්, ගෙදර අය එක්ක පොඩි පොඩි ප්‍රශ්න එද්දි, එක පාරටම එයාට බනින්න එපා. "ඔයා අපේ පවුලට ගැලපෙන්නේ නෑ" කියලා කියන්න එපා. එයාට කාලයක් දෙන්න. ඒ නුපුරුදු බිත්තියට හේත්තු වෙලා හුස්ම ගන්න එයාට පුරුදු වෙනකම් එයාගේ තනියට ඉන්න.

මොකද, එයා ඒ මුළු අතීතයම අතෑරලා ඔයාගේ ලෝකෙට ආවේ, ඔයා ඒ ලෝකේ ඇතුලේ එයාට ආදරේ නමැති කිරුළ පළඳවයි කියන එකම විශ්වාසයට...!

(උපුටා ගැනිම මුල් අයිතිකරු සතුයි)


Two Hearts AA

Address

Kandy
Badulla
.

Website

Alerts

Be the first to know and let us send you an email when Two Hearts AA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share